විදුලි පේනු හා කෙවෙනි පිළිබඳ ජාතික ප්‍රමිතිය ගැන ඔබ දැනුවත්ද?
ශ්‍රී ලංකාව තුළ විවිධ වර්ගයේ විදුලි පේනු හා කෙවෙනි (plugs and sockets)භාවිත කිරීම හේතුවෙන් ඇතිවී තිබෙන ගැටලුකාරී තත්වයන්ට විසඳුම් ලබාදිමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ කොටු හැඩයේවිදුලි පේනු හා කෙවෙනි පමණක් ප්‍රමිතියක් ලෙස භාවිත කිරීමට නියමිතය. මෙය ජී වර්ගයේඇම්පියර් 13 කොටු හැඩයේකූරු සහ සිදුරු සහිත පේනු හා කෙවෙනි ලෙසද හැදින්වේ.
ශ්‍රී ලංකාව තුළ වර්තමානයේදී විදුලි පේනු වර්ග 60කට අධික ප්‍රමාණයක් භාවිතයට ගැනෙන අතර ඇතැම්විට එම පේනු ශ්‍රී ලංකාව තුළ භාවිත වන කෙවෙනි සඳහා සෘජුව සම්බන්ධ කිරීමට නොහැකිය.
.jpg)
එයට විසඳුම් ලෙසින් විදුලි පාරිභෝගිකයන් විවිධ වූ අනාරක්ෂිත ක්‍රම හරහා විදුලියට සම්බන්ධ කිරිමට කටයුතු කරයි.එහිදි ඔවුන්
1. ප්‍රමිතියෙන් තොර බහු විදුලි කෙවෙනි (Multi Plugs)
2. ප්‍රමිතියෙන් තොර විදුලි දිගු (Extension Codes)
3. අනාරක්ෂිත ලෙස රැහැන්කෙවෙනි තුළට කාවැද්දවීම
4. කෙවෙනි තුළ ඇති භූගත කූර (මිහිකාන්දු රැහැන) අවහිර කිරිම
වැනි අනතුරුදායක ක්‍රියා සඳහා පෙළෙඹී තිබේ. මේ හේතුවෙන් විවිධි විදුලි අනතුරු, ගිනි ගැනීම් නිසා ඇතිවන දේපළ හානි වැනි අනතුරු සඳහා මුහුණදීමට විදුලි පාරිභෝගිකයන්ට සිදුව ඇත.
මෙම ගැටලුමුල් කරගනිමින් ශ්‍රී ලංකාව තුළ විදුලි පේනු හා කෙවෙනි සඳහා ජාතික ප්‍රමිතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
නිෂ්පාදනය, ආනයනය හා විකිණීම
විද්‍යුත් උපකරණ හා උවාරණ නිෂ්පාදය කිරීමේදී හා ආනයනය කිරීමේදී මේ වසරේ අගෝස්තු මාසයේ සිට ඇම්පියර් 13 කොටු හැඩයේපේනුහා කෙවෙනි හැරෙන්නට වෙනත් වර්ගවල පේනු හා කෙවෙනි ආනයනය හෝ නිෂ්පාදනය තහනම් වෙයි.
එසේම ඒවා අලෙවි කිරීම 2018 වසරේ අගෝස්තු මාසයේ සිට තහනම් වේ.(මෙය ජංගම දුරකතන විදුලි ආරෝපකයන් සඳහාද අදාළය)
විදුලි දිගු නිෂ්පාදනය කිරීමේදී හා ආනයනය කිරීමේදී ඇම්පියර් 13 කෙවෙනි (පියුස්/පුළුසු සහිත) නිෂ්පාදනය හෝ ආනයනය කිරිම සිදුකළ යුතු අතර 2018 වසරේ අගෝස්තු මාසයේ සිට එසේ නොවන විදුලි දිගු අලෙවිය තහනම් වෙයි.
ඔබ දැනට භාවිත කරන 5A පේනු හා කෙවෙනි වෙනස් කිරිම අවශ්‍ය නොවේ. නමුත් යම් දිනක එම කෙවෙනි වෙනස් කිරීමට සිදුවූ විට වෙළඳපොළේ පවතින “6A Max” යනුවෙන් නම් වූ කෙවෙනි භාවිත කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි පාරිභෝගිකයන්ට පවසයි. (ඇමිපියර් 5 රවුම් කෙවනියකට ඔබ කිසිම අවස්ථවකදී ඇමිපියර් 13 කොටු හැඩයේ සෘජුකෝණාස්‍ර කෙවෙනියක් භාවිත නොකළ යුතුය)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

