මේක මහින්ද රාජපක්ෂගේ බූදලයකුත් නෙවෙයි, වික්‍රමසිංහගේ, මෛත්රීපාලගේ බූදලයකුත් නෙවෙයි
වර්තමානයේ දිවයිනේ ඇතැම් ස්ථානවල සිදුවන පුරාවස්තු සංහාරය සහ ජනතාවට ඇති පීඩනය පිළිබඳව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සකස් කර තිබේ.
බෝඩීම්කාරයන් වීම
අපි අවුරුදු ගණනාවක් තිස්සේ කලින් ආණ්ඩුවට, වර්තමාන ආණ්ඩුවට, වගකිවයුතු පාලකයන්ට, නිලධාරීන්ට, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට නිකන්ම නිකන් හිතලු විදියට නෙවෙයි සාක්ෂි සාධක සහිතව දිගින්දිගටම සැලකර සිටියා මේ මොහොත වෙද්දි මේ රට තුළ ගොඩනගමින් තිබෙන වහබ්වාදී අන්තවාදය පිළිබඳව.
නමුත් අවාසානාවකට මේ රටේ දේශපාලන ධාරාවේ ප්‍රධාන පක්ෂ කියලා භේදයක් නැතිව සියලුම දේශපාලන නායකයෝ බරපතළ මුලාවකට, රැවටීමකට ලක්වෙලා සුළු ජාතීන්ගේ ඡන්ද ගොඩ බලාගෙන ඇස්කන් පියාගෙන විශාල සංහාරයක් වනතුරු බලාගෙන ඉන්නවා. ඒක හරියට උදාහරණයක් විදියට කිව්වොත් මීතොටමුල්ලේ කුණුකන්ද වගෙයි. මිනිස් ජීවිත නැතිවුණා. පොළොව යට වැළළුණා. මුන් තාමත් එහෙට මෙහෙට බෝලය පාස් කරමින් ප්රශ්නය මගහරිනවා, උත්තරයක් නැහැ.
එක පාරට අඩි තුන්සීයක් විතර කුණු කන්ද ගොඩගැහුණෙ නැහැ. ටික ටික කුණු එකතු වෙලා තමයි මහා කුණු කන්දක් බවට පත්වුණේ. ඒ වගේම තමයි අපි මේ කතාකරන අන්තවාදී මූලධර්මවාදය පිළිබඳ ප්රශ්නය. වහාබ්වාදී අනතුර අද මේ රට දරුණු විදියට ගිලගනිමින් ඉන්නවා. අපි ප්‍රශ්න සාකච්ඡා කළ යුත්තේ හේතුඵලවාදී න්‍යාය අනුව. ඒක තමයි බෞද්ධ ක්‍රමය. ලෝකයේ සියලුම ආගමික දර්ශන ශාස්වතවාදයටත්, උච්ඡේදවාදයටත් අයිතියි. බුදුහාමුදුරුවන්ගේ ධර්මය මේ දෙක මැද්දෙන් හේතුඵලවාදීව ගොඩනගපු ධර්මයක්. හේතුවක් නැතිව ඵලයක් ඇතිවෙන්නෙ නැහැ.
රට පුරාම මේ අන්තවාදය විසින් මුදාහැර තියෙන ක්‍රියාකාරකම්වල ඵලය දිහා බලලා දඟලලා, කෑ ගහලා උද්ඝෝෂණ කරලා රණ්ඩුසරුවල් ඇතිකර ගැනීමෙන් ඵලක් නැහැ. අපි බලන්න ඕන මේ පිරිස මේ සාහසික ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ මොන හේතුවක් නිසාද කියලා. මේවා ගැන කතාකරන්නෙ නැතිව මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න බැහැ. මේ රටේ දේශපාලන බලාධිකාරයන්, පොලිස්පතිවරයා, ආරක්ෂාක අංශ ඇතුළු සියලුම පාර්ශ්වයන් වහාම මේ කරුණ කෙරෙහි අවධානය යොමුකරලා අපි සමග සාකච්ඡා කරන්න අවස්ථාවක් දිය යුතුයි. ඒ අයට අවුරුදු පහකට, හයකට බලය අරගෙන මේ රට කන්න දීලා නැහැ.
මේක මහින්ද රාජපක්ෂගේ බූදලයකුත් නෙවෙයි, වික්‍රමසිංහගේ, මෛත්රීපාලගේ බූදලයකුත් නෙවෙයි. මේක සිංහල බෞද්ධයන්ගේ රට. මුන් තාවකාලික භාරකරුවන් පමණයි කියලා තේරුම් ගන්න ඕන. අපට පේනවා අවුරුදු 69ක් තිස්සේ නිදහසින් පසුව මේරට ගෙනාපු තැන්.
අද මේ රටේ සිංහල මිනිස්සු බෝඩීම්කාරයො ගාණට දාලා ඓතිහාසික ජාතියේ තියෙන වත්කම්, අභිමානය පහත් තැනකට හෙළලා අද රටේ අයිතිකාරයෝ වගේ, ඒජන්තලා වගේ හාමුමහත්වරු වගේ ඉන්න සුළු පිරිසකගේ තර්ජනයට ලක්වෙලා ඉන්නවා. මේවාට අපි බියවිය යුතු නැහැ. අපි අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි. මේ ප්රශ්නය සාකච්ඡා කරගත යුතුයි. සිංහල බෞද්ධයන්ගේ රට සිංහල බෞද්ධ නූපන් දරු පැටවුන් වෙනුවෙන් ආරක්ෂා කරගත යුතුයි. ඒක අපේ ශුද්ධ වගකීමක්.
පාලකයන් නිවට වුණාට චීවරය පැලඳගත්ත අපි බය නැහැ
අද මේ රටේ එක පැත්තකින් මහින්ද පාර්ශ්වය අනිත් පැත්තෙන් ෙෙමත්‍රී, රනිල් වික්‍රමසිංහ යුගලය, අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ කියන දේශපාලන පක්ෂවලට ඉන්නවා අන්වාදීන්ගේ චක්ගෝලයෝ ටිකක්. අපි මොනවාහරි මේ අන්තවාදීන් විසින් මුදාහරින සාහසික කමක් හෙළිදරව් කළාට පස්සේ වටවෙලා ඉන්න හෙන්චයියෝ ටික ගිහින් කියනවා අනේ සර් බලන්නකෝ අදත් අර හාමුරුවෝ අපට ගහනවනේ කියලා.
අනේ ඉතිං සිංහල බෞද්ධ මහින්දගේ ගෝලයෝයි, ඒ දේශප්‍රේමියෝයි, රනිල් - මෛත්‍රී ගෝලයෝයි, ජේවිපී කාරයෝයි, එකතු වෙලා අපට ගහනවා. අන්තවාදයට නෙවෙයි පහර දෙන්නෙ. අපට ගහන්නේ. මොකද ඡන්ද ටිකට පෙරේතකමේ. ඒ නිසා මේ හැම නායකයෙක්ම දැනගන්න ඕන මේක නිකන් සෙල්ලමක් නෙවෙයි.
මේ පඩත්තර පාලකයෝ නිවට වුණාට චීවර ධාතුව පැලඳගත්ත අපට තෙරුවන්ට ජීවිතය පූජාකරලා තියෙන නිසා බයක් කියලා එකක් දැනෙන්නෙ නැහැ. මොකද තෙරුවන් වෙනුවෙන් අපි කැපවෙලා ඉන්නේ. අපි මේවා කතා කරන්නේ නිකම්ම නිකන් හිත්ලූ හැටියට නෙවෙයි. අධ්‍යයනය කරලා පර්යේෂණය කරලා කාලාන්තරයක් එක්ක ලද අත්දැකීම් එක්ක.
සංහිඳියාව බෞද්ධයන්ට පමණයි
දැන් සංහිඳියා බණ කියන චන්ද්‍රිකාත්, අලුත් ආණ්ඩුවේ සංහිඳියාව ගැන කතාකරන අයත්, සංහිඳියාව කියලා අලුත් කසායක් බීලා උණුහැළියේ නටන කකුළුවෝ වගේ මේක කියවනවා. බලන්න ඕන රටේ ඇතිවෙලා තියෙන සංහිඳියාව. උන්නැහේට බෑ පොළොන්නරුවේ වැට මායිම ආරක්ෂා කරන්න. ඒ වුණාට සංහිඳියාව. සංහිඳියාව රකින්න ඕන බෞද්ධයෝ විතරයි. ඒක නියම සංහිඳියාවක්. මේ රටේ අන්තවාදීන්ට, මූලධර්මවාදීන්ට ඕන සෙල්ලමක් දාන්න පුළුවන්.
ඒකට නිහඬව සිට මෙත් වඩමින් මුනිවත රැකීම සංහිඳියාව. අපි ඒවාට විරුද්ධව කතාකිරීම, ඒවා පෙන්වලා දීම ජාතිවාදය. මොකද්ද මේ විහිළුව. චන්ද්‍රිකා නෝනායි ,එන්.ජී.ඕ. නඩයයි අද බෞද්ධයන්ගේ අක්මුල් තමයි මේ සිඳමින් ඉන්නෙ. බෞද්ධයො තමයි විනාශ කරමින් ඉන්නෙ. බෞද්ධයන්ගේ ප්‍රශ්න සාකච්ඡා නොකර කොහොමද දෙයිහාමුදුරුවනේ මේ රටේ සංහිඳියාවක් හදන්නේ? බෞද්ධයන්ගේ දැවෙන තැවෙන ප්‍රශ්න ගැන අපිත් එක්ක සාකච්ඡා කරන්නෙ නැතිව, උන්දැලාට පුළුවන්ද මෙහේ සංහිඳියාව හදන්න.
අඳුරු සෙවණැලි
සාම්ප්‍රදායික ස්වදේශික මුස්ලිම් මිනිස්සු ඉතා වේගයෙන් සෞදියෙන් එන අසීමාන්තික මුදල් කන්දරාවත් එක්ක ගොඩනැගුණු ඉතාම දරුණු ගණයේ වහාබ්වාදයක හිරකරමින් ඉන්නවා. ඒ වහබ්වාදයේ අඳුරු සෙවණැලි ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත දින ඉඳලා තමයි ලංකාවේ මුස්ලිම් මිනිස්සු අපේ පුරාවස්තු වනසන්න, ඉතිහාසය වෙනස් කරන්න, අපිත් එක්ක එකට එක කරන්න හැප්පෙන්න ආවේ.
ප්‍රධාන පෙළේ ආයතන 10ක් තිබෙනවා මේ අන්තවාදය පතුරවන. නැගෙනහිර පළාතේ අද හදාගෙන යන ලොකුම විශ්වවිද්‍යාලය හදන්න අරමුදල් දෙන්නේ මේ අතර තිබෙන පදනමක්. මේ පදනමේ අරමුදල් යටතේ ලංකාව පුරාම සිංහල භාෂාවෙන් පොත් ගහලා බෙදාහැරලා තිබෙනවා. මේ වැඩ එකෙක්වත් දන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ.
නැගෙනහිර සිංහලයන්, බෞද්ධයන් අසරණයි
සිංහල ජනයා පදිංචිව සිටි ඉඩම් බලෙන් අල්ලගෙන ඉන්නවා. 1983 කළු ජුලියට කලින් එරාවුර්වල පවුල් 3,000ක් ඉඳලා තියෙනවා. ඒ සියලුම ලේඛන තියෙනවා. 1987 කොටි පැනලා එරාවුර්වල අපේ මිනිස්සු 57ක් මැරුවා. මේ ප්‍රහාරයෙන් හාමුදුරුවරු දෙන්නෙක් අපවත් වුණා. ඊට පස්සෙ මේ මිනිස්සු මේ ගම්බිම් අතහැරලා ආවා. එරාවුර් නගරේ තිබුණු කඩ 62න් 52ක්ම සිංහල මිනිස්සු සතුවයි තිබුණේ.
යුද්ධයෙන් පසුව නැවත පදිංචි කිරීම් කටයුත්තේදී නැවත එරාවුර්වලට මේ සිංහලයෝ ආවා. ඒ ඔක්කොටම ඔප්පු තිබුණා. නමුත් අද එරාවුර්වල ඉන්නේ සිංහලයන් දෙන්නයි. සිංහල පවුල් 3000ට සහ කඩ 52කට ඔප්පු තිබියදී ඒ සියලු ඉඩම්වලට හොරඔප්පු හදලා ඉවරයි.
එක සිංහලයෙකුට යන්න දෙන්නෑ. එතකොට මේක හොරකමක් නෙවෙයිද? මේ සියලු දේවල්වලට සහාය දුන්නු දේශලපාලකයන් මේවාට වගකියන්න ඕන නැද්ද? මේ එරාවුර්වල ඉන්න සිංහලයන් ගැන මෛත්‍රීපාල සිරිසේන කතාකරනවද? වික්‍රමසිංහ කතාකරනවද? කවුරුත් කතාකරන්නෑ. මේක බරපතළ ප්‍රශ්නයක්. ජනාධිපති කොළඹ ඉඳලා දේශන පවත්වනවා අනේ මේ මිනිස්සු හිටපු තැන්ම දෙන්න කියලා.
එතකොට එරාවුර්වල ඉන්න මිනිස්සු කොහෙද යන්නේ? ජනාධිපති මේකට මැදිහත් වෙනවද? නෑ. සුළු ජාතීන්, දෙමළ ජනතාව කතාකරනවා අපට බෑ කියලා අඬනවා,වැළපෙනවා. ඉතිං කමක් නෑ අහිංසක මිනිස්සුනේ කියලා ඉන්න දෙනවා.අනිත් පැත්තෙන් තොප්පිගල ආසන්නයේ දිවුල්පතාන කියන ගමේ තාම පාසල තියෙනවා. සිංහලයන්ගේ සොහොන් පිට්ටනිය තියෙනවා. සිංහල පවුල් 400ක් විතර ඉස්සර හිටියා. නමුත් දැන් මේ ගමට යන්න දෙන්නෙ නැහැ ඒ අයට. ඒක තමයි ඇත්ත.
ඒ වගේම අද වනවිට මුළු අම්පාරේම පුරාවස්තු සංහාරය කරනවා. කිසිකෙනෙකුට ඇතුළු විය නොහැකි රක්ෂිතයක් වට්ටමඩු රක්ෂිතය. ඒක තෘණ බිමක්. අද වනවිට මේ තෘණ බිමට බලපත්‍ර හදලා. රක්ෂිතයකට කොහොමද මේ විදියට බලපත්‍ර හදන්නේ? ඊළඟට අක්කර 236ක් තිබුණු මුහුදු මහාවිහාරයේ දැන් තියෙන්නේ අක්කර හතර හමාරයි.
ඒ අක්කර හතරහමාරත් අල්ල ගන්න යනවා. මුහුදු මහා විහාරය කරගෙන ඉන්න දෙන්නෑ. මුහුදු මහාවිහාරයේ, රක්ෂතයේ ඉඩම් කියලා හොඳටම දැනගෙන ගිහින් අල්ලා ගන්නවා. අල්ලගෙන එතැන පොඩි කොලාහලයක් ඇතිකරලා කට්ටිය ප්රශ්නය මැදිහත් කරවලා අපි යන්නම් අපට වෙන තැනකින් වටින ඉඩමක් දෙන්න කියනවා.
ඒක තමයි අලුත්ම ක්‍රමය. දැන් සෙල්ලමක් විදියට ඒක කරනවා. අපි නිහඬව හිටියා සංහිඳියාවෙන් මේ ප්‍රශ්න ටික විසඳයි කියලා. මාණික්‍ය මඩුවෙත් ඕකමයි. මාණික්‍ය මඩුවේ පන්සල හැදනවා කියලා දැනගත්තා, මහ එවුන් ටික කලබල වුණා, මාණික්‍ය මඩුවෙන් අක්කර දෙක හමාරක් අල්ල ගත්තා. දැන් කූඤ්ඤ් ගහනවා. බලපත්‍ර එක පාරට ගන්න පුළුවන්.
ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය විනාශයේ
පොළොන්නරුවේ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළෙ සෝමාවතී චෛත්‍යයට අයිති පරිවාර චෛත්‍ය 21ක් තිබෙනවා. ඒකෙන් 15ක් විනාශ කරලා. අනුරාධපුර යුගයටත් එහා ගිය ගල්කණු උඩ තියෙන ටැම්විහාර විශාල ප්‍රමාණයක් තිබෙනවා. පුරාවස්තු විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ ගල්කණු අරන් හරක් මඩු හදලා.
කැලය පුරාම හැමතැනම සත්තුන්ගේ ඇටකටු ගොඩවල්. සඳකඩපහණ, චෛත්‍යවල පේසාවෙළලු, කොරවක්ගල්, චෛත්‍යය බැඳපු ගල් සීසීකඩ විනාශ කරලා දාලා. පුරාවිද්‍යා බිම් කියලා තීරණය කරලා දමපු මායිම්ගල් ගළවලා දාලා. රක්ෂිතයේ මායිම් ගල් සියල්ල ගළවලා දාලා. සියවස් ගණනක් රැකුණු දේවල් මේ විදියට විනාශ කරලා තියෙන්නේ.
ඒ පළාතේ සිංහල ගොවියෝ තුන්දෙනක් වක්කඩයක් බැන්දා කියලා පොලීසියට අරන් ගිහින් තිබෙනවා. නමුත් නීතිවිරෝධීව රක්ෂිතයට ඇතුළුවෙලා කරන මේ විනාශට බාධාවක් නැහැ. ඔවුන්ට පොහොර සහනාධාරය පවා දීලා තිබෙනවා. අද අක්කර දහස් ගාණක් විනාශ කරලා තියෙන නිසා අලි ඇත්තු ගම්වදිනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

