Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා
2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා
එහෙත් ගෙවී ගිය දශක තුන හතරක කාලය සලකා බැලුවහොත් ජාතීන් අතර අසමගිය ඇතිවී තිබෙන බවට පැහැදිලි වන කාරණයකි. ජාතීන් අතර ඇතිවූ අසමගිය නිසා 30 අවුරුදු යුද්ධයකට මුහුණ දීමටත් අප රටේ ජනතාවට සිදුවිය. තිස් අවුරුදු යුද්ධය නිමාවී වසර 09කට අධික කාලයක් ගතවී තිබුණත්, එයින් පළුදු වී ගිය සිත සුවපත් වී තිබේදැයි කිසිවෙකුටත් ස්ථිරවම කිව නොහැකිය. මන්දයත් උතුරු නැගෙනහිර ප්‍ර‘දේශ නියෝජනය කරන දේශපාලඥයන් විවිධ අවස්ථාවල සිදුකරන ක්‍රියාකාරකම් නිසා බිඳී ගිය සිත් සුවපත් වී තිබෙන ආකාරයක් පෙන්නුම් කරන්නේ නැත.
යම් තැනකදී ජනතා සිත් බිඳී ගියා නම් එය යථා තත්ත්වයට පත්කිරීමේ වගකීම පැවරෙන්නේ රටේ පාලකයා ප්රමුඛ මහජන නියෝජිතයන්ටය. මේ නිසා තිස් අවුරුදු යුද්ධය නිසා බිඳී ගිය සිත් සුවපත් වී නොමැති නම් එය සුවපත් කිරීමට අවශ්‍ය වැඩකටයුතු කිරීම රටේ පාලකයන්ගේ වගකීමකි. මෙරට පාලකයන් යුතුකම් ඉටු නොකරන බව පවසමින් උතුරු නැගෙනහිර නියෝජනය කරන සමහර දේශපාලඥයන් ඉන්දියාවෙන් හා වෙනත් රටවලින් අධාර උපකාර ඉල්ලන අවස්ථාද අප දැක තිබේ.
මීට අමතරව අප රට පිළිබඳව ජාත්‍යන්තර සමුළුවලදී අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීමටත් ඇතැම් දේශපාලඥයන් හා විදේශ රටවලින් ලැබෙනා ලාභ ප්‍ර‘යෝජන මත ක්‍රියාත්මක වන විවිධ කණ්ඩායම්ද කටයුතු කරන ආකාරයක් දක්නට ලැබේ. පසුගිය දිනවලදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේදී පවා මෙවැනි සිදුවීම් දැක ගැනීමට හැකි විය.
මේ ආකාරයට කටයුතු කරන පිරිස් පිළිබඳව අවධානය යොමුකර ඔවුන්ගේ චෝදනා අසත්‍ය බවට රටක් වශයෙන් ජාත්‍යන්තරයට පෙන්වා දීමත් රජයේ වගකීමකි. එහෙත් විවිධ රටවල වුවමනා එපාකම් මත සංවිධානය වී සිටින කණ්ඩායම් සිදුකරන්නේ ව්‍යාජ රඟපෑමක් බවට පෙන්වා දීමට සමත් වූයේ ශ්‍රී ලාංකික ගෝලීය සංසදය පමණි.
පසුගිය දිනවල සිදුවූ තෙල්දෙණිය හා දිගන ඇතුළු ප්‍ර‘දේශවල සිදුවූ සිදුවීම්වලදී පවා රජයේ පාර්ශ්වයේ යුතුකම්, වගකීම් නිසි ලෙස ඉටු කළාද යන්න පිළිබඳ රට තුළ ප්‍රශ්නයක් ඇති වී තිබේ. මීට අමතරව මස් හොද්දක වඳ පෙත්තක් තිබූ බවට සිදුවූ සිදුවීමද අවතක්සේරු කළ නොහැකි කාරණයකි. එම අවස්ථාවේදී හෝ ඊට ආසන්න කාලයකදී මේ පිළිබඳව නිවැරදි ප්‍රකාශයක් කිරීමට රජයේ පාර්ශ්වයන්ට නොහැකි වීම නිසා එම සිද්ධිය ජාතීන් අතර අසමගියක් ඇතිකරන තත්ත්වය දක්වා දුරදිග ගියේය. එහෙත් මස් හොද්දේ තිබුණේ මස් හොද්ද ඝන කිරීමට යොදාගත් කඩල පිටි වලින් කොටසක් බව රටට පැහැදිලි කිරීමට යම් සැලකිය යුතු කාලයක් ගතවිය. මේ නිසා ඇතිවූ ජාතීන් අතර අසමගිය මහනුවරදී ජාතීන් අතර ගැටුමටත් සම්බන්ධයක් නොමැති බවට කිව නොහැකිය.
එහෙත් අම්පාරේදී ඇතිවූ සිදුවීමත් සමග මස් හොද්දේ තිබුණේ කඩල පිටි බවට රස පරීක්ෂණ වාර්තා දිනක් දෙකක් තුළ ලබාදීමට හැකියාව තිබුණේ නම් මහනුවරදී ඇතිවූ සිද්ධිය මෙතරම් දුරදිග නොයන්නට ඉඩ තිබුණි. මහනුවරදී ඇතිවූ සිද්ධි නිසා පන්සල් පල්ලි වලට අලාභ හානි සිදුවූවා සේම එම ප්‍ර‘දේශවල ජීවත් වූ සියලුම ජාතීන් පීඩාවට පත්විය. ත්‍රි‘රෝද රථයකට ඉස්සර කිරීමට ඉඩ ලබා නොදුන් නිසා ලොරි රථ රියදුරෙකුට සිදුකළ පහරදීමක් මුල් කරගෙන මහනුවර සිද්ධිය ඇතිවූ බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
අදාළ සිදුවීමේදී පොලීසිය නීතිය නිසි ලෙස ඉටු නොකළ බවට එම ප්රදේදෙශවල ජනතාව චෝදනා එල්ල කරනු ලැබිණි. මේ නිසා පැහැදිලි වන කාරණය වන්නේ නීතිය සියලුම දෙනාට සමව ක්‍රියාත්මක වියු යුතුය යන්න නොවේද?
ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට කටයුතු කළ බවට මහ සොහොන් බළකාය නැමති කණ්ඩායමට අයත් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස්වල නම් ගම් සහිතව ප්‍රසිද්ධියට පත්කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කළේය. එහෙත් නුවර ඇතිවූ සිද්ධියේදී කළහකාරී ලෙස හැසිරුණේ මෙම කණ්ඩායම් පමණක් යැයි කිවහැකිද? මේ නිසා ගැටුම්වලට මුල් වූ සියලුම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව ඔවුන්ගේ නම් ගම්ද ප්‍රසිද්ධියට පත් කළ යුතුය. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ යම් ජන කොට්ඨාසයක් තුළ වැරදි චිත්‍රයක් ඇති කිරීමය.
මීට අමතරව සමාජ ජාල වෙබ් අඩවි හරහා ජාතීන් අතර අසමගිය ඇතිකරන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම යටතේ පාසල් සිසුන් හතර දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ. එහෙත් ෆේස්බුක් සමාජ ජාලය පිරික්සීමේදී ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශ ඕනෑතරම් හුවමාරු වීම සිදුවේ. නීතිය ක්‍රියාත්මක කරනවා නම් එය අඛණ්ඩව සියලුම දෙනාට පොදුවේ සිදුවිය යුතුය. එසේ නොමැති වීම හරහා ජනතාව තුළ විවිධ මත ඇතිවීමද වළක්වාගත නොහැකි කාරණයකි.
කැරලි කෝලාහලවලදී සේම ස්වාභාවික විපත්වලදී හෝ පාලකයන්ගේ වරදින් සිදුවන විපත්වලදී පීඩාවට පත්වන ජනතාවට වන්දි ලබා දීම රජයට පැවරෙන වගකීමකි. එහෙත් විවිධ සිදුවීම් නිසා පීඩාවට පත්වන ජනතාවට වන්දි ලබාදීමේදී නොසලකා හැරීම අඩුතක්සේරුවලට ලක්කිරීම සිදුවන බවට විවිධ පිරිස් චෝදනා එල්ල කරමින් සිටියි. එක් පාර්ශ්වයකට කඩිනමින් විශේෂ වන්දි මුදල් ලබාදෙන විට ඊට පෙර විපතට පත්වූ ජනතාව අමතක කර කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි දෙයකි. අද දවස වන විට මේ ආකාරයේ වැරදි චිත්‍රයක් ඇතැම් පිරිස් තුළ ඇතිවී තිබේ. පාලකයන් හිතාමතා හෝ නොදැනුවත්කමින් මෙවැනි දේවල් කළද එතුළින් සිදුවන්නේ ජාතීන් අතර විරසකයක් ඇති කිරීමට පාර කැපීමකි.
වැරදි කිරීමේදී නීතිය ක්‍රියාත්මක වීමේදිත් විෂමතාවක් පවතින බවට විවිධ අවස්ථාවල ජනතාව කතාබහ කරනු ලබයි. දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙන විල්පත්තු වන විනාශය පිළිබඳව පාලකයන්ට තවමත් සෘජු තීරණයක් ගැනීමට නොහැකි වී ඇත. විල්පත්තු වන විනාශයක් සිදුවන බවට ඡායාරූප වලින් හා විද්‍යුත් දර්ශන තුළින් දැකගත හැකිය. මේ නිසා මේ පිළිබඳව රජය පැහැදිලි ප්‍රකාශයක් රටට සිදුකළ යුතුය. එහෙත් අද වන තෙක් රජයට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකිරීමට නොහැකි වී ඇත.
යතුරුපැදි භාවිත කිරීමේදී ආරක්ෂිත හිස්වැසුමක් පලඳින්නේ යතුරුපැදිකරුගේ හා පසුපැදිකරුගේ ආරක්ෂාව සඳහායි. එහෙත් සියලුමදෙනාට ඔළුවක් තිබුණත් සමහර පුද්ගලයන්ට මොළයක් නැති නිසා ඔවුන් හිස්වැසුම් පලඳින්නේ නැත. මේ නිසා මොවුන්ට දඬුවමක් පැනවීමට රජය කටයුතු කර තිබෙන අතර, ස්ථානීය දඩ මුදල් අයකර ගැනීම ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරනු ලබයි. එහෙත් එම නීතිය ක්‍රියාත්මක කිරීමේදී සමහර ප්‍ර‘දේශවලදී නීතිය ක්‍රියාත්මක නොවන බවට චෝදනා එල්ල වෙමින් තිබේ. එවන් චෝදනා පිළිබඳව රජයක් වශයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. එසේ නොමැතිනම් සමහර ජාතීන්ගේ සිත් තුළ මේ පිළිබඳවද වැරදි මතයක් ඇතිවිය හැකිය.
ජාතීන්ට තමන්ට අනන්‍ය වූ ආගමක්, සංස්කෘතියක්, ආගමික ස්ථාන, ආගමික උත්සව තිබිය හැකිය. එසේ වුවද ජාතීන් වෙනුවෙන් වෙන් වෙන්ව බැංකු, රෝහල්, වෙළෙඳසැල් තිබිය නොහැකිය. භාෂාමය ප්‍රහනය මත වෙන වෙනම පාසල් තිබුණද ජාතික සමගිය ඇතිකිරීම ගැන කතා කරනවා නම් මිශ්‍ර පාසල් ක්රමයක්ද රට තුළ තිබිය යුතුය. ජාතීන් මූලික කරගනිමින් විවිධ ආහාර රටා තිබුණද, ජාතීන් වෙනුවෙන් වෙන් වෙන්ව ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම අනුමත කළ නොහැක.
කාන්තා යටඇඳුම් තුළ වඳ බෙහෙත් තිබෙන බවට රට තුළ කතාබහක් ඇතිවී තිබේ.
සමාජ ජාල මාධ්‍ය හරහා යට ඇඳුම්වල තැන්පත් කර තිබෙනා විවිධ ද්‍රව්‍යයන් ප්‍රදර්ශනය කරමින් තිබේ. මේ නිසා රජය මැදිහත්ව මේ පිළිබඳව පරීක්ෂණයක් කර රටට කඩිනමින් ප්‍රකාශයක් කළ යුතුය. යම් ලෙසකින් කුමන හෝ කණ්ඩායමක් යට ඇඳුම් හෝ වෙනත් ඇඳුම් තුළ කුමන හෝ ද්‍රව්‍යයක් තැන්පත් කර තිබේ නම් එයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ඇඳුමක හෝ ආහාර ද්‍රව්‍යයක අනුමත අයිත්තම් හෝ ද්‍රව්‍යවලට අමතරව වෙනත් දේවල් තිබේ නම් එය නීතිවිරෝධී කටයුත්තකි. මේ නිසා එල්ලවෙමින් තිබෙනා චෝදනා බැහැර කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැත.
මීට අමතරව ආගමික ස්ථානවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේදීත් නීති දෙකක් ක්‍රියාත්මක වන බවට විවිධ පිරිස් චෝදනා සිදුකරයි. ආගමික ස්ථාන අසල රථවාහන නවතා තැබීමේදී සිදුවන නීතිවිරෝධී වාහන නවතා තැබීම සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කිරීම දෙආකාරයකට සිදුවන බවට බොහෝ පිරිස් පෙන්වා දෙන කාරණයකි.
මේ නිසා සිත් තුළ ඇතිවී තිබෙන සුළු හෝ සැකයක් නැති කිරීම සඳහා දේශපාලඥයන් හා සියලුම ආගම්වල නායකයන් පෙරමුණ ගත යුතුය. කුමන තත්ත්වයක් යටතේ වුවත් තමන්ගේ ආගමික නායකයන් හා දේශපාලන නායකයන් සිදුකරන ප්‍රකාශ හිස් මුදුනින් පිළිගැනීමට බහුතර ජනතාවක් කටයුතු කරනු ලබයි. මේ තත්ත්වය නිසා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජාතීන් අතර අසමගිය ඇති කිරීමද සිදුවේ. ආගමික වශයෙන් වෙන් වෙන්ව කටයුතු කළද කිසිදු ආගමක සතුන්ට, මනුෂ්‍යයන්ට හිංසා කිරීම, දේපළ විනාශ කිරීම අනුමත කරන්නේ නැත. මේ නිසා ජාතීන් අතර සමගිය ඇති කිරීම සඳහා ප්‍රධානම වගකීම තිබෙන්නේ ආගමික නායකයන්ටය. එසේ නොමැතිව යම් ප්‍ර‘දේශයක සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව එක්ව කිරිබත් කෑ පමණින්, රාමසාන් කැඳ බිව් පමණින් හෝ කෝවිලේ උත්සවයට සහභාගී වූ පමණින් ජාතික සමගිය රට තුළ ඇති කළ නොහැකිය.
එමෙන්ම විවිධ කණ්ඩායම් පවත්වන වැඩසටහන් තුළින්, ජාතික සමගිය පිළිබඳ චිත්‍ර තරග, නැටුම් තරග, සංගීත තරග පැවැත්වීම තුළින් මේ දේවල් සිදුකළ නොහැකිය. මන්දයත් මාර්ග අනතුරකදී හෝ අලි ඇතුන්ගේ පහරදීමකින් කෙනෙකු මිය ගියහොත් එම අවස්ථාවේදී හඬා දොඩා දුක නැතිකර ගනිමින් එම සිද්ධිය ටික දිනකින් අමතක කර දැමීම සියලුම ජාතීන් පොදුවේ සිදුකරන කාරණකි. එහෙත් ජාතිය පිළිබඳව හෝ ආගම පිළිබඳව ඇතිවන සිද්ධියකදී සිත් රිදවා ගැනීම කිසිදු ජන කොටසක් ලෙහෙසියෙන් අමතක කරන්නේ නැත. මේ නිසා සිදුවන්නේ යම් සිද්ධියකදී එතෙක් සිත් තුළ තැන්පත් වී තිබෙනා කරුණු කාරණාද එළියට පැමිණීමයි.
මේ නිසා එක් ජාතියකට පමණක් සංහිඳියාව ඇති කිරීමට හැකිවන්නේ නැත. මේ පිළිබඳව පාලකයන් මුලින්ම තේරුම්ගත යුතුය. ඉන්පසුව දේශපාලඥයන්, ආගමික නායකයන් එක්ව රට තුළ සංහිඳියාව ඇති කිරීමට අවශ්‍ය ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොමැතිව දේශපාලඥයන්, ආගමික නායකයන් තමන්ගේ ජාතිය ගැන පමණක් සිතා කටයුතු කළහොත් මෙරටේ අනාගත පරපුරටත් කුමන හෝ යුද්ධයකට මුහුණ දීමට සිදුවනු ඇත.
රටක් වශයෙන් තිස් අවුරුදු යුද්ධයෙන් මෙරටේ සියලුම ජාතීන් පීඩාවට පත්විය. යුද්ධය නිසා වැන්දඹුවන් බවට පත්වූ ප්‍රමාණය 42,000 ඉක්මවා ගොස් තිබේ. මවුපියන් නොමැති දරුවන් ප්‍රමාණය දෙදහස ඉක්මවා ඇත. ආබාධිත වූ පිරිස දසදහස් ගණනකි. යුද්ධය නිසා සිත සතුටු කරගත් ප්‍රමාණය මෙපමණයැයි කිව නොහැකිය. විනාශ වූ සම්පත් ප්‍රමාණය, ආර්ථිකයට සිදුවූ හානිය කිසිදා ගණනය කළ නොහැකිය. මේ නිසා කිසිදු දිනක කුමන හෝ ආකාරයක යුද්ධයක් රටට අවශ්‍ය වන්නේ නැත.
රට තුළ ජාතික සමගිය ඇතිකිරීමට පාලකයන්ට අවශ්‍යතාවයක් තිබේ නම් මුලින්ම සිදුකළ යුත්තේ සියලු දෙනාම රටේ ජාතික කොඩියට ගරු කරන තත්ත්වයකට පත් කිරීමය. ජාතික කොඩියට යොදාගෙන තිබෙනා ලාංඡනය සිංහයෙකුගේ රුවකි. රටේ සිංහයන් නොමැති වුවත් ඒ තුළින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ එඩිතර බවය. මේ නිසා සියලුම ජාතීන් ජාතික කොඩියට එඩිතරව ගෞරව කළ යුතුය. ජාතික ගීය යනු රටේ අනන්‍යතාව පෙන්නුම් කරනා කාරණයකි. මේ නිසා ජාතික කොඩිය සියලුම ජාතීන්ට අයත් වනවා සේම ජාතික ගීයත් සියලුම ජාතීන්ට අයත්ය.
මීට අමතරව අන්‍ය ආගම්වලට ගරු කිරීමට පෙරපාසල් වයසේ සිටම දරුවන්ට ඉගැන්විය යුතුය. පුරුදු පුහුණු කළ යුතුය. දේශපාලඥයන් ජාතික අසමගිය ඉදිරියට දමා සිදුකරන දේශපාලනය නවතා දැමිය යුතුය. එසේ නොමැති තාක් කල් ජාතික සමගි වැඩපිළිවෙළ යථාර්ථයක් නොවනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd