Paper Quelling කලාවෙන් නම දිනූ Yulia Brodskaya
කලාව යනු විවිධ පුද්ගලයන් විවිධ වූ ආකාරයට භාවිත කරනු ලබන්නකි. කලා හැකියාව ඇති අයට එය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් ලෙසද හඳුන්වනු ලබයි. එනිසා බොහෝදෙනා එයින් ප්‍රයෝජන ගනු ලබන්නේ අනෙක් ආත්මයේදී මේ හැකියාව නොලැබෙතැයි සිතමිනි. කලාව යනු කිසියම් විෂයයක් හැදෑරීමෙන් පමණක් නිර්මාණකරණය සඳහා යොමු විය නොහැක්කකි. එවැනි කලාකාරිනියක් ලෙස Yulia Brodskaya හැඳින්විය හැකිය. ඇයගේ කලා දක්ෂතාවය කියාපෑමට වචන නොමැති තරම්ය.
Yulia Brodskaya කඩදාසි නිර්මාණකරණයේ වෙනස් වූ සංකල්පයක් ඔස්සේ නිර්මාණ කරනු ලබන කලාකාරිනියකි. ඇය 2006 වර්ෂයේදී ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක් ලෙස සේවය කරනු ලැබුවාය. රුසියානු කාන්තාවක් වන ඇය වෙනස් වූ නිර්මාණ කලාවක් පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ නිරන්තරයෙන් අධ්‍යයනය කරනු ලැබීය. ඒ Paper Quelling නිර්මාණකරණයයි.
බොහෝ Paper Quelling නිර්මාණකරුවන් සිදුකරනු ලබන්නේ කුඩා නිර්මාණයි. නමුත් Yulia Brodskaya යනු Paper Quelling නිර්මාණයන් දැවැන්ත අයුරින් නිර්මාණය කරනු ලබන කලාකාරිනියකි. ඇයගේ නිර්මාණ සඳහා විශාල වශයෙන් කඩදාසි භාවිත කරයි. ඇයගේ නිර්මාණවල තවත් සුවිශේෂී පැතිකඩක් තිබේ. ඒ Quelling ආකාරයෙන් අකුරු නිර්මාණය කිරීමයි.
මෙම නිර්මාණයන් ඔස්සේ ඇය ප්‍රසිද්ධ වීමත් සමග තමන්ගේ වෘත්තිය වූ ග්‍රැෆික් නිර්මාණ ශිල්පයට සමුදෙන ලදී. ඇය සේවය කළ ආයතනයෙන්ද ඉවත් වී තමන්ගේ මෙම නිර්මාණයන් දියුණු කර ගැනීමට බොහෝ සේ වෙහෙස මහන්සි වී තිබේ.
1983 වර්ෂයේදී උපන් ඇය ලෝකයේ ප්‍රසිද්ධ සමාගම් සමග එක්ව එකට වැඩකටයුතු කරනු ලබයි. ඒ අතරින් Neiman Marcus, Hermes, Starbucks, Cadbury, Target, Cafe Rouge, Westfield, Godiva, Bentley, Country Music Association, Hennessy, RobbReport, The Guardian, The New York Times Magazine, Washington Post, New York Observer, Issey Miyake, Wimbledon, Clarks, Ford, London Kings College, USPS, Paramount Pictures යන ආයතන ඇයගේ නිර්මාණයන් පිළිබඳ පැහැදීමක් ඇති අතර, ඇයගේ නිර්මාණ මොවුන් විසින් මිලදී ගනු ලබයි.
Paramount Pictures විසින් සිදුකරනු ලබන චිත්‍රපට නිෂ්පාදනයන් සඳහා ඇය විසින් නිර්මාණය කරනු ලබන Quelling අකුරු නිර්මාණයන් භාවිත කරනු ලබයි. ඒ ඔවුන්ගේ චිත්‍රපට තුළ ප්රචාරක අවස්ථාවන් සඳහා වැඩි ඉඩක් ලබාගැනීමේ අරමුණෙනුයි. ඇය සිය නිර්මාණයන් පිළිබඳව ග්රන්ථ කිහිපයක්ද එළිදක්වා තිබේ.
එහිදී ඇය ඇතැම් ග්‍රන්ථවල නිර්මාණයන් සිදුකරන ආකාරය පිළිබඳව පැහැදිලි කර ඇති අතර, අනෙක් පුද්ගලයන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය කාරණා එයට එක්කර ඇති බවද සඳහන්කර තිබේ. බොහෝ සමාජ වෙබ් අඩවි වල ඇය පිළිබඳව කතාබහ කරන අතර, මේ වන විට Yulia Brodskaya ලෝකයේ සුප්‍රසිද්ධ Paper Quelling කලාකාරිනියක් වී හමාරය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

