The Eagles සංගීත කණ්ඩායමේ ප්රමුඛ ගිටාර් වාදන ශිල්පියෙකු වූ Glenn Frey මෙලොවින් ඊයේ (18දා) සමුගත්තේය.ලොව පුරා බෙහෙවින් ජනප්‍රියත්වයට පත් Hotel California ගීතයේ සහ Tequila Sunrise යන ගීතයන් දෙකෙහි සාර්ථකත්වයේ මිනිසා වූ මොහු විශාල සේවකයක් තම සංගීත කණ්ඩායම වෙනුවෙන් ඉෂ්ඨ කළ බව සඳහන් වෙයි. ඔහු මෙලොවින් සමුගන්නා විට 67 වැනි වියේ පසු වූ ඔහු සහාය සංගීත රචකයෙක්ද වෙයි. මොහු 1970 වර්ෂයේ සිට The Eagle සංගීත කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.
එකල නිෂ්පාදනය වූ අදටත් ප්‍රසිද්ධියට පත් Hotel California ගීතයේ සාර්ථකත්වය පළමු සාධකය වන්නේ මොහු බවට බොහෝ දෙනා සඳහන් කරති. ඊට අමතරව Tequila Sunrise යන ගීතය බොහෝ දෙනා අතරට ජනප්‍රියත්වට හේතු වූයේ මොහුගේ ගිටර්වාදනය බවටද සඳහන් වෙයි.
ඔහුගේ අභාවය ඊයේ දහවල් සිදුවූ බවට ඇතැම් වෙබ් අඩවි ප්‍රකාශ කරනු ලැබූවත්, ඔහුගේ සංගීත කණ්ඩායම වූ The Eagles සංගීත කණ්ඩායමේ නිළ වෙබ් අඩවියේ ඊයේ (18දා) සවස්වරුවේ ඔහුගේ මරණය සිදුවූ බව සහතික කර තිබුණි.
ඔහුගේ මරණය පිළිබඳ ඔහුගේ සංගීත කණ්ඩායමේ නිළ වෙබ් අඩවිය විසින් කිසවක් ප්‍රකාශ නොකළ සිටින අතර, ඇතැම් වෙබ් අඩවි සඳහන් කරන්නේ ඔහුගේ මරණයට හේතු වන්නේ මානසික අසහනය බවයි. කෙසේ වුවත් 1970 දශකයේ බිහිවූ ශ්‍රේෂ්ඨ සංගීත සහාය රචකයෙකු සහ දක්ෂ ගිටාර් වාදකයෙකු ලෙස මොහුව හැඳින්වූවාට කිසිදු වරදක් නොමැත.