Floral Tea Story කලාවට ගෙනෙන Marina Malinovaya
කලාව යනු එක්තරා විෂයක් වුවද එය සංකල්පයක් ඔස්සේ ඔපදමමින් නිර්මාණ කරා ගෙන ඒමට ඇතැම් පුද්ගලයන්ට හැකියාව ඇති බව අමුතුවෙන් ප්රකාශ කළයුතු නැත. ඇතැම් පුද්ගලයන් ඔවුන් දකින ඕනෑම දෙයක් කලාත්මකව බලන්නෝ වෙති. එවැනි පුද්ගලයන් බොහෝ ඇතත්, නිර්මාණාත්මක අදහස් ඇති පුද්ගලයන් ඇත්තේ ඉතාමත් සුළු පිරිසකි.
එවැනි කලා නිර්මාණකරුවන් අතරින් සුවිශේෂී පුද්ගලයෙකු ලෙස Marina Malinovaya කලාකාරිනිය හැඳින්විය හැකිය. ඇයගේ නිර්මාණ ශක්තිය විශාල වෙනසක් සිදුකරන්නකි.
Marina සිය නිර්මාණයන් Floral Tea Story ලෙස හඳුන්වනු ලබයි. රුසියානු කලාකාරිනියක් වන ඇයගේ නිර්මාණයන් වෙනස්ම වූ ස්වරූපයක් ගනු ලබයි. එය ඉතාමත් ආකර්ෂණීය නිර්මාණාත්මක දෙයකි. Floral Tea Story ලෙස හඳුන්වන මෙම සංකල්පය නිර්මාණය වන්නේ සම්පූර්ණ වශයෙන් මල්, තේ සඳහා භාවිත කරනු ලබන තේ ජෝගුව සහ තේ කෝප්පය සමගිනි.
ඇය විසින් මල් ගෙන වෙනස් වූ ආකාරයට මල් රටා නිර්මාණය කරමින්, හැඩකරමින් අලංකාර කරනු ලබයි. ඉන්පසු ඒවා ඡායාරූප ගනිමින් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරනු ලබයි.
Marina මේ සඳහා ස්වාභාවික මල් වර්ග භාවිත කරනු ලබයි. කුඩා ප්රමාණයේ විවිධ වූ මල් වර්ගයන් භාවිත කරන අතර, ඇතැම් නිර්මාණයන් සඳහා ඇය මල් වියළී වැටෙන පෙති වැනි දෑ එකතු කරමින් එවා නැවත වර්ණවත් කර භාවිත කරයි. ඇය භාවිතා කරනු ලබන මල් වර්ග වලින් අවම වශයෙන් නිර්මාණ තුනක්වත් සකස් කරන බව සඳහන් කරයි.
එයට හේතුව වන්නේ එතරම් මල් සොයාගැනීමට ඇති අපහසුවයි. ඒ සඳහා Marina තවත් විසඳුමක් යොදාගෙන තිබේ. එනම් අලංකාර වූ පත්ර මේ සඳහා යොදා ගැනීමයි. Marina ජීවිතයේ වෙනස් වූ තීරණ ගැනීමට නොබියව ඉදිරිපත් වීම සුවිශේෂත්වයකි.
Marinaගේ මෙම නිර්මාණ සඳහා ඉල්ලුම විශාල වශයෙන් ඇති නමුත් ඇය එම ඉල්ලුම වෙනුවෙන් නිර්මාණ සිදු නොකරයි. බොහෝවිට ඇයගේ වෙබ් අඩවිය තුළ නිර්මාණය විකිණී අවසන් වූ පසුවත් නව නිර්මාණයන් ඒ සඳහා එක් කිරීමට මාස දෙක තුනකට වඩා කාලයක් ගත වන බවද සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

