පස් හැවිරිදි වියේදී සිනමාවට පැමිණි හෝලි එර්ල් මේ දිනවල අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටියි. එයට හේතු වී ඇත්තේ පසුගියදා විකාශය ඇරඹි BBC නාලිකාවේ කතාමාලාවක් හේතුවෙනි. මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන ඇය සිනමා දිවියට සීමිත වශයෙන් දායකත්වය ලබාදෙමින් රූපවාහිනී කතා මාලාවලට පමණක් සීමා වී සිටිනු දක්නට හැකිය.
ඇය රංගනයෙන් දැක්වූ පළමු චිත්‍රපටය වන්නේ 2013 වර්ෂයේ එළිදැක්වූ Dracula: The Dark Prince යන චිත්‍රපටයයි.
ඇය රංගන ක්ෂේත්රයට අවතීර්ණ වූයේ Touching Evil යන රූපවාහිනී කතා මාලාව හරහාය. 2015 වර්ෂයේදී ඇගේ රූපවාහිනී කතාමාලා දෙකක් එළිදැක්වීමට නියමිත අතර, ඒවා Queen of the Desert සහ Ordinary Lies යනුවෙන් වෙයි.
2016 දී තිරගත වීමට නියමිත රුමේනියානු චිත්‍රපටයක් සඳහා ඇය රංගනයෙන් දායක වන බවට ඇතැම් මාධ්‍ය සඳහන් කරන අතර, ඒ පිළිබඳ වැඩිදුර සඳහනක් නොවේ. මේ වනවිට රූපවාහිනී කතාමාලා 17කට පමණ රංගනයෙන් දායක වී ඇති හොලී වාර්ෂිකව BBC මාධ්‍ය ජාලය නත්තල සමයේ නිෂ්පාදනය කරන වැඩසටහනක්ද මෙහෙයවන්නීය.