2002 වර්ෂයේදී නිෂ්පාදනය කරනු ලැබූ %XXX^ චිත්රපටයේ තෙවැන්න 2017 වර්ෂයේදී එළිදැක්වීමට කටයුතු කරන බව කරුසෝ සඳහන් කර තිබේ. මෙම චිත්රපටයේ දෙවැන්න වන xXx: State of the Union 2005 වර්ෂයේදී එළිදැක්වීය. ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වූ මෙම චිත්රපට මාලාවේ තෙවැන්න සඳහා විශාල වෙනසක් සිදුකර ඇති අතර, එය සිදුකර ඇත්තේ අතිශය ජනප්රියත්වට පත් බොලිවුඩ් හා හොලිවුඩ් තරු මේ සඳහා දායක කර ගැනීමත් සමගිනි.
මෙහි ප්රධාන කාරණාව වන්නේ මෙහි ප්රධාන චරිත සඳහා වින් ඩීසල්, ජෙට් ලී, සහ ඔන්ග් බෑක්හි ප්රධාන චරිතයට පණ පෙවූ ටොනී ජාද මේ සඳහා සහභාගී වන බව බැවිනි. ඊට අමතරව බොලිවුඩයේ ප්රවීණ නිළියක වන දීපිකා පදුකෝන්ද මේ සඳහා දායක වන බව සඳහන් වෙයි. මෙම වසරේ මැද කාලයේදී රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත නමුත් ජෙට් ලී, ටොනී ජා, දීපිකා පදුකෝන් යන තිදෙනාගේ වෙනසක් සිදුවීමට බොහෝ ඉඩකඩ ඇති බවටද ඔවුන් සඳහන් කර තිබේ.