ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
වසරේ හොඳම චිත්‍රපටය ලෙස ඉන්දියාවේ නීරාජ් ජේවන් අධ්‍යක්ෂණය කළ මසාන් (MASSAN) චිත්‍රපටයද, වසරේ හොදම නිළිය ලෙස ශ්‍රීලංකාවේ බොරදිය පොකුණ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ කෞශල්‍යා ප්‍රනාන්දුද, වසරේ හොදම නළුවා ලෙස ඇෆ්ගනිස්ථානයේ AN APPLE FROM PARADISEහි රංගනයෙන් දායක වූ රාජ්බ් ග්රුස්සායිනොව්ද සම්මාන හිමිකරගනිමින් 2015 සාර්ක් චිත්‍රපට උලෙළ පෙරේදා(06දා) නිමාවට පත්විය.
කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලිවේදී පැවැති මෙම සම්මාන ප්රදානෝත්සවය සඳහා සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයෙහි අධ්යක්ෂවරයා සහ සාර්ක් රටවල මෙරට තනාපතිවරුන් ඇතුළු පිරිසක් ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගිවූහ.
සතියකට ආසන්න කාලයක් පුරා කොළඹ චිත්‍රපට සංස්ථාවෙහි තරංගනී චිත්‍රපට ශාලාවේදී සාර්ක් චිත්‍රපට උලෙළට අදාළ චිත්‍රපට ප්‍රදර්ශනය කළ අතර, ඒ අතරින් තෝරාගත් චිත්‍රපට සඳහා සම්මාන ලබාදීම මෙහිදී සිදුකෙරිණි.
හොඳම චිත්‍රපටය සඳහා වන රිදී සම්මානය භූතානයේ ක්යෙන්ට්ස් අධ්‍යක්ෂණය කළ NORBU චිත්‍රපටයද, හොඳම චිත්‍රපටය සඳහා වන ලෝකඩ සම්මානය ඉන්දියාවේ මිට් ජනී සහ පාරට්ක් ගුප්තා අධ්‍යක්ෂණය කළ GOONGA චිත්‍රපටයද හිමිකරගත්තේය.
හොඳම කෙටි චිත්‍රපටය ලෙස චමිල ප්‍රියංකර අධ්‍යක්ෂණය කළ %ඇපල්^ චිත්‍රපටය සම්මාන හිමිකරගත් අතර, හොඳම චිත්රපටසංස්කරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හෝගානා පොකුණ චිත්‍රපටය සංස්කරණය කළ තිස්ස සුරේන්ද්‍ර සම්මාන හිමිකරගත්තේය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd