මිල්ටන් මල්ලවාරච්චිගේ 18 වැනි අනුස්මරණය වෙනුවෙන් ඔහුගේ පුත් රනිල් මල්ලවාරච්චි හා රනිල්ගේ පුත් පවන් මල්ලවාරච්චි එක්ව -සඳ ඔබයි පියාණනි- නමින් ප්‍රසංගයක් හෙට (9දා) ප.ව 7.00 ට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටින රනිල් මල්ලවාරච්චි හා ඔහුගේ පුත් පවන් මල්ලවාරච්චි සිය පවුල සමගින් මවුබිමට පැමිණ සිටී.
පණ්ඩිත් අමරදේවයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රසංගය පැවැත්වෙන බවත්, එහිදී තම පියා සමගත්, තමන් හා තම පුතු සමගත් යුග තුනක් ගීත ගායනා කළ ඇන්ජලින් ගුණතිලක හට පණ්ඩිත් අමරදේවයන් අතින් සම්මාන ප්‍රදානයක් සිදුකිරීමට නියමිත බවද රනිල් මල්ලවාරච්චි පැවසීය.
රනිල්ගේ පුත් පවන් මල්ලවාරච්චි මේ වන විට 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර, එරට ගුවනක් නියමුවෙකු වීම සඳහා අධ්‍යාපනය හදාරනු ඇත.
%සඳ ඔබයි පියාණනි^ ප්‍රසංගයේ විශේෂත්වයක් වනුයේ පුතෙකු හා මුනුබුරෙකු විසින් උපහාර පිණිස ගායනා කරන පළමු ප්‍රසංගය වීමයි.
මෙම ප්රසංගයේදී රසිකයන් අසා නුපුරුදු මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත විශාල ප්‍රමාණයක් අඩංගුව ඇති අතර, යුග ගායනයෙන් ඇන්ජලින් ගුණතිලක, කාවින්ද්‍යා අධිකාරි දායක වෙයි. සංගීතය සරත්ද අල්විස් විසින් මෙහෙයවන අතර, ප්‍රසංගයේ කථනය කැලුම් ශ්‍රී මාල් ගෙනි. විශේෂයන් ආන්නද පද්මසිරි මහතා හා සිය බිරිඳ වන නිරාෂා මලී මේ සම්බන්ධව ගන්නා වෙහෙස මහන්සිය ගැන මතක් කළයුතු බවද රනිල් මල්ලවාරච්චි සඳහන් කළේය. ක්ෂේත්රයේ කලාකරුවන්ගේ හා හිතවතුන්ගේ සහයෝගයෙන්, විශේෂාංග රැසක් සමගින් පැවැත්වෙන මෙම ප්‍රසංගයට සහභාගී වන මෙන් රසික සහෘද හිතවතුන්ගෙන් රනිල් මල්ලවාරච්චි ඉල්ලා සිටී.