රූපේ තිබ්බා කියලා එකපාරට රඟපාන්න යන්නේ නැතිව හැදෑරිමක් කරලයි යන්න ඕනි
2015 වර්ෂයේ සිට විවිධ නාළිකාවන් හි අවුරුදු කුමරිය ලෙස කිරුළු පලඳමින් නිරූපණ ක්ෂේත්රය තුළ බොහෝදෙනෙක් හැඳින ගත් ඇය මිතුනිකා ප්‍රනාන්දු නම් වෙයි. වෙළෙඳ දැන්වීම් කිහිපයක ඇයව දැක ගැනීමට හැකියාව ලැබෙන අතර, ඇය මෙම කාර්යය වෘත්තියක් ලෙසට සිදුකරනු ලබයි. ඇයගේ කලා කටයුතු පිළිබඳව පැවසීමට 'අද' සමග මෙලෙස එක්විය.
Q මුලින්ම ගැන හැඳින්වීමක් කරන්න?
මම මිතුනිකා ප්‍රනාන්දු. මම දැනට නිරූපණ ක්ෂේත්රයේ වැඩකටයුතු කරනවා.
Q ඔබගේ වෘත්තිය මොකක්ද?
නිරූපණය තමයි මම වෘත්තිය විදියට කරන්නේ.
Q නිරූපණයට එකතුවෙලා කොපමණ කාලයක් වෙනවද?
දැන් අවුරුදු 3ක් විතර වෙනවා.
Q ඔබ මුලින්ම ක්ෂේත්රයට එන්නේ කුමක් හරහාද?
මාව මුලින්ම රූපලාවණ්යාගාරවලින් තමයි හඳුනගත්තේ. රූපලාවණ්‍ය ශිල්පිනියකගේ මාර්ගයෙන් තමයි මම මුලින්ම ක්ෂේත්රයට එන්නේ.
Q ඉන්පසු දායක වුණ වැඩ මොනවාද?
2015 මම දෙරණ අවුරුදු කුමරිය වුණා. 2016 සිරසේ අවුරුදු කුමරිය. 2017 මම හිරු අවුරුදු කුමරිය වුණා.
Q අවුරුදු තුනක්ම අවුරුදු කුමරිය වෙන්න අවස්ථාව ලැබුණා නේද?
ඔව්. හිරු එකේ නම් මේ පාර දෙවන වන ස්ථානය. අනිත් දෙකේම පළවෙනි ස්ථානය වුණා.
Q ඔබ නිරූපණයෙන් මොනවද දායක වෙලා තියෙන වැඩකටයුතු?
මියුසික් වීඩියෝ 5කට විතර දැනට දායක වෙලා තියෙනවා. වෙළෙඳ දැන්වීම් 4කට, 5කට ඉඳලා තියනවා.
Q ඒ මොනවද කියලා කියන්න පුළුවන්ද?
කොර්මෂල් බැංකුව, සිංගර් වගේ වෙළෙඳ දැන්වීම් කළා. තව පත්තරවල ඡායාරූපවලට ඉඳලා තියෙනවා.
Q නිරූපණය විතරද කරන්නේ රඟපාන්න ආසාවක් නැද්ද?
රඟපාන්න ආසයි. නමුත් දැන්ම ඒ පැත්තට යන්න ආස නෑ. කාලයක් නිරූපණය කරලා පස්සෙ කාලයක යනවා කියල හිතාගෙන ඉන්නවා.
Q රංගනය කියන දේ හදාරන්න ඕන කියලා හිතනවද?
ඔව්, අනිවාර්යෙන්ම හදාරන්න ඕන. හදාරලා යන එක තමයි වටින්නේ.
Q ගොඩක් අයට අද රංගනයට අවස්ථාව ලැබෙනවා. මොකද ඒ ගැන හිතන්නේ?
අපේ රූපෙ තිබ්බා කියලා එකපාරටම ඒකට යොමු වෙන්නෙ නැතුව ඒක හදාරලා ඉස්සරහට යනව නම් අපේ රූපෙටත් එක්ක ඒක වටිනවා කියල මම හිතනවා.
Q මේ ක්ෂේත්රය තුළ නියැළෙන්න රූපය විතරක් මදි කියලද කියන්නේ?
ඔව්. අනිවාර්යෙන්ම හැකියාව තියෙන්න ඕන.
Q ඔබ නිරූපණය පිළිබඳව හදාරලද තියෙන්නේ?
නිරූපණය පිළිබඳව මම එහෙම ලොකූ හැදෑරීමක් කළේ නැහැ. ඉබේමයි ඒ පැත්තට යොමු වුණේ. නමුත් රංගනය පැත්තට යන්න කලින් මම කැමතියි ඒ ගැන හැදෑරීමක් සිදුකරන්න.
Q රංගනය කිවුවාම දෙපැත්තක් තියෙනවා. ටෙලිනාට්‍ය හා චිත්‍රපට ලෙස. ඔබ මෙයින් වඩා කැමති මොන පැත්තටද?
මොකක් ලැබෙයිද කියන්න මම දන්නෙ නැහැ. හැදෑරීමෙන් පස්සෙ එළියට එන විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මුලින්ම මම කැමතියි ටෙලිනාට්‍ය පැත්තෙන් දෙයක් කරලා චිත්‍රපට පැත්තට යන්න.
Q ඉදිරියේදි කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
කාලයක් මේ ක්ෂේත්රයේම රැඳෙන්න බලාපොරොත්තු වෙනවා. මට තාම ලොකු වයසකුත් නෑ. ඉදිරියේදි මම ආසයි මේ ක්ෂේත්රයේ හොඳ නමක් හදාගෙන ඉදිරියට එන්න. ඇත්තටම මම සතුටු වෙනවා මේ වගේ ක්ෂේත්රයක ඉන්න ලැබීම ගැන. මට මේ තැනට එන්න උදවු කළ සියලුදෙනාටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ගොඩක් අයගේ සහයෝගය මට ලැබුණා. ඉදිරියටත් මම මේ ක්ෂේත්රයේ හොඳ වැඩ ටිකක් කරගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.
ඡායාරූප - කවීත් මිලින්ද
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

