මේ මම විවේක ගන්න කාල සීමාවක්
පොළොන්නරුව ෙස්වාමුත්ත කඳවුර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය නිම කරන ඔහු අනතුරුව පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන කටයුතු අවසන් කරයි.
රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය නිම කිරීමෙන් අනතුරුව මාධ්‍ය ක්ෂේත්රයට යොමුවන ඔහු බොහෝදෙනෙක් හඳුනාගන්නේ සගා යන නමිනි.
වසර නවයකට අාසන්න කාලයක් හිරු නාළිකාව සමග ඔහු බොහෝ මාධ්‍ය කටයුතුවලට දායක විය. මේ මොහොත වනවිට හිරු නාළිකාවෙන් ඉවත්ව සිටින සගා ගුරුගේ 'අද' හා සම්මුඛ වූ මොහොතකි මේ.
Q හිරු වැඩසටහන් කළමනාකරුවෙකු ලෙස සිටි ඔබ ඉන් ඉවත් වෙන්නේ ඇයි?
හිරු කණ්ඩායමේ සිටි බහුතරයක් හිරු නාළිකාවෙන් ඉවත් වනවිට මම ඒ තීරණය නොගෙන හිටියා. ඒකට හේතුව මම හිරු නාළිකාවෙන් මිනිසුන් හඳුනාගත් කෙනෙක්. ඒ නිසා ඒ නාළිකාවට මගෙන් යම් සේවයක් කරන්න ඕන කියන තැන මම හිටියා. පසුකාලීනව ඉන් ඉවත්විය යුතුයි කියලා මට සිතුණ නිසා මම තීරණයක් ගත්තා.
Q මෙතරම් කාලයක් නාළිකාව සමග කටයුතු කර මේ මොහොතේ ඉවත් වෙන්න තීරණය කිරීමේ ප්‍රබල හේතුවක් තිබුණද?
හේතු ගැන කියනවා නම් පරිපාලනය තුළින් මට නොසිතූ දේවල් කිහිපයක් සිදුවුණා. ඒ නිසා තමයි මම මේ තීරණය ගත්තේ. අරවින්ද ලොකුගේ නාළිකාවෙන් ඉවත් වීමෙන් පසු ඔහු කළ සියලු කටයුතු සිදුකරන්න වුණේ මට. 'ඩීජේ අරා' ලෙස මම උදෑසන වැඩසටහන කළා. ඒ වගේම 'වින්දනීය උදෑසන', ලංකාවේ වැඩිම පිරිසක් නැරඹූ වාස්තු විද්‍යාත්මක වැඩසටහන නිර්මාණය කළෙත් මම. 'හිරුයි තරුයි' වැඩසටහන කළෙත් මම.
එහෙම වුණත් මිනිස්සුන්ගේ ජිවිත වල යම් යම් කාලවලදී තීරණ ගන්න සිදුෙවනවා. ඒ නිසා මම ගත්ත තීරණයක් මෙය. මම හිතුවා දැන් මම ඉවත්විය යුතු කාලසීමාව ඇවිත් කියලා. මට හිතුණා දැන් මට වැඩ කළයුතු පරිසරයක් එහි නැහැ කියලා. ඒ හැඟීම පිට තමයි මම ඉවත් වුණේ. මම වැඩ කළ ආයතනයට කිසිම ද්‍රෝහිකමක් සිදුකළේ නැහැ.
හිරු නාළිකාවේ දැවැන්ත චරිත ගැලවිලා යද්දි මම හිටියා. පස්සෙ ඩීජේ අරාට වොයිස් කරන්න කියන අභියෝගය තිබුණා. ඒ අභියෝගය මම භාරගත්තා. මුල්කාලීනව එය හැකි ලෙස සිදුකළා. නැවත '138' වැඩසටහනට මම යොමු වුණා. මගේ උපරිමයෙන් සේවාව කළා. ඒත් මට හිතුණා මේ මොහොතේ වැඩ කළ හැකි පරිසරයක් නැහැ කියලා. ඒ නිසා මම ඉන් ඉවත් වුණා.
Q ඒ කියන්නේ මේ වෙද්දි වැඩක් කරන්න පුළුවන් පරිසරයක් නාළිකාව තුළ නිර්මාණය වී නැද්ද?
මම කළමනාකරණය ගැන ඉගෙන ගනිද්දී ඉගෙන ගත්ත දෙයක් තියනවා. ඒ සේවක අභිප්‍රේරණය නැති තැන ඉවත් විය යුතුයි කියන එක. ඒ නිසා මම ඒ තීරණය ගත්තා. ඒ තීරණය හරි.
Q වසර අටක කාලයක් හිරු නාළිකාව එක්ක ඔබ කටයුතු කළා. ඒ කාලයේ සිදුකළ දේවල් සහ ඒ වැඩකටයුතු සිදුවුණ ආකාරය ගැන තෘප්තිමත් විය හැකිද?
මට උපරිමයෙන් තෘප්තිමත් විය හැකියි. මගේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ අරවින්ද ලොකුගේ (ඩි.ජේ අරා) ඔහු දන්නා සියලු දේ මට ලබා දුන්නා. 'හිරු ලව් ට්‍රේන්', 'මේ සැරේ අපිටත් නත්තල්', පෝයට හිරු බණ වැඩසටහන හඳුන්වා දීම, මැදිරිගිරියේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ හඳුන්වා දීම, 'සූර්යය දැහැන' වැඩසටහනට දායක වෙන නිශාන්ත පෙරේරා මහතා මාධ්‍යයට හඳුන්වාදීම සිද්ධ වුණේ මම අතින්. 'හිරු මෙගා බ්ලාස්ට්' ගීත ලියවුණේ මගේ අතින්. 'හිරු නම් සල්ලි' තේමා ගීතය රචනා කළේ මම. 'හිරු ටොප් ෆෝටි' වැඩසටහන මම සිදුකළා. හිරු සිදුකළ බොහෝ වැඩකටයුතුවලට මූලිකත්වය ගෙන කටයුතු කළා.
Q මේ ඉවත් වීමත් එක්ක නිවේදකයෙක් ලෙස නැවත සගා කටයුතු කරන්නේ නැද්ද?
මම නිවේදන කාර්යයට සමුදීමවත් මාධ්‍යයට සමුදීමවත් සිදුවෙන්නේ නැහැ. ගීත රචනාවලින් ඉදිරියට එන්න බලාපොරොත්තු වෙනවා. මම මුලින්ම සුප්‍රියා අබේසේකර ගායනා කරන, ප්‍රියන්ත නාවලගේ සංගීත අධ්‍යක්ෂණය කළ 'ඔබව දකිනා විටදී' කියන ගීතය කළා.
පසුව සංඛ දිනෙත්ට නිර්මාණය කරන 'රෑ සිහිනෙන්' ගීතයත්, නදීර නෝනිස්, තීක්ෂණ අනුරාධ, චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි, රොමේෂ් සුගතපාල, අජිත් පෙරේරා, ජගත් වික්‍රමසිංහ, රහල් අල්විස් යන අයට රචනා කළ ගීතත් ඉදිරියේදී පැමිණීමට නියමිතයි. කලාකරුවන් බොහෝදෙනෙක් ගීත ලියන්න මෙලඩි එවලා තියනවා.
ඉදිරියේදී ගීත රචනා කරනවා. මේ කාලයේ නිදහසත් එක්ක ගීත කිහිපයක්ම රචනා කරනවා. නමුත් මම මාධ්‍යයට නැවත යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මම අවුරුදු අටක කාලයක් හිරු නාළිකාව එක්ක වැඩ කළා. මම හිතනවා දැන් මම විවේක ගන්න කාල සීමාවක් කියලා.
Q ඒ කියන්නේ සගා වෘත්තීමය ලෙස ගීත රචනා කරන්න බලාපොරොත්තු වෙනවා?
මම මේ ගීත රචනා කරන්නේ සත පහක්වත් ලබාගන්නෙ නැතුව. ඒක මගේ ආත්මතෘප්තිය. ඒ වගේම මම කවදාවත් මාධ්‍යයට ගීත අරගෙන යන්නෙ නැහැ. ගීතය අදාළ සංගීතඥයා හෝ ගායකයා මාධ්‍යයට ලබාදෙයි.
මෙහිදී මා සිහිපත් කළ යුතු කරුණක් තිබෙනවා මගේ තාත්තා සම්බන්ධයෙන්. මගේ පියා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. ඔහු ලංකාවේ ඇත් දළ 32ක් අැල්ලුවා. ඔහු අවසන් වරට බකමූණ ප්‍රදේශයේ මැණික් ජාවාරම්කරුවන්ගේ වැටලීමක් සිදුකරද්දී ඉල්ලම්කූරුවලින් ඇන ටිපර් රථයක ගෙන ගොස් වධ දී ඝාතනය කරනවා.
මගේ තාත්ත හැමවිටම සඳහන් කළ දෙයක් තමයි කොහේ හිටියත් ජවේ වෙනස් කරන්න එපා කියලා. තාත්තා නැතිවෙලා සතියක් වගේ කාලයකදී මම විශ්වවිද්‍යාලයට ගිහින් අභියෝගය භාරගත්තා. තාත්තගේ පන්නරයත් එක්ක මම මගේ ජීවිතේ ගෙන යනවා. මගේ තාත්ත නැතිවුණේ 2005 මැයි 17 වනදා. තවමත් එහි නඩු කටයුතු සිදුවෙනවා. තවම අවසන් තීන්දුව ලැබී නැහැ. මම හිතනවා එයට සාධාරණයක් ඉටුවෙයි කියලා.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

