මෙවර සාක් චිත්‍රපට උලෙළේදී ලංකාව ඉදිරියෙන්
සාක් කලාපීය රටවල් එක්ව පවත්වනු ලබන SAARC චිත්‍රපට උලෙළ පසුගියදා (25දා) ජාතික චිත්‍රපට සංස්ථාවේදී පවත්වන ලදී. සාක් සංස්කෘතික මධ්‍යස්ථානය (SAARC Cultural Centre) විසින් සංවිධානය කරන මෙම චිත්‍රපට උලෙළ සාක් කලාපීය ප්‍රවීණ සහ නවක සිනමාකරුවන් දිරිගැන්වීම උදෙසා පවත්වනු ලබයි. එසේම මෙවර මෙම චිත්‍රපට උලෙළ ලංකාවේ පැවැත්වීම විශේෂත්වයකි.
දකුණු ආසියාතික රටවල් අතර ඇති සංස්කෘතික, දේශපාලන, ආර්ථික තත්ත්වයන් සහ මෙම කලාපීය රටවල ජනතාවගේ මානසික තත්ත්වයන්, ඔවුන්ගේ ගැටලු මේ බොහෝ චිත්‍රපට සඳහා පාදක වී තිබුණි. ඒ ඔස්සේ මෙම රටවල් අතර අන්තර් සංස්කෘතිය හුවමාරු කර ගැනීමේ හැකියාව තිබේ. එසේම මෙම චිත්‍රපට උලෙළේදී වෘතාන්ත චිත්‍රපට නිර්මාණකරුවන් මෙන්ම කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ද ඇගයීමට ලක් විය. එහි අරමුණ වූයේ කලාපයෙන් බැහැරව ගොස් ලෝක සිනමාව වෙත මෙම නිර්මාණකරුවන් ඉදිරිපත් කිරීමයි.
මෙම චිත්‍රපට උලෙළෙහි ජූරි සභිකයන් ලෙස කටයුතු කළේ Anne Demy-Geroe , Antonio Costa Valente සහ Amir Masound Soheilli යන අයයි. SAARC චිත්‍රපට උලෙළ සඳහා නිර්දේශිත චිත්‍රපට 24ක් වූ අතර, එහිදී පහත අංශ යටතේ නිර්මාණකරුවන් ඇගයීමට ලක් කරන ලදී.
හොඳම වෘතාන්ත චිත්‍රපටය - 'Let Her Cry'(ඇගේ ඇස අග)
හොඳම කෙටි චිත්‍රපටය - 'The Water' (ඇෆ්ගනිස්ථානය)
හොඳම අධ්‍යක්ෂකවරයා - 'Let Her Cry' (ඇගේ ඇස අග) අශෝක හඳගම
හොඳම නළුවා - 'Frangipani ' (සයපෙති කුසුම) - භූමි හරේන්ද්‍රන්
හොඳම නිළිය - 'Vishka' – (මාලදිවයින) – Aishath Rishmy
හොඳම කැමරාකරණය - 'The Bird Was Not A Bird' ( ඇෆ්ගනිස්ථානය) Ahmad Zia Arash
හොඳම සංස්කරණය - 'Dying Candle' (නේපාලය) Sandeep Adhikari
හොඳම තිර රචනය - 'Oggatonama'
(බංගලාදේශය) Tauquir Ahmed
Best Original Score – 'The Black hen' (නේපාලය)
විවෘත අංශයේ හොඳම චිත්‍රපටය - 'The Black hen' ( නේපාලය)
ජූරියේ විශේෂ ඇගයීම් ලැබූ චිත්‍රපට
'Taandav' – (ඉන්දියාව)
'Frangipani' – (ශ්‍රී ලංකාව)
'Pinky Beauty Parlour' ‘ - (ඉන්දියාව)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.











