"මං ලංකාවේ නැති අතරේ මගේ වටේ මා දන්නා බොහෝ දෙනෙක් මා පිළිබඳව නොයෙක් අර්ථකථන සමාජයේ වපුරලා තිබුණා. 2014 වසරේ අප්‍රේල් 22 රෑ මං ලංකාවට ඇවිත් අප්‍රේල් 25 ඉඳලා 'හැට හතර දවසක් දඹදිව' 'අද' පත්තරේට ලියන්න ගත්තම බොහෝ දෙනෙක්ගේ කටවල් වැහුණා. මොකද මම ගැන නරක කියපු අය බලාපොරොත්තු වෙන්න ඇත්තේ මම ලංකාවට ඇවිත් හොඳ මිනිහා වෙන්න හතරවරං බොරු කියාවි කියලා. ඒ වුණාට මම කළේ ඒකෙ අනිත් පැත්ත. සමාජයේ මං ගැන තිබුණු ප්‍රතිරූපය 'හැට හතර දවසක් දඹදිව' තුළින් මම කුඩුපට්ටම් කළා. ලොකු පොරවල් ආශ්‍රය කරනවා කියල සමාජයට පෙන්වලා අයුතු ඵල ප්‍ර‘යෝජන ගන්න කොච්චර පිරිසක් මං වටේ හිටියද කියලා මෙවර මං දැනගත්තා. මාර්තු හතරවැනිදා මං එළිදක්වන 'හැට හතර දවසක් දඹදිව' පොත කියෙව්වම මා වටේ සිටි ඒ අයට වෙන්නේ මොකක්ද කියා මං ඉතා ආශාවෙන් බලන් ඉන්නවා"
මාධ්‍යවේදී පද්මකුමා පී. මෙත්තසේන මේ කතා කරන්නේ 2014 වසරේ අප්‍රේල් 25 සිට ජූලි 25 දක්වා පුරා මාස තුනක් සෑම සිකුරාදාවම 'අද' පුවත්පතේ පළවූ 'හැට හතර දවසක් දඹදිව' පොතක් ලෙස එළිදක්වන පැයක උත්සවය පිළිබඳ හැඳින්වීමක් එක්කරමින්. 'හැට හතර දවසක් දඹදිව' කෘතිය 2015 මාර්තු 04 වැනිදා සවස 4.00ට කොහුවල - නුගේගොඩ පිහිටි සෙයිජිස් කැම්පස් (SAEGIS CAMPUS) අටවැනි මහලේදී උත්සවාකාරයෙන් පාඨකයා අතට පත්වෙනවා. මෙහිදී කෘතිය ප්රකාශනයක් ලෙස එළිදක්වන අතර, පොතේ මුද්‍රණය හා බෙදාහැරීම ප්‍රේම් දිසානායක මහතාගේ ෆාස්ට් පබ්ලිෂින් ආයතනයෙන් සිදුවෙනවා.
"ගිය වසරේ මං කිහිප වතාවක් ලංකාවට ඇවිත් ගියා. පසුගිය වසරේ (2014) දෙසැම්බර් පහ ඉඳලා මම ලංකාවේ ඉන්නවා. සමහරු කියල තිබුණා පිටරට යන්න මෙත්තසේනට සල්ලි දෙන්න බෑ. ලංකාවේ ඉන්නවා නම් ඕන උදව්වක් කරන්න පුළුවන් කියලා. මෙවර ලංකාවට ඇවිත් වැඩි කාලයක් හිටියෙ ගාල්ලේ මගේ මිත්‍රයා වන ඩබ්.එම්.එන්. කිත්සිරිගේ ගෙදර. ඒ මනුස්සයා විදුලි කාර්මිකයෙක්. කිත්සිරි දවස ගෙවාගන්න මුදල් එකතු කරගන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා හැමෝම දන්නවා. හැබැයි කවුරුවත් කිත්සිරිගෙන් අහල තිබුණෙ නැහැ උදව්වක් ඕනෙද කියලා. මගේ ජංගම දුරකථන අංකය පුවත්පත්වල ෆේස්බුක් එකේ හැමතැනම පළවුණා. කාගෙන්වත් දුරකථන ඇමතුමක් නැහැ. පත්තරවල ඉන්න අයත් ප්‍රසිද්ධිය ඇති අයත් පොලිස් යුනිෆෝම් එක නැති වුණාම කියන 'ලෙල්ල නැති කෙහෙල් ගෙඩිය' තත්ත්වයට වැටෙනවා. ඇගයීම්, බලය, ධනය අහිමි වුණාම මටත් ඒ දේ සිද්ධ වුණා. ඒ ගැන දුකක් නැහැ. ඇත්තේ සතුටක්. හරියට බල්ලෙක්ගේ ඇගේ ඉන්න බලු මැක්කන් හැලුණාම ඇතිවන සතුට වගේ සතුටක්" යනුවෙන් මෙත්තසේන පැවසීය.
"මට තාමත් උදව් කරන්නේ එදා හැට හතර දවසක් ලිපි පෙළේ සඳහන් කරපු නාමාවලියේ අයමයි. මම මිනිස්සුන්ගේ වෙනස්වීම දැක්කේ හොඳ කාලේ මා ළඟ හිටි එක් වීඩියෝකරණ ශිල්පියෙක්ගෙන්. ලංකාවේ ඉහළම පෙළේ පුහු මංගල සාද මට ලැබුණාම ඒ අය විඩියෝකරණ ශිල්පියා තෝරා ගන්නේ මගේ කීමට. මේ පුද්ගලයා ඒ දවස්වල උදේ, දවල්, රෑ දුරකථන ඇමතුම් දීල හැමදාම මං කෑවද, නෑවද කියල පැයෙන් පැයට අහනවා. මට වැඩ වැරදුණාට පස්සෙ මෙයා මාවත් මගහැරියා. ලක්ෂ ගණනින් මගේ එකවුන්ට් එකට හෙට දානවා අද දානවා කියලා අවුරුද්දක්ම මෙයා මාව ඇන්දුවා."
ඔහු සිය ඉදිරි කටයුතු පිළිබඳව අප හා පැවසුවේ මෙවන් අදහසක්. "මම ඉදිරියේදි මොනම හේතුවක් නිසාවත් ලංකාවේ අයගේ පිංතුර පත්තරවලට මැගසින්වලට ගන්නෙ නැහැ. ලේඛන කටයුතුවලට මුල් තැන දෙනවා. ඒවට අවශ්‍ය පිංතූර ගන්නවා. ඕනම කෙනෙකුට මාව පෞද්ගලික මුදල් ගෙවලා ඡායාරූප කටයුත්තකට සම්බන්ධ කරගන්න පුළුවන්. එකල අනෙක් අයගේ නම් ගැන, පිංතුර ගැන මම පුවත්පත් සඟරා මුද්‍රණයට පෙර හොයලා බලලා ඒ අයට මුද්‍රණ දෝෂයක් නැතිව නම පළ කරන්න ලොකු උත්සාහයක් ගන්තේ කිසිදු මුදලක් නොගෙන. ඒ හේතුව නිසාම කර්තෘවරු, පිටු නිර්මාණ ශිල්පීන් එක්ක ගැටුම් පවා ඇති කරගත්තා.
මට දැන් හිතෙනවා මොනතරම් නිස්සාර දෙයක්ද මම කළේ කියලා. මගේ නිරූපිකා ඡායාරූපවලට වෙස්ගැන්වීම කරපු බොහෝ දෙනා අද ලංකාවේ ඉහළින්ම වෘත්තිය කරන අය. මේ මනාලියන් අන්දන අයගේ ලෝකය කෙතරම් කෘත්‍රිමද කියලා මම මෙවර දැනගත්තා. ඒගොල්ලොන්ගේ ජීවිත ඇගේ මුහුණේ අතුල්ලා මවන කෘත්‍රිම ලෝකය වගේම පට්ටපල් බොරු මැවීමක්.
සමහර සිංහල චිත්‍රපටවලට සන්ඩේ ටයිම්ස් මැගසින් කවරේ අරගෙන දුන්නේ කතුවරුන්ගෙන් අවසර අරගෙන, කිසිදු මුදලක් අය නොකර. ඒ අධ්‍යක්ෂවරුන්ට මම චිත්‍රපට කරනවා කිව්වම දාපු කකුල් මාට්ටු කෙළවරක් නැහැ. අද ඉන්න නළු නිළියෝ ගණනාවකගේ පළමු ඡායාරූපය, ලිපිය දැම්මේ මම.
සිනමාවට එද්දි මේ අය කල්ලි ගැහුණා. මම හිතනවා සියලුම මාධ්‍ය‘වේදීන් සිනමාවට ආවොත් ඒ ගොල්ලො උදව්කරන ඔය සිනමා රජවරු කොච්චර අප්‍රසන්න චරිතද කියලා වටහාගන්න පුළුවන් වේවි.
එකල මිරර් මැගසින් එකෙන් ප්‍රචාරය දුන්න හමීඩියාස් අධිපති ෆවුල්සුල් හමීඩ් මහතා සහ මෝස්තර නිර්මාණ ශිල්පිනි පූර්ණිමා අබේරත්න දෙදෙනා තමයි මාව අමතක නොකළේ. මම කිසිදවසක ප්රචාරක උදව් නොකළ මගේ ක්ෂේත්රයේ තරගකාරී ඡායාරූප ශිල්පීන් ලෙස සිටි දිනුක ෆොන්සේකා (ස්ටුඩියෝ 3000) හා රසාංග දිසානායක වගේ බොහෝ ඡායාරූප ශිල්පීන් මට මුදල් දුන්නා"
මංගල සාද ඇල්බම් කලාවේ නමක් දිනා සිටි මෙත්තසේන දැන් නිහඬයි. ඒ පිළිබඳවත් අප ඔහුගෙන් කළ විමසීමේදී මෙසේ පැවසීය.
"ඡායාරූප ගැනීමත් ඒ මොහොතේම ඡායාරූප දීමත් පමණයි මම සිදුකරන්නේ. මම අයකිරීම් කරන්නේ පැය ගණනට. ඕනෑම කෙනෙකුට මුල් පැයට රුපියල් 15,000 (පහළොස්ද දහසක්), එකතුවන දෙවැනි පැයට දසදහසක් (10,000), ලෙස පැය ගණනට ගෙවීමේ පදනමට මගේ සේවය ඕනෑම දෙයකට ගන්න පුළුවන්. ඒ මොහොතෙම පිංතූර දෙන්න මම සූදානම්. මංගල සාද ආවරණයත් එම පදනම මත කරනවා. ඡායාරූප ඒ වෙලාවෙම දෙනවා. එතකොට ප්‍රශ්න අඩුයි."
එතකොට ඔබ ආයෙත් නැගිටිනවා?
"ඔව් අනිවාර්යෙන්ම. මෙත්තසේන ඉවරයි කියලා අප්පුඩි ගහලා විසිල් ගහපු අය ඒ විදිහටම හිටියාවේ. මට හොඳ කළ මිනිස්සු හොඳට මතකයි වගේම නරක කරපු අයත් හොඳට මතකයි. රටේ බහුතරයකට වගේ සති දෙකක් යනකොට වුණ වැඩේ අමතක වීමේ ප්‍රවණතාව මට නැහැ. හැබැයි මම කාටවත් ප්‍රසිද්ධියේ බනින්න යන්නෙ නැහැ. හැබැයි කවුරු හරි චාටු කතා කියාගෙන මාව නෑඹිලියෙන් නාවන්න ආවොත් නම් ප්‍රතිපත්තිය වෙනස් වේවි. මගේ ජීවිතේ මාව හලපු අය කෙදිනකවත් ආයෙත් මගේ ජීවිතේට කිට්ටු කරගන්නේ නැහැ. තමන් හොඳ දෙයක් කළා නම් හොඳ ලැබෙයි. නරක දේට දේව දඬුවම් ලැබෙයි. මටත් ගිය වසරේ ලැබුණේ මේ ආත්මයේ හෝ පෙර ආත්මයේ කරපු දේකට ලැබුණ දෙවියන්ගේ සොබාදහමේ දඬුවමක් කියලයි මම හිතන්නේ. 'හැට හතර දවසක්' පොත කියෙව්වම මම ලබපු දඬුවම් තමන්ගේ ජීවිතයට බලපාන විදිය එම පාඨකයාටම විග්රහ කරලා බලාගන්න පුළුවන් වේවි"
0722 271024