අමුද්‍රව්‍යවල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන නිසා ලබන මස 01වන දින සිට සියලුම ආහාරවල මිල සියයට දහයත් විස්සත් අතර මුදලකින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශලා හා අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එළවළු මිල සේම ලුණු මිල ඉහළ ගොස් තිබෙන බවත්, මීට අමතරව පොල්, සහල්, පොල්තෙල්, ෆාම්ඔයිල් මිලත් සැලකිය යුතු මුදලකින් ඉහළ ගොස් තිබෙන බවද එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේය.
මේ නිසා බත්, රයිස්, කොත්තු හා කෙටි ආහාර මිල දැනට පවතින මිලට සාපේක්ෂව සියයට දහයත් විස්සත් අතර මුදලකින් 31වන දින මධ්‍යම රාත්‍රී 12 න් පසු ඉහළ දමන බවද පැවසීය.
පොල් ගෙඩියක මිල මේ වන විට රුපියල් 220ත් රුපියල් 250ත් අතර මිලක් ගෙන තිබෙන බවත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 320ත් රුපියල් 360ත් අතර මිලක් හා සම්බා කිලෝවක මිල රුපියල් 270ත් රුපියල් 280ත් අතර මිලක් ගෙන තිබෙන බවත්, ෆාම්ඔයිල් කිලෝවක් රුපියල් 900ත් රුපියල් 920ත් අතර මිලක් හා පොල්තෙල් කිලෝවක මිලත් මීට ආසන්න මිලක් ගෙන තිබෙන බවද සඳහන් කළේය.
බොහෝ එළවළු වර්ගවල මිලත් දරාගත නොහැකි ආකාරයට ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා ආහාර මිල මේ ආකාරයට ඉහළ දැමීමට කටයුතු කරන බවද පැවසීය.