මහින්දානන්දට වසර 20ක, නලින් ප්‍රනාන්දුට වසර 25 ක බරපතල වැඩ සහිත සිර දඩුවම්
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු එම චෝදනාවලට වරදකරුවන් කර තිබේ.
ඒ අනුව ඒ අනුව හිටපු වෙළඳාමැති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25ක සිර දඬුවම් නියම කළ අතර හිටපු ඇමති මහින්දානන්ද අලුත් ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20ක සිරදඬුවම් නියම කළේය. මෙම නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණින. ප්‍රදීප් හෙට්ටිආරච්චි, ප්‍රදීප් අබේරත්න හා මහේෂ් වීරමන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැණින.
අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව තහවුරු කළ ඇති බවට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
popular news
-
ඒ.එම්.ඒ. කුමාර Thursday, 29 May 2025 06:13 AM
හිරේ දැම්මට මදි. ඔවුන් නාස්ති කරලා තියෙන්නේ මහජන මුදල්. අද රටක් දුක් විඳින්නේ ඔවුන්ගේ මේ නාස්තිය හා දූෂණය නිසයි. එබැවින් මේ මුදල් අයකර ගැනීම අවශ්‍යයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

