බුත්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුධය ඉහළයාමක් සමග සමාගමේ පාලන අධිකාරිය විසින් ඔවුන් නිෂ්පාධනය කරන දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්,පාඩු පිට ගැනුම්කරුවෙකුට අලෙවි කර ඇති බවත්, එසේ අලෙවිකර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසුහතරක පමණ පාඩුවක්පිට බවත්, සමාගමේ සේවකයින් පවසති.
මෙම ගණුදෙනුවහේතුවෙන් සමාගමට සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ 420ක පමණ වන බව පැවසේ.
සමාගම තම සීනි තොගවලින් කොටසක් මෙසේ පාඩුපිට අලෙවිකර ඇත්තේ, 2025 මැයි මස සේවක වැටුප් ගෙවීමට අවශ්‍ය හිඟ මුදල් සොයාගැනිමට හා උක් ගොවියන්ගේ උක් සදහා අවශ්‍ය ගෙවීමි කටයුතු සිදුකිරිමට බව පැවසේ.
පැල්වත්ත සීනි සමාගමේ මෙි වනවිට අලෙවිකරගත නොහැකිව ගබඩාකර ඇති සීනි සීනි මෙට්‍රික්ටොන් ප්‍රමාණය 17000කට ආසන්නය.
සිනී සමාගම සදහා සිනී කිලෝවක් නිෂ්පාධන කිරිම සදහා රජයේ බදු සමග රුපියල් 283ක් පමණ වැයවෙන බවත්, සමාගම මෙම සීනි මෙට්‍රික් ටොන් 500 අලෙවිකර ඇත්තේ කිලෝවක් රැපියල් 199කට බවත්, හෙළිව තිබෙි.
ගබඩාකර ඇති සීනි තොග අලෙවිකර ගැනීමට නොහැකිවීමත් සමග, සමාගමේ පාලන අධිකාරිය විසින් ඇති තිබෙන මුල්‍ය අර්බුධය සමනයකර ගැනීමට රුපියල් බිලියන 05ක ණය මුදලක්, මහා භාන්ඩාගාරයෙන් ඉල්ලා ඇතත්, එම ණය මුදල ලබාදීමට මහාභාන්ඩාගාරය ප්රතික්ෂේපකර ඇති බව වාර්ථාවෙි.
පැල්වත්ත සමාගමේ සේවකයින් 3900 පමණ සේවය කරන අතර,ඔවුන්ගේ වැටුප් ගෙවීම, උක් ගොවියන්ට අදාල ගෙවිම් කටයුතු කිරිම,නඩත්තුව ඇතුලුව සමාගමේ පරිපාලන කටයුතු සදහා මසක වියදම රුපියල් බිලියනයකට ආසන්න බව සමාගමේ වෘත්තිය සමිති කියති.
අප මේ පිළිබඳව විමසිමට පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරිනී දීපිකා ගුණරත්න මහත්මිය දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සහකලද එම උත්සහය අසාර්ථක විය. පසුව අප මේ සමිබන්ධයෙන් සමාගමේ සභාපතිනී සඳමාලි චන්ද්‍රසේකර මහත්මියගෙන් කල විමසීමකදී ඇය පැවසුවෙි, එම සීනි තොගය පාඩු පිට අලෙවි නොකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලිකර ගැනීමක් අවශ්‍ය නම් දැනට විදේශගතව සිටින ඇමති සුනිල් හදුන්නෙත්ති මහතා මෙරටට පැමිණි පසු ඒ ගැන විමසීමක් කරන ලෙසය.අනතුරුව අප මේ ගැන විමසිමට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනිමට උත්සහකලද, එය අසාර්ථක විය.
මොණරාගල - නයනජීව බන්ඩාර
