සදහටම ඔබ මගේ චිත්‍රපටය තුළින් ක්ෂේත්රයට අවතීර්ණ වූ ඔහු හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙකු ලෙස ප්‍රේක්ෂකයන් තුළ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටී. මේ දිනවල තිරගත වන මයි නේම් ඊස් බන්දු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දායක වන ඔහු බන්දු සමරසිංහයි. මේ කතාබහ ඔහු සමගිනි.
Q වසර දෙකහමාරකට පමණ පසු අැයි ඔබ ප්‍රේමවන්තයෙකුගේ චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන්නේ?
මේ චිත්‍රපට කර්මාන්තය තුළ වාණිජ චිත්‍රපට කිරීම අවශ්‍යයි. ලංකාවේ සරල ජනතාවක් ඉන්නවා. ඒ අයට ඉඳහිට හරි මගේ චිත්‍රපටයක් ඕන කියලා මට හිතිලා තියෙනවා. මම පල්ලි පන්සල්වලට යනවා. බෝධි පූජාවලට සම්බන්ධ වෙනවා. ප්‍රජාසත්කාර වලට යනවා. ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මිය එක්ක වසර හයක් පමණ මම ජනසරණ ප්‍රජා සත්කාරය කළා. ඒ වගේම මම සමාජයේ විද්වත් පුද්ගලයන්, දොස්තර මහත්තුරු, මහාචාර්යවරු, ගුරුවරු, පොලීසිය, හමුදාවේ අය, පන්සල්වල නායක හාමුදුරුවරු හම්බවෙනවා.
පොදු ජනතාව සමග කතා කරන මොහොතක දැනගත් දෙයක් අනුව තමයි මයි නේම් ඊස් බන්දු බිහිවුණේ. මේ මොහොතේ චිත්‍රපටයක් තිරගත වීමට නම් එය වසරකට පෙරවත් රූගත කළ යුතුයිනේ. ඒ සිතුවිල්ල තමයි මම ගිහින් සුරංග ද අල්විස්ට කිව්වෙ. ඔහු අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයට දායක ෙවන්න මම කැමතියි කිව්වා. මම එහෙම සාමාන්‍ය‘යෙන් කියන්නේ නැහැ. එහෙම කියන්න හේතුව වුණේ ඔහු සංගීත අධ්යක්ෂවරයෙකුගේ පුතෙක් වීම. සරත් ද අල්විස් සංගීතවේදියාගේ සංගීතයට තිබෙන ඇල්මත් එක්ක තමයි ඔහුගේ පුතා එක්ක මේ චිත්‍රපටය කළේ. ඒ අනුව තමයි මයි නේම් ඊස් බන්දු තිරගත වෙන්නේ. චිත්‍රපටය වාසනාවන්ත වුණා. මම හිතන්නේ මගේ නම වැටුණු නිසා. මම ආදායම් වාර්තා ගැන දන්නෙ නෑ. රසිකයන්ගේ පැත්තෙන් සත්තකින්ම මේ චිත්‍රපටය නැරඹීම මානසික සුවයක් වෙලා තියෙනවා.
Q ඔබ යළිත් චිත්‍රපට කරන්නේ නැති බව වෙබ් අඩවිවල සහ සමහර පුවත්පත්වල පළවුණා?
මම නිහඬ වුණොත් මේක අවසන් චිත්‍රපටය ෙව්වි. හැබැයි ඒ නිහඬ වුණොත් විතරයි. දැනට මේක තමයි අවසාන චිත්‍රපටය. නැවත සංවිධානය කරනකම් තව චිත්‍රපට නෑ. පෝළිම් චිත්‍රපට එකක්වත් මට නෑ. මට ලැබෙන ආරාධනාවලට මම යන්නෙ නෑ. මම භාරගත්ත දේවල් තමයි කරන්නෙ. මට හැම චිත්‍රපටයකටම යන්න වුණේ නැත්තෙ මගේ මානසික ප්‍රශ්න. මම දුර්වලයි.
Q ඔබේ පෙනුම තිබෙන වෙනත් රංගන ශිල්පියෙකු යොදාගනිමින් ඔබ ප්‍රධාන චරිතයට දායක කර ගත් අධ්යක්ෂවරුන්ම DVD චිත්‍රපට පවා නිර්මාණය කරනවා?
ඒ සම්බන්ධව කතා කරන්න බැහැ. මහාධිකරණයේ නඩුවක් තිබෙන නිසා නිහඬ වෙනවා.
Q මයි නේම් ඊස් බන්දු තුළත් දක්නට ලැබෙන්නේ ඔබේ සාම්ප්‍රදායික රංගන ශෛලියමයි නේද? උදාහරණයක් කිව්වොත් කාන්තා ඇඳුම් හැඳගෙන ඔබ කරන රංගනය පවා?
ඔය අහන ප්‍රශ්නයට මගෙන් උත්තර ලැබෙන්නෙ නෑ. මම ආස හින්දා මම කළා. මම සමාජයටයි මේක කළේ, නමුත් සමාජය මේකෙන් පාඩම් ගන්න ඕන නෑ. සුළු මුදලක් දීලා සරල වින්දනයක් ලැබුවාම ඇති. රුහුණු කුමාරි කෝච්චියේ නැගලා මාතරින් බහිනකොට කොච්චර සන්තෝෂද? ඒකෙන් මොකක්ද ඉගෙනගත්තේ ඇහුවොත්, මොකුත් නෑ. කෝච්චියෙන් මාතර ස්ටේෂන් එකට ආවා, එච්චරයි. නිර්මාණයේ අඩුපාඩු මට අදාළ නෑ. චිත්‍රපටයටයි මම ආදරේ. ඒ මගේ හැටි. ටොෆියක් දුන්නොත් තමයි මම එන්නෙ. නැත්නම් මම එන්නෙ නෑ.
Q ඒ කියන්නෙ බන්දු සමරසිංහගෙන් වැඩක් ගන්න ටොෆියක් දෙන්න ඕන කියන එකද?
ඒත් මට ඕන නම් තමයි මම යන්නේ, නැත්නම් මම යන්නෙ නෑ. ඒ මානසික තත්ත්වයට පත්වෙලා දැන් අවුරුදු පහළොවක් විතර වෙනවා. මගේ රංගන කාලය අවුරුදු 45ක්නේ. මුල් අවධියේ ඕක මට තිබ්බේ නෑ. නමුත් දැන් කොච්චර හොඳ චිත්‍රපටයක් වුණත් මට හිතෙන්නෙ නැත්නම් මම යන්නෙ නෑ. ලෝකයේ තිබෙන මහා සම්මාන ඔක්කොම හම්බවෙලා මුහුදේ වටේ එක්ක යනවා කිව්වත් ඒව මට වැඩක් නෑ. අපට පාරෙ ඇවිදගෙන යන්න පුළුවන් විදිහට කලාවක් තිබ්බම මට ඇති.
Q ඒ ප්‍රතික්ෂේප කිරීම තුළ ඔබේ හිස් තැන පුරවන්න වෙනත් ආදේශකවලට ඉඩ තිබෙනවා?
මට ආදේශක තියෙනවා නම් කමක් නෑ. ජෝ අබේවික්‍රම වෙනුවට අපි ජයලත් මනෝරත්න මහත්තයා ගන්නවා. ඉතිං ගන්න දෙන්නකෝ. අපට අදාළ නැහැ. ඊළඟ සැලසුමත් එක්ක චිත්‍රපටයක් තිබුණොත් ඉන්නවා. නැත්නම් නෑ. චිත්‍රපට කර්මාන්තයට අමතරව මගේ වෙනත් වැඩ තිබෙනවා.
Q ඔබ ක්ෂේත්රය තුළ වසර 45 ක කාලයක් තුළ ලැබූ ඇගයීම් ගැන ඔබේ අදහස?
ප්‍රේක්ෂක ඇගයීම් ගැන සතුටුයි. උලෙළවල් තියෙනවා. නමුත් ඒ සම්බන්ධව දන්නෙ නෑ, මොකද මම විද්වතෙක් නෙමෙයි. ඒ උලෙළවල් ගැන පරීක්ෂණ කරන්නත් මම ලොකු රංගධරයෙක් නෙමෙයි. මම ඒ ඇගයීම් ගැන හිතන්නෙත් නෑ.
Q පවතින වාතාවරණය තුළ වාණිජ චිත්‍රපටයක් ලෙස මයි නේම් ඊස් බන්දු ගැන කොයි වගේ විශ්වාසයක්ද ඔබට තිබෙන්නේ?
මම බලන් ඉන්නෙ මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් කොතරම් බලයිද කියලා. ඒ කියන්නෙ ඔළු ගෙඩි සංඛ්‍යාව. මේ කර්මාන්තයේ ශ්‍රී ලංකාවේ සිංහල සිනමාව නරඹන්න රසික රසිකාවියන් කොපමණ ඇවිත් තියෙනවාද කියන එක වටිනවා. ඊළඟ චිත්‍රපටයට ඒක ලොකු රුකුලක්. මම සිනමාවට එනකොට කාගෙන්වත් අහලා ආවෙ නැහැ. අධ්‍යක්ෂකගේ ආරාධනාවට ආවා. මගේ අම්මා තාත්තට කිව්වෙත් නෑ. මම ඔළුබක්කො නටන්න හිතුණොත් නටනවා. නුවර කොළඹ බස් එකක් එළවන්න ලැබුණොත් මම ඒකත් කරනවා.
Q ඔබේ පුතත් ඔබේ චිත්‍රපටයකින්ම රංගන කටයුතුවලට යොමු වුණා. ඉදිරියේදී ඔහුත් කලාවට දායක වෙයිද?
මගේ නිර්මාණවලට දායක වෙයි. පුතාට දක්ෂකමක් තියෙනවා නම් පුතාට නිදහස තියෙනවා. අධ්‍යාපනයෙන් පසු ඒවට ෙයාමු විය යුතුයි. මේ රටේ හැටියට කරන්න වෙලා තියෙන්නෙ ඒක.
Q ඔබේ තෝරා බේරාගෙන නිර්මාණ භාරගැනීමේ ක්‍රමවේදය සම්මුඛ සාකච්ඡාවලටත් අදාළද?
විනිවිදභාවයකින් තමයි මම දෙයක් කරන්නේ. අද පත්තරෙන් ඔයා එද්දි මම පත්තරේ ගැන බලලා තමයි ඉන්වයිට් දෙන්නේ. මේ අකුරු ටික ඔයා හරියට ලියයිද? ඔයා ලියන අකුරු ටයිප් සෙටින් අනං මනං වෙලා එළියට යනකොට ඒක වැරදුණොත් කියන එක මගේ හිත ඇතුළෙ තියෙනවා. වචනයක් මිස් වුණ ගමන් ඒක මහා විශාලව පත්තරේ හෝ වෙබ් අඩවියේ ඒක දාලා ඒ සතියේ ඒකෙන් ජීවත් වෙනවා. ඒ තරම් සුන්දර රටක් මේක. ඉතිං මම හරි ගරු කරනවා එයාලට. බනින එක ඒ අයගේ වැඩක්. මම සාමාන්‍ය මනුස්සයෙක්, අපි තාම ඉගෙනගන්න ගමන් ඉන්නේ.