මම කාත් එක්කවත් තරග කරන්නේ නෑ
නදීමාල් පෙරේරා යනු මර්වින් පෙරේරා පරම්පරාවේ තුන්වැනි පුරුකයි. ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත්‍රයා වන ඔහු 'අද' සමග එකතු වූ මොහොතකි මේ.
Q 'මායම් කලාවේ' ගීතයටප්රතිචාර කොහොමද?
මගේ අලුත් ගීතය තාම නිකුත් වුණාවිතරයි. ඉතින් ඒකට ප්‍රතිචාර හම්බෙනවා. ඒවත් එක්ක තව ගීත නිර්මාණය කරමින් පවතිනවා. හැමතැනින්ම ගීත රචනාහම්බෙනවා. ඒවත් අරගෙන ඒ නිර්මාණත් කරන්න පොඩ්ඩක් වැඩේට බැහැලා ඉන්නෙ.
Q තමන්ගෙ ගීතයක් එළිදක්වන්න කාලයක් ගත්තෙ ඇයි?
වීඩියෝ එකක් කරන්න තමයි ගොඩක් කාලයක් ගියේ. මම දන්නෙත් නෑ ඇයි එච්චර කාලයක් ගියේ කියලා. මොකද ඕඩියෝ එක කරලා අවුරුද්දකටත් වඩා කාලෙකට පස්සෙ තමයි වීඩියෝ එක කරන්න වුණේ. කාගෙ වරදකින්ද එහෙම වුණේ කියලා තාම හිතාගන්න බැරුව ඉන්නෙ.
Q අද කාලයට වඩා වෙනස් ගීතයක් ඔබ නිර්මාණය කරන්නේ? මේක අභියෝගයක් නෙවෙයිද?
ඔව් ඇත්තටම. මේක නිර්මාණය කළේසනුක.මේ තියෙන ට්‍රෙන්ඩ් එකට යන්න තරම් ලොකු වුවමනාවක් මට නෑ. මගෙ අම්මා, තාත්තා ඒකට කැමති වුණා. ඒක මට හොඳයි කියලා හිතුණු නිසා තමයි මම කළේ.
Q ඔබ වටා හොඳ රසික පිරිසක් එකතුවෙලා ඉන්නවා. මේ ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම සතුටුයි ඒ ගැන. එක වයසක කට්ටියක් නෙවෙයි අපිත් එක්ක ඉන්නේ. අපේ තාත්තලාගෙ, සීයලාගෙ වයසෙ කට්ටිය පවා අපේ ෆෑන්ස්ලා කියලා කතා කරද්දි ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.
Q නදීමාල්ගෙන් වෙන චරිතයක් බලාපොරොත්තු වෙන කට්ටියක් ඉන්නවාද?
මගෙන් තාත්තගෙ ගීත ගොඩක් ඉල්ලනවා අඩුයි. මොකද තාත්තා ඉන්න නිසා.නමුත් සීයගෙ අර ගීතය කියන්න, මේක කියන්න කියලා ඉල්ලන අවස්ථා තියෙනවා. තාත්තගේ ගීත ඉල්ලන්නේ නැතුවම නෙමෙයි. මට හිතෙන්නෙ සීයා නැති නිසා ඉල්ලනවා ඇති කියලා හිතෙනවා. තාත්තගෙ ගීතවලට වඩා ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ සීයගෙ ගීතයි.
Q තාත්තාගේ ගීත හෝ සීයාගේ ගීත නැවත නිර්මාණය කරන්න අදහසක් නැද්ද?
තාත්තගෙ ගීත මම රෙකෝඩ් කරන්නෙ නැහැ. එහෙම අදහසක් මට නැහැ. ගායනා කරන්නනෙ නැතුව ඉන්න බැහැ ඇත්තටම. මම ඒ ගැන ගොඩක් හිතලා නැහැ. මොකද මම කැමති ගොඩක් මගෙ නිර්මාණයක් කරගෙන ඉන්න. මට කියලා අනන්‍යතාවක් හදාගත්තාම ඒක හොඳයි කියන තැන තමයි මම ඉන්නෙ.
Q අද තියෙන තත්ත්වයට අනුව රැල්ලක් බිහිවෙනවා. ඒක ඔබට අභියෝගයක් නෙවෙයිද?
ඒක අභියෝගයක් කියලා හිතන්නෙ නැහැ. ඒක එක එක්කෙනා ආස කරන විදිය අනුව තමයි සිදුවෙන්නෙ. මම පෞද්ගලිකව මම ආසා කරන දේ තමයි කරන්නෙ. මට තරගයක් නැහැ. මම කාත් එක්කවත් තරග කරන්නෙ නැහැ.අපි එක එක්කෙනා අතර තරගයක් නැහැ.අපි අපි උදව් කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් එතකොට අභියෝගයක් තියෙනවා කියලා මම හිතන්නෙ නෑ. මම අනිත් අය ගැනනම් දන්නෙ නෑ, නමුත් මම එය අභියෝගයක් කියලා හිතන්නෙ නැහැ.
Q ඔබට අද පරම්පරාව ගැන මොකද හිතන්නේ?
මම දකින දේවල් හා මම අහන දේවල් එක්ක ඇත්තටම අද සංගීතයේ යම් දියුණුවක් තියනවා.එහෙම දියුණු නෑ කියන්න බැහැ. එක පිරිසක් එකම දේකට සීමාවෙලා ඉන්නවා. ඉතින් ඒ පිරිස එතනින් එහාට දෙයක් කළොත් තමයි හොඳ.නමුත් පැහැදිලි දියුණුවක් තියනවා.
Q රැල්ලක් ඔස්සේ ගීත නිර්මාණය වෙන එක ගැන මොකද හිතන්නේ?
එකම දෙයක් කරද්දි මිනිසුන්ට එපා වෙනවා. හැමෝම අඬන්න ගත්තොත් එහෙම ඒක ටිකක් අවුල්නේ. හැමෝම ඒ පැත්තටම නැතුව තව තව දේවල් අත්හදා බලන එක තමයි මම හිතන්නෙ හරි දේ. ඒක උත්සාහ කළාට කමක් නෑ. නමුත් ඒක මත්තෙම ඉන්න එක මම හිතන්නෙ නෑ හොඳ දෙයක් කියලා.තමන්ට හොඳ වුණාට මේ ක්ෂේතයට ඒක හරියන්නෙ නැහැ. මම හිතන්නෙ නැහැ එතනින් එහාට ගමනක් තියෙයි කියලා.
Q රැල්ලක් බිහිවෙන්නේ කාගේ වැරැද්දකින්ද?
කාගෙවත් වැරුද්දක් නෑ.ඔය කියන රැල්ල පටන් ගන්න ඇත්තෙ කාගෙ හරි අත්හදාබැලීමකින්. එතකොට ඒ අත්හදාබැලීමසාර්ථක වෙලා තියනවා. එතකොට ඒක කාගෙවත් වැරැද්දක් නෙවෙයි.නමුත් ඒකම එක දිගට කරන්න කරන්න ගියාම මියුසික් වුණත් එපා වෙනවා. උත්සාහ කළාට කමක් නෑ, එකදිගටකරද්දිඑපාවෙනවා.
නමුත් මම ඒක කාගෙවත් වැරැද්දක් කියලා දකින්නෙ නැහැ. ඒකට ආස පිරිසක් සහ ආස නැති පිරිසක් ඉන්න පුළුවන්. ඒකට ආස පිරිස වැඩිනම් ඉතින් ඒකට කරන්න දේකුත් නෑ. කාගෙවත් වැරැද්දක් නෑ, ඇත්තටම මිනිස්සු කැමති දේ තමයි කලාකාරයන්ට කරන්න වෙන්නෙ.
Q තාත්තගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද ඔයාට?
තාත්තා මට මොනවත්මකියලා නෑ, ඒක ඉතින් තාත්තගෙන්ම තමයි අහන්න ඕනේ.
Q ඉදිරියේදි ඔබේ බලාපොරොත්තු මොනවාද?
ඉදිරියේදි මගේ තව ගීත එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.ගොඩාක් ලොකු වේගයෙන් යන ගමනක් මට නැහැ. හෙමීට පාඩුවෙ කරගෙන යනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

