Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ලංකාවේ තත්කාලීන දේශපාලනය සහ 'සහෝදරයා' අතර කිසිම සම්බන්ධයක් නැහැ. අනික %සහෝදරයා^ කියන්නේ වාමාංශිකයන්ට ලියලා දුන්නු වචනයක් නෙමෙයි.
මම වාමාංශිකයෙක් නෙමෙයි.
ඒ වගේ තමයි පේන්නේ. ඒත් එවැනි සම්බන්ධයක් නැහැ
මට ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න කතා කළේ ජයන්ත වැලිවිට නිෂ්පාදකතුමා. මොකද එතෙක් මම සිදුකළේ මේ ක්ෂේත්රය තුළ තිර රචකයකු ලෙස කටයුතු කිරීම. අනික මමත් ඒ වෙනතුරු අධ්යක්ෂවරයකු වීමට තරම් සුදුසු මට්ටමක හිටියා කියල මම හිතුවෙත් නැහැ. අනික මට මගේ කණ්ඩායම ලැබුණෙත් නැහැ. ඒත් මෙවර ඒ කණ්ඩායම මට ලැබුණා.
මට එහෙම කිසිම වෙලාවක එහෙම හිතිල නැහැ. මොකද මම දන්නවා මම ගොඩනගන විශ්වය නෙමෙයි අධ්යක්ෂවරයා ගොඩනගන්නේ. ඒ පූර්ව කොන්දේසිය දැනගෙනයි මම තිර පිටපත ලියන්නේ සහ අධ්යක්ෂවරයාට බාරදෙන්නේ.
එක්තරා කණ්ඩායමක් අතර පමණයි ඒ කතාබහ තියෙන්නේ. ඒ නිසා මම ඒකෙන් රැවටෙන්නේ නැහැ. මොකද මගේ ඉලක්කය සයිබරයෙන් එපිට, මාව නොදන්නා පොදු ප්රේක්ෂකයාවයි.
ලංකාවේ හුඟක් සමාජ ව්‍යාපාරවල නොකියවුණු කාරණාව තමයි තමන්ගේ විරුද්ධවාදියා සමග වෛරයක් ගොඩනැංවීම. ඒ නිසා අපට කල්පනා කරන්න වෙන්නේ විරුද්ධවාදියා කියන්නේ අඟහරු ලෝකෙන් ආපු එකෙක්ද කියලයි. උදාහරණයකට ජාතික අරමුණක් වෙනුවෙන් වැඩ කරද්දි අපි දෙමළ, මුස්ලිම් ආදී සෙසු ජාතීන් විරුද්ධවාදීන් කර ගන්නවා. විප්ලවය ගැන කතා කරද්දි ඉහළ පන්තිය හෝ සල්ලි තියෙන මනුස්සයාව විරුද්ධවාදියා කර ගන්නවා. එවැනි සංස්කෘතික ව්‍යාපාරවල වැරැද්ද තමයි අද අපි අත්විඳිමින් ඉන්නේ. ඒ නිසා අපේ මතය ඉස්මතු කිරීම අප කළ යුත්තේ විරුද්ධ මත දරන පුද්ගලයන් කෙරෙහි වෛරය හැදීමෙන් නෙමෙයි. හැබැයි එතැනම තමයි සමාජ ව්‍යාපාරවලටත් වැරදුණු තැන. තර්ක කිරීම, සංවාදය වැනි දියුණු කාරණාවලින් පමණයි ඒ මතය ඉස්මතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා වෛරය කියන්නේ සමාජ ව්‍යාපාර ගොඩනංවන පදනම නෙමෙයි. වෛරය පුපුරවලා තමයි සමාජ ව්‍යාපාර නිර්මාණය කළ යුත්තේ.
මම මේ නිර්මාණය මුදාහැරියාට පස්සේ එය මොන ආකාරයෙන් සමාජයේ අලෙවි වෙයිද කියන්න මට බැහැ. කවුරු මොන අරමුණකට පාවිච්චි කරයිද කියල මම දන්නේ නෑ. ඒත් මට මූලික අදහසක් තියෙනවා මම අලෙවි විය යුත්තේ කුමක් සඳහාද කියන එක ගැන. මොකද මම කවදාවත් පක්ෂ දේශපාලනය මූලික කරගත් ව්‍යාපාරයකට අලෙවි වෙන්නේ නැහැ. මම යහපත් කියලා විශ්වාස කරන දේ කරන්න ඉඩදෙන තුරු ඕනෑම කෙනෙක් සමග කටයුතු කරනවා. මම මට ඕන දේ කරනවා. හැබැයි මට තියෙන වෙළෙඳ පොළ සීමාවන් ගැනත් මම දන්නවා.
වාරණය වෙනුවට වර්ගීකරණයයි අවශ්‍ය වෙන්නේ. ශිෂ්ටාචාරය දැන් ඒ තරම් දුර ගමන් කරලා. තමන්ට කැමති දේ තෝරාගන්න මිනිස්සුන්ට අයිතිය තියෙනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ වත්මන් සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා සහ විමල් කැටපේආරච්චි මහත්වරු ඒ දියුණු අදහසේ ඉන්න බව පේනවා. ඒ ගැන සතුටුයි. මං හිතන්නේ එය ඉතා හොඳ ලිබරල් තත්ත්වයක්. තමාගේ රසයට අනුව ගැළපෙන නිර්මාණ තෝරා ගැනීමේ ප්රජාතන්ත්රවාදී අයිතිය මිනිසුන්ට ලැබිය යුතුයි.
කලාවේ අභිමතාර්ථ ගැන දැනුවත් වීමයි වඩා වැදගත් වෙන්නේ. කලාවේ අභිමතය මතයි කලාවේ හැඩය තීරණය වෙන්නේ.
අනාගතයේදී තීන්දු තීරණ ගන්න ඉන්න තරුණ පරම්පරාව සහ දැනටමත් එයාලට බලපාමින් සිටින වැඩිහිටි පරම්පරාව තමයි මගේ ඉලක්ක. මම හිතන්නේ එයාලා අතර යම් සංවාදයක් ඇති වේවි. මම හිතනවා ඒ තුළින් මීට වඩා යහපත් සංස්කෘතික අවකාශයක් ගොඩනැගෙයි කියලා.
ඔව්. අනික රූපවාහිනිය කියන්නේ ඉතා දියුණු සංස්කෘතික මෙවලමක්. ඒක හැමෝම පිළිගත යුතුයි. ඒ නිසා ඒ තුළින් සමාජයේ භෞතික සහ මානව සංවර්ධනය වෙනුවෙන් සේවයක් කරන්න පුළුවන්.
සයිබරය කියන්නෙම අලුත් වැඩවසම් තත්ත්වයක්. අතට හසු නොවන මායාමය සම්බන්ධයක්. පුද්ගල සම්බන්ධය ඊට වඩා නිදහස්. අර්ධ සත්‍යය හෝ ඇහැට පේනවා. ඒ නිසා ස්වාභාවික සම්බන්ධයක් සහ සයිබර් සම්බන්ධයක් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ නිසා අපි කටයුතු කළ යුත්තේ සැබෑ මනුෂ්‍ය හැඟීම් එක්ක. එතකොටයි ජීවිතය දැනෙන්නේ. ඒත් සයිබරය කියන්නේ සමස්ත පද්ධතියෙන්ම හදපු එක්තරා මායාවක්.
මේක පද්ධතියේම අවුලක්. මොකද අපි බලන්න ඕන, ඇයි ගුණාත්මක රසිකත්වයක් ඇති ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න බැරි කියලයි. එතැනදි අපට එක්තරා කාරණයක් පැහැදිලි වෙනවා. ඒ තමයි පෞද්ගලික රූපවාහිනී නාළිකා ක්‍රියාත්මක වන ආකාරය. මොකද ඔවුන් රූපවාහිනිය තුළ කරන්නේ ව්‍යාපාරයක්. සමාජ සේවයක් නෙමෙයි. සමාජ සේවයක් කරන බව පෙන්වීමත් ඔවුන්ගේ එක්තරා ප්‍රචාරණ උපක්‍රමයක්. අනික ඒ නාළිකාවල සිදුවෙන්නේ එම නාළිකාවල අධිපතියාගේ මතය නියෝජනය කිරීමක්. එහෙම නැතුව සමස්ත ජනතාවගේ අවශ්‍යතාව නියෝජනය කිරීමක් නෙමෙයි. ඒ වගේම අවර ගණයේ නිර්මාණ විකාශනය කිරීමෙන් අනතුරුව සමාජයට සිදුවෙන හානිය ඔවුන්ට වැදගත් නැහැ. එවැනි වටපිටාවක තමයි අද නිර්මාණ සිදුකෙරෙන්නේ. එවැනි වටපිටාවක ගුණත්වයෙන් යුතු නිර්මාණ සිදුවෙනවා අඩුයි. ඉතින් රූපණ ශිල්පීන් ගිහින් මොනවා රඟපාන්නද?
මොකක්ද ජාතික අරමුණ කියන්නේ? එහෙම එකක් එයාලට තියෙනවද? එහෙම සංස්කෘතික අරමුණක් එයාලට තියෙනවද? එහෙම ක්‍රමවේදයක් තාම හැදිලා නැහැ. ඒ නිසා තමයි දැන් හෝ එවැනි උවමනාවක් නිර්මාණය කළ යුත්තේ. රටේ භෞතික සහ මානව සංවර්ධනය ගැන රාජ්‍ය සැලැස්මක් තිබිය යුතුමයි.
බත් කන අයට බත් කන්නත්, මැල්ලුම් කන අයට මැල්ලුම් කන්නත් නිදහස තිබිය යුතුයි. ඒකට අවශ්‍ය වටපිටාව කලාව ඇතුළේම තිබිය යුතුයි. මොකද අපට යුතෝපියානු අදහසක් ඇතුළේ කලාව ගැන හිතන්න බැහැ. මේක ලිබරල් තත්ත්වයක්. ඒ නිසා ඔවැනි කවුරුන් හෝ තීරණය කරන යහපත් කලාවක් පිළිබඳ අදහසම හරිම වැඩවසම්. කාටවත් බැහැ මේකයි කලාව කියලා තීරණය කරන්න. කලාවට නිදහසේ ගලන්න වැඩෙන්න ඉඩ තියෙන්න ඕන. මිනිස්සුන්ගේ ආශාවන්, ෆැන්ටසි, පරිකල්පනයන් වෙනස්. එහෙම නැතුව ඔවුන්ගේ රසයට බල කරන්න අපට බැහැ. මෙහෙම රස තැනුත් තියෙනවා කියලා පෙන්වීම පමණයි අපට කරන්න පුළුවන් වෙන්නේ.
නිර්මාණකරුවන්ව අභියෝගයට ලක්වෙන්නේ පවතින ක්‍රමයට විරුද්ධ වුණාම. ඒ නිසා එවැනි අභියෝගයක් එල්ල වෙන බව දැනගෙනම තමයි ඔවුන් ඒ නිර්මාණ සමාජගත කරන්නේ. මිනිස්සු වැළලුවට ඇත්ත වළලන්න බැහැ. අනික එවැනි මිනිස්සුන්ගේ ලෙයින්, දහඩියෙන්ම තමයි ශිෂ්ටාචාරය මේ තාක් දුර ආවේ. නැත්නම් අපි තාමත් ගල් අතුල්ල අතුල්ල ගින්දර හොයනවා. අනික ෆැන්ටසිවල ජීවත් වුණු, හීන දැකපු මිනිස්සු හින්දා තමයි ලෝකය වෙනස් වුණේ.
ඔව්. මේ තමයි මගේ ජීවන විලාසය. මම කතා කරන්නෙත් මම ගත කරන ජීවිතය ඇතුළේම තමයි. එහෙම නැතුව මම කලාව ඇතුළේ එක විදිහකට සහ ජීවිතේ ඇතුළෙ තව විදිහකට හැසිරෙන්නේ නැහැ. ඒ නිසා කාටහරි දැනගන්න ඕන නම් මම,
මම විශ්වාස කරන කලාව, ඒ තමයි මම මේ ජීවත් වෙන විදිහ.
එය පැමිණෙන්නේම පෞද්ගලික උවමනාවකටම තමයි. මම හිතන විදිහට කිසිම සමාජ ව්‍යාපාරයක් නැහැ හුදු පොදු අරමුණක් වෙනුවෙන් පමණක් කටයුතු කරන. හැම සමාජ, සංස්කෘතික ව්‍යාපාරයකම අරමුණ‘ මේ පවතිනවාට වඩා යහපත් භෞතික, මානවවාදී සංස්කෘතියක් සහිත සමාජයක් අත්පත් කර ගැනීම. එවැනි සමාජයක ජීවත්වීමේ ‘පෞද්ගලික ආශාව තමයි අවසානයේදී ‘පොදු අදහසක් බවට පත්වෙන්නේ. %සමාජ ආදරය^ කියලා කියන්නේ මීට වඩා යහපත් සමාජ අවකාශයක ජීවත්වීම සඳහා පොදු මිනිස්සුත් එක්ක කරන ගනුදෙනුව.
කලාකාරයා යන පදයම වැඩවසම්. ඒ නිසා මම කැමතියි නිර්මාණකරුවා යන වචනයට. මේ වාණිජවාදී ක්‍රමය තුළ කලාකරුවාට පැවැත්මක් නෑ. මොකද කලාකරුවා හැමවිටම පවතින්නේ රාජ්‍ය හෝ කුමන හෝ ආයතනයක අනුග්‍රහයෙන්. කාගෙන් හෝ අනුග්‍රහය ලැබූ ගමන් ඒ නිර්මාණයේ ස්වාධිපත්‍ය අහෝසි වෙනවා. නිර්මාණ කියන්නේ චින්තන නිෂ්පාදනයක්. ඔහු යෙදෙන්නෙත් නිෂ්පාදන ක්‍රියාවලියක. ඔහු කරන්නෙත් තම නිර්මාණය අලෙවි කරන එක. ඒකට අමුතු වටිනාකම් ඕන නැහැ.
ඉන්නවා. අති බහුතරයක් එහෙම අය. ඒ අය තමයි අද ඉන්දියානු ටෙලි නාට්‍ය බලන්නේ. ඒ අයම තමයි මම ලියූ ටෙලි නාට්‍ය බාර ගත්තෙත්. ඒ අයම තමයි අනූව දශකයේ විකාශය වූ ටෙලි නාට්‍යයත් රසවින්දේ. ඒ අයම තමයි දැන් නැවත කූඹියෝ බලන්නෙත්. අපි ගුණත්වය ගෙන ආවොත් ප්‍රේක්ෂකයා එය බාර ගන්නවා.
නැහැ. මට නම් එහෙම ජාත්‍යන්තර උවමනාවක් නැහැ. මොකද මට වැදගත් වෙන්නේ මගේ රට. මම එතැනදි පටු ඇති. නමුත් මට වැදගත්, මගේ රටේ සංස්කෘතික අවකාශය පුළුල් කරගන්න. මට පුළුවන් තරමින් මැදිහත් වෙන එක. මොකද මේ මගේ රට.
ඔව්. සංස්කෘතික පරිභෝජනයටත් ක්‍රය ශක්තිය වැදගත්. නමුත්, ක්‍රය ශක්තිය තිබූ පමණින්ම දියුණු සංස්කෘතික සමාජ ගොඩනැගෙන්නේ නැහැ. ලෝකේ එහෙම නිදර්ශනත් නැහැ. රටක නිෂ්පාදන ක්‍රියාවලියක් තිබිය යුතුයි. අනෙකුත් සියලුම සාධක නොවෙනස්ව තිබියදී මිනිස්සු අතට මුදල් පමණක් ගලා එන්නේ නැහැ. ඒ නිසා කලාව හොඳින් මල්ඵල දරන්නේ දියුණු නිෂ්පාදන ක්‍රියාවලියක් සිදුවන බිමක.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd