බොහෝ දෙනාගේ ආශිර්වාද මැද අනුෂ්කා - විරාත් අතිනත ගනී
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සුරූපී බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සමග පසුගියදා යුග දිවියට පිවිසිණ. ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වුණේ ඉතාලියේ මිලානෝ නුවරදීය. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම උත්සවයට කෝලිගේ සහ අනුෂ්කාගේ පවුලේ සමීපතමයන් පමණක් සහභාගි වූ බවයි. බොහෝ කාලයක සිට පෙම්වතුන්ව සිටි මොවුන් දෙදෙනාගේ විවාහය බොහෝ දෙනෙකුට පුදුමය දනවන කරුණක් බවද පැවසේ. මන්ද පෙම්වතුන්ව සිටින කාලේ පටන් දෙදෙනා අතර විරසික වීම් බොහොමයක් ඇතිවූ බැවිනි. කෙසේ නමුත් විරාත් සහ අනුෂ්කා තමන්ගේ ආදරයේ නව මාවතකට ගෙනෙමින් විවාහ දිවියට එළැඹිනි. මෙම මස 21 වැනිදා පිළිගැනීමේ උත්සවය අනුෂ්කාගේ ක්ෂේත්රයේ හිතමිතුරු පිරිසට පවත්වනු ලබන අතර, දෙසැම්බර් 26 වැනිදා ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා උත්සවයක් පැවැත්වෙන බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර අනුෂ්කා ෂර්මා සිය ආදරණීයන් වෙනුවෙන් ට්විටර් පණිවිඩයක් තබා තිබුණි. එහිදී ඇය කියා සිටියේ “අද අපි එකිනෙකාට ආදරෙන් හැමදාම බැඳී ඉන්න පොරොන්දු වුණා. මේ වගේ සුන්දර දවසක් අපිට උදාවුණේ මගේ පවුලේ උදවිය වගේම මට ආදරය කරන රසිකයන්ගේ ආශිර්වාදයෙන්. හැමදාමත් අපිත් එක්ක ඉන්න එකට මම ඔබට ස්තූති කරනවා” යනුවෙනි. කෙසේ වෙතත් මොවුන් දෙදෙනාට විශාල පිරිසකගේ ආශිර්වාදය හිමිව තිබේ. ට්විටර් පණිවුඩ මගින් මොවුන් දෙදෙනාගේ විවාහයට විශාල පිරිසක් සුබපැතුම් එක්කර තිබේ. ප්‍රියංකා චොප්රා පවසා සිටියේ, &ඔබ දෙදෙනාගේ අවශ්‍ය සතුට ලබා ගැනීමට හැකිවේවා' යනුවෙනි. ෂාහිඩ් කපූර් විසින්ද අනුෂ්කා වෙනුවෙන් සුබපැතුම් එකකර තිබුණි. එහිදී ඔහු පවසා සිටියේ, 'ඔබ දෙපළට උණුසුම් සුබපැතුම් එක් කරනවා' යනුවෙනි. බොලිවුඩ් සිනමාවේ දැවැන්තයෙකු වන අමිතාබ් බච්චන් විසින් සටහන් කර තිබුණේ, 'සුබපැතුම් සහ මගේ ආශිර්වාදය ඔබ දෙදෙනාගේ විවාහය වෙනුවෙන් එක් කරන බවත්, සතුටෙන් හැමදාම එකට ජීවත් වෙන්න' යනුවෙනි. තවත් බොලිවුඩයේ දැවැන්ත සිනමා තරුවක් වන ශ්‍රීදේවි පවසා සිටියේ, හදවතින් සුබපැතුම් එක් කරන බවයි. ෂාරුක් ඛාන් විසින් මොවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කරමින් සටහන් කර තිබුණේ, &ආශිර්වාදයෙන් සතුට සහ සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට දෙවියන් ඔබ සමග* බවයි. අනුෂ්කාගේ මිතුරියක් වන ශ්‍රද්ධා කපූර් විසින්ද මොවුන් දෙදෙනාට සුබපැතුම් එක් කර තිබුණි. තවද අනුෂ්කාගේ ක්ෂේත්රය තුළ රංගන ශිල්පීන් වන, සිද්ධාර්ත් මල්හෝත්‍රා, අනිල් කපූර්, පරිනීතා චොප්රා, ජැක්ලින් ෆර්නෑන්ඩස්, ආලියා බාත්, නේහා ඩූපියා, අභිෂේක් බච්චන්, කරන් ජොහාර්ද සුබපැතුම් එක් කර තිබුණි.
2013 වසරේදී ආරම්භ වූ මෙම ආදරණීය සම්බන්ධය අද වන විට සාර්ථක දිවිපෙතක ආරම්භයකට මුල පුරා තිබේ. මොවුන් දෙදෙනාගේ විවාහ පිළිබඳව ඉන්දියානු ජෝතිෂ්‍යවේදියකු සඳහන් කර ඇත්තේ, මෙම විවාහය ඔවුන්ගේ ජීවිතවලට බොහෝ සාර්ථකත්වයන් ලබාදෙන බවයි. එමෙන්ම යම් යම් ආරවුල්ද ඇතිවිය හැකි බව පවසා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.









