ප්‍රවීණ නිර්මාණවේදී නිලේන්ද්‍ර දේශප්‍රියගේ 'තන්හා රතී රඟා' සිනමා කෘතිය "ජුලියන් ඩිබියුක්"(Julien Dubuque) ජාත්‍යන්තර සිනමා උලෙළ නියෝජනය කිරීම සඳහා තෝරා ගෙන තිබේ.
මෙම සිනමා උලෙළ අද (23දා) සිට 27 වැනිදා දක්වා ඇමරිකාවේ අයෝවාහි ඩිබියුක් නගරයේදී පැවැත්වීමට නියමිතව ඇත.
'තන්හා රතී රඟා' හි රංගනයෙන් සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, දයාදේව එදිරිසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු ආදීහු දායක වෙති.
නිලේන්ද්‍ර දේශප්‍රියගේ 'තන්හා රතී රඟා' සිනමා කෘතිය මීට ඉහතද ජාත්‍යන්තර සිනමා උලෙළ රැසකදීම ඇගයීමට ලක්වූ නිර්මාණයකි.