නව වසරේ පළමුවැනි දින එළිදක්වනු ලැබූ චිත්‍රපටයක් මුදල්මය වාර්තා අතරට පැමිණීම ගැන එහි අධ්‍යක්ෂකවරයා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි. එම අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ මෙම චිත්‍රපටය සාර්ථකත්වය ගැන සිතාගැනීමටත් නොහැකි බවයි. ඔහු මේ සඳහා අභියෝගයක් වශයෙන් මෙම චිත්‍රපටයට නවක නිළියකව හඳුන්වා දී තිබුණි. ඒ එහි ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වනු ලැබුවේ Pallak Lawani යන නවක නිළියයි.
පසුගිය දින (2016 ජනවාරි 01වැනිදා) එළිදක්වනු ලැබූ එම චිත්‍රපටය තෙළිඟු චිත්‍රපටයක් වන Abbayitho Ammayiය. මෙය මේ වනවිට මුදල්මය වාර්තා අතර ඉහළම සිටින අතර, එළිදැක්වූ පළමු දින පහ ඇතුළත ඇමෙරිකානු ඩොලර් 113,693 ක ආදායමක් උපයා තිබීම ඉතා ඉහලම ආදායමක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබයි.
මෙහි තවත් සුවිශේෂ කරුණක් වන්නේ මෙය එළිදක්වා ඇත්තේ මෙහි ප්‍රධාන නිළි Pallak Lawani ගේ උපන් දිනයදා වීමයි. Abbayitho Ammayi චිත්‍රපටය ඇයට ලබාදුන් තිළිණයක් ලෙස සලකන බවද අධ්‍යක්ෂක රමේශ්වරම් කියා සිටී. Pallak Lawani නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්රයට පැමිණියේ පසුගිය අවුරුද්දේය. වසරකටත් අඩු කාලයක් තුළ ඇයට චිත්‍රපටයක් තුළ ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වීමට වරම් ලැබුණේ ඇගේ වාසනා ගුණයටද යන්න සිතාගත නොහැක. කෙසේවුවද තම පළමු චිත්‍රපටයම මේ තරම් සාර්ථකත්වයට පැමිණීම පිළිබඳව ඉතාමත් පුදුම වන බව ඇය එක්තරා පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබේ.
මනෝවිද්‍යාව පිළිබඳව උපාධිධාරිනියක වන Pallak Lawani චිත්‍රපට ක්ෂේත්රයට දායක වීමට කිසිදු අදහස් නොතිබුණු බවද පවසා ඇත. iDream සමාගම විසින් කරනු ලැබූ වෙළෙඳ දැන්වීමක් සඳහා මුලින්ම පෙනී සිටීමෙන් අනතුරුව Abbayitho Ammayi චිත්‍රපටයට දායක වීමට වරම් ලැබුණු බව ඇය පවසයි. කෙසේවුවත් තම වාසනා ගුණය හෝ කුමන හෝ ආශ්චර්යයක් හේතුවෙන් පළමු සිනමා නිර්මාණයෙන් බිහිවූ දක්ෂ නිළියක ලෙස Pallak Lawani ඇතැම්හු හඳුන්වති.