නත්තල් හැඩය අලුත් කරන නිර්මාණකාරිණිය
මේ උදාවී ඇත්තේ නත්තල් දිනයයි. අද බොහෝ දෙනෙක් නත්තලේ ප්‍රීතිය ඔස්සේ කාලය ගත කරති. නමුත් අදින් පමණක් නත්තල් සැමරීම අවසන් නොවන බව බොහෝ දෙනා දන්නා කාරණාවකි. හෙට උදාවන බොක්සින් දිනය වෙනුවෙන් තම හිතමිතුරුන් හමුවී තෑගි බෙදාදීමෙන් නත්තලේ සතුට ඔවුනොවුන් අතර බෙදාගැනීම සිදුකරනු ලබයි. නත්තල් දිනය වන අද දිනයේ නිවෙස්වලට යන බොහෝදෙනා තෑගි බෝග රැගෙන යන අතර, විදෙස් රටවල සම්ප්‍රදායට අනුව ඇතැමුන් අද නිවෙස් සඳහා එන්නේ නත්තල් ගසේ රැඳවීමට හැකි කුමන හෝ ආකාරයේ විශේෂිත වූ ත්‍යාගයක් රැගෙනය. එම හේතුවෙන් බොහෝ දෙනෙකු නත්තල් ගස මත තව තවත් විසිතුරු භාණ්ඩ එල්ලා තැබීම සඳහා ඉඩ සකසා තිබේ. මේ දේ සිදුවන්නේ බොහෝවිට කුඩා දරුවන් මතයි. කෙසේ නමුත් වයස භේදයකින් තොරව නත්තල් තෑගි ලබා සතුටු වීම තුළ ඇත්තේ කියා ගත නොහැකි සතුටකි. මේ විසිතුරු භාණ්ඩයන් සඳහා නවමු අර්ථයක් ලබා දීමට හැකියාව ඇති කෙනෙකු පිළිබඳව අද කතාබහ කිරීමට සැරසුනෙමු.
ඇය නමින් Debbie Chapman වෙයි. ඇය විසිතුරු භාණ්ඩ නිර්මාණකාරිනියකි. තම පවුලේ ව්‍යාපාරයක් වන මෙම විසිතුරු භාණ්ඩ නිර්මාණය සිදුකරනු ලබන්නේ, මීට වසර 25ක පෙර සිටය. තම දෙමාපියන්ගෙන ලැබූ මෙම ව්‍යාපාරය මේ වනවිට ඇය සහ ඇගේ සැමියා විසින් සිදුකරමින් පවතී. ඇය වසරේ ඇති විශේෂ උත්සවයන් ඉලක්ක කරගනිමින් විසිතුරු භාණ්ඩ නිර්මාණය කරනු ලබයි.
ඒ අතරින් විශේෂ නිර්මාණ එකතුවක් දැක ගත හැකි වනු ඇත්තේ නත්තල් සමය වෙනුවෙනි. ලන්ඩනයෙහි පදිංචිව සිටින ඇය තිදරු මවකි. සැමියා වන ජේසන් ඒ සඳහා අත්වැල සපයයි. කලාව යනු ඇගේ වෘත්තීය බවට පත්වෙන්න ඇයගේ දෙමාපියන්ගේ ආභාෂයෙනි. තම මව විසින් ආරම්භ කරනු ලැබූ මෙම විසිතුරු භාණ්ඩ නිර්මාණය අදට ඇය සිදුකරනු ලබන්නේ, තම දෙමාපියන් වෙනුවෙනි. විශ්වවිද්‍යාලයක කථිකාචාර්යයවරයෙකු ලෙස අවුරුදු 08 ක කාලයක් සේවය කර තිබෙන ඇය, ඉන්ජිනේරු උපාධියක් සහ ගෘහ අලංකරණය පිළිබඳවද හදාරා තිබීමද විශේෂත්වයකි. තම සැමියා පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අතර, ඔවුන්ගේ ආදර කතාව ආරම්භ වී ඇත්තේ මීට 09 වසරකට පෙරයි. තමන්ට ලැබෙන නිදහස් කාල වේලාව තුළ ඇය මෙම නිර්මාණයන් සිදුකරනු ලබයි. අන්තර්ජාලය ඔස්සේ මෙම නිර්මාණය අලෙවි කරනු ලබන අතර, ඒ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවද සඳහන් වෙයි. onelittleproject.com ලෙස ඇති ඇයගේ වෙබ් අඩවිය ඔස්සේ නිර්මාණයන් පිළිබඳව දැක බලාගැනීමේ හැකියාව තිබේ. ඇය විසින් නිර්මාණය කරනු ලබන අත්කම් නිර්මාණයන් පියවරයෙන් පියවර පෙන්වාදී තිබේ.
ඇය සඳහන් කරන්නේ, ඇය මෙන්ම මෙම නිර්මාණයන් සිදුකිරීම අනෙක් පුද්ගලයන්ද දැනගත යුතු බවයි. ඇය විසින් තම වෙබ් අඩවිය ඔස්සේ නිවෙස් අලංකරණය වෙනුවෙන් වෙන්වූ නිර්මාණයද, ආහාර පාන පිළිබඳවද, අත්කම් නිර්මාණ පිළිබඳව දැන ගැනීමට හැකියාව තිබේ. තවද මෙම වෙබ් අඩවියේ විශේෂිතවූ කාරණාවක් තිබේ. ඒ ඇයගේ දරුවන් විසින් සිදුකරනු ලබන නිර්මාණයන්ද ඇය විසින් ප්‍රදර්ශනය කිරීමයි. තම පවුලෙන් ලද දායාදය බොහෝ දෙනෙකුගේ සතුටට පත් කරමින් නිර්මාණය කිරීම Debbie ගේ කාර්යයවී හමාරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.










