www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
ටීවී දෙරණ ඔස්සේ විකාශය වන 'දෙවැනි ඉනිම' ටෙලි නාට්‍ය කණ්ඩායමේ ශිල්පීන් වෙනුවෙන් වූ සාදයක් පසුගියදා පැවැත්විණි. මෙවර රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය සම්මානයෙන් 'දෙවැනි ඉනිම' පිදුම් ලැබීමේ සතුට නිමිත්තෙන් එහි අධ්යක්ෂවරයා වන සාරංග මෙන්ඩිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාදයට දෙරණ නාළිකාව නියෝජනය කරමින් එහි අධ්යක්ෂ මාධව මඩවල, උප සභාපති ලක්සිරි වික්‍රමගේ, දෙවැනි ඉනිම පිටපත් රචක සමන් එදිරිමුණි යන මහත්වරුන් සහ දෙවැනි ඉනිම කණ්ඩායමේ ශිල්පී ශිල්පිනියෝ සහභාගි වී සිටියහ.
රයිගම් සම්මාන උෙලළේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයට අමතරව යූටියුබ් ජාලය තුළ විකාශය වූ සෑම කොටසක්ම දකුණු ආසියාවේ වැඩිම නැරඹුම් වාර්තාවක් තබා තිබීමද, එහි ප්‍රධාන චරිතයට පණ පෙවූ නයනතාරා වික්රමරාච්චි 2017 වර්ෂයේදී ජනප්‍රියතම නිළිය බවට පත්වීමද මෙම සාදයට හේතු වූ තවත් කාරණා විය. එම සාදයේ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
ඡායාරූප - කවීත් මිලින්ද
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd