විවිධ චිත්‍ර කලාව තුළ දක්නට ලැබෙන සිතුවම් ප්‍රමාණය බොහෝය. විශිෂ්ට කලා නිර්මාණ අතරින් ලොවට වෙනස්ම මගක් පාදාදෙන කලාකරුවන් සිටින්නේ ඉතාමත් අතළොස්සක් බව කිවහොත් එය නිවැරදිය. Ali Alamedy එවැනි කලාකරුවෙකි. ඔහුගේ නිර්මාණ කලාවට අවශ්‍ය වන්නේ කඩදාසියක් හෝ ඊට ආදේශකයක් නොවේ. එයට අවශ්‍ය වන්නේ විවිධ වූ එකිනෙකට වෙනස් අමුද්‍රව්‍යයන්ය.
බංග්ලාදේශයේ කර්බාලා නම් ප්‍රදේශයේ උපන් ඔහු MFA විශ්ව විද්‍යාලයේ දෘශ්‍යමාන කලාව හදාරා ඉන්පසු වොෂින්ටන්හි BFA විශ්වවිද්‍යාලයේ චිත්‍ර කලාව පිළිබඳව උපාධිය හදරා තිබේ. ඉන්පසු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇත. වසරක කාලයක් එම විශ්වවිද්‍යාලය තුළ සේවය කිරීමෙන් අනතුරුව ඔහු එම සේවයෙන් ඉවත් තිබේ.
ඉන්පසු ඔහු භූ දර්ශන චිත්‍ර කලාව පිළිබඳව අධ්‍යයනය කරන ලදී. Ali Alamedy තමන් විසින්ම අලුත් නිර්මාණ කලාවක් හඳුන්වා දී ඇත. චිත්‍රපට සඳහා ඔහු මෙවැනි නිර්මාණ සිදුකරයි. ඔහු විසින් නිර්මාණය කරනු ලබන පසුබිම් බොහෝ විට කුඩා චිත්‍රපට සහ රූපවාහිනී ආයතනවලින් මිලදී ගනු ලබන්නේ ඔවුන් විසින් නිර්මාණය කරනු ලබන කාටූන් සහ මපට් වැනි වැඩසටහන් සඳහාය.
මීට අමතරව ඔහු විසින් නිර්මාණය කරනු ලබන කුඩා ගෙවල් සහ කාමර වැනි ආකෘති විශාල පරිමාණයේ නිවෙස් ව්‍යාපෘති කරනු ලබන ව්‍යාපාර විසින් ඔවුන්ට අවශ්‍ය පරිදි නිර්මාණය කර ගනු ලබයි. ඔහු තම පළමු නිර්මාණ අලෙවි කර ඇත්තේ වෙබ් අඩවියක් සඳහාය. ඔවුන් එම නිර්මාණය මිලදීගෙන එය පැරණි නිර්මාණයක ආකෘතියක් ලෙස තම වෙබ් අඩවියේ අලෙවි කර ඇත.
එසේ අලෙවි කළ මිලෙන් හතරෙන් එකක හෝ ප්‍රමාණයක් මොහුට නොලැබුණු අතර, ඔහු නැවතත් එම වෙබ් අඩවියට තම නිර්මාණ ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්පසු ඔහු www.behance.net වෙබ් අඩවියේ මෙම නිර්මාණය ඇතුළත් කොට අනෙක් අයට එය නැරඹීමට අවස්ථාව ලබා දී තිබේ. කෙසේ වෙතත් මේ වනවිට වෙළෙඳ දැන්වීම් සඳහා විවිධ වූ පසුබිම් නිර්මාණයේ යෙදෙන ඔහුගේ මෙම කුඩා නිර්මාණ පිළිබඳව අද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.