ජනප්‍රිය ගායන ශිල්පී චාමර රණවක මහතාගේ වැලිපැන්න හොරවල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසට ඇතුළු වු පුද්ගලයෙකු රුපියල් ලක්ෂ පහකට අධික දේපළ සොරාගෙන ගොස් ඇතැයි වැලිපැන්න පොලීසිය පවසයි.
සොරාගෙන ගිය දේපළ අතර රන් අභරණ, රුපියල් පහළොස් දහසක් වටිනා සපත්තු යුගළක් හා ජංගම දුරකථනයක් වන බව පොලීසිය පවසයි.
පසගිය 22 වැනි දින රාත්‍රියේ ගායන ශිල්පියා ඇතුව පවුලේ අය නින්දට ගොස් පසුදින අලුයම අවදිවී පරීක්ෂාකිරීමේදී නිවසේ ඉදිරිපස ජනේලයක් විවෘත කර තිබීම පිළිබඳ විමසිලිමත්වීමේදී නිවසේ සාලයට ආසන්නව තිබූ කබඩයක් විවෘත කර තිබෙනු දැක ඇත. එහිදී ඒ ආසන්නයේ බෑගයක දමා තිබූ රෙදිපිළි නිවස ඉදිරිපස බිම දමා ඇති බවටට නිවැසියන් දැක ඇතැයි පොලීසිය පවසයි.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ