කලාව සහ සංස්කෘතිය පිළිබද නව ජාතික ප්‍රතිපත්තියක් වෙනුවන් වන නිර්දේශ ඇතුළත් යෝජනාවලියක් අද (18දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීය.
පරාක්‍රම නිරිඇල්ල මහතා විසින් යෝජනාවලිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර මහාචාර්ය මවුලගුරු, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ජයසුමන දිසානායක, රුවන්ති චිගේරා, එම්. සෆීර්, සංස්කෘතික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එච්. ඩී. එස්. මල්කාන්ති සහ සංස්කෘතික අධ්යක්ෂ විජිත් කනුගල යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.