ආක්ෂා සුදාරිගේ බැංකු ගිණුම් තහනම්
ඉන්දීය ජාතිකයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන යමින් ඔහුගෙන් රුපියල් 14 කෝටියකට අධික මුදලක් වංචා කළැයි බොරලැස්ගමුවේ පදිංචි ටෙලිනාට්‍ය නිළි ආක්ෂා සුදාරිගේ (28) බැංකු ගිණුම් ගනුදෙනු අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (30දා) නියෝග කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම්. බී. පෙට්‍රෝලියම් ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරී තමිල්නාඩුවේ චෙන්නායිහි හි පදිංචි ගෝපිරාජ් කවලංගිල් වඩකිප් (54) නම් පුද්ගලයා සමග ආක්ෂා පෙම් සබඳතාව පවත්වා තිබේ.
ගෝපිරාජ් ඇය විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් වටිනා භාණ්ඩ රැසක් තමාට දුන් බව ඇය කියා ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
මුදල් වැය කළ ආකාරයය ප්‍රකාශ කිරීමට සුදාරි අපොහොසත් වී ඇති බවත්, එහෙයින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන කරන බවත් රහස් පොලිසි අධිකරණයට දැන්වීය.
ආක්ෂා සුදාරි රුපියල් 25000ක මුදල් හා රුපියල් තුන් කොටියක ශරීර ඇප මත මුදාහරිනු ලැබ සිටියි.
නිරංජි අබේවික්‍රම
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

