අවි හැර දමා ඔසු සෙවූ 'තමිලිනී' ගීතය එළිදකී
- 2 11 2016
- 12:01
- {{hitsCtrl.values.hits}} views
- ඩිලාන් ක්‍රිෂාන්ත
මම තමිලිනී අවි අත දැරූ
ලොව ගුගුරුවා දෙවනත් කෙරූ
දැය හද දැවී - සුරු අත්බිඳී
අවි හැර දමා - සොයනෙමි ඔසූ
දැය හද දැවී - සුරු අත්බිඳී
අවි හැර දමා - සොයනෙමි ඔසු
කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වාගේ පදරචනයක් වූ තමිලිනී ගීතය හා making audio පටය එළිදැක්වීම පෙරේදා (31 දා) කොළඹ 01 ලයිට් හවුස් ගැලේ හිදී සිදුකෙරිණ.මෙම ගීතයේ සංගීතය දර්ශන රුවන් දිසානායකගෙනි. ගීතයේ දමිළ පරිවර්තනය මහින්ද කුමාර්ගෙන් වන අතර ගායනය උරේෂා රවිහාරි විසින් සිදු කරන්නීය.
මෙහිදී කාශ්‍යප සත්‍යප්‍රිය තම ගීතය තමිලිනීගේ සැමියා වන ජෙයකුමාරන් මහතාට පිළිගන්වන ලද අතර, ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක, ජනාධිපති අතිරේක ලේකම් රෝහණ දිසානායක ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවේදී අදහස් දැක්වූහ. මිහිමඬලේ රිද්මය (Rhythm of the earth Sri Lanka) සංවිධානය මෙය සංවිධානය කරන ලදී. පහත දැක්වෙනුයේ එහි සුවිශේෂී දසුන් කිහිපයකි.
සේයාරූ චානුක කුලසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.






















