දේශපාලන ක්ෂේත්රයේ පසුගිය සතිය ගෙවී ගියේ ඡන්ද උණුසුම සමගය. පළාත් පාලන මැතිවරණයේ ඡන්ද උණුසුම නව මැතිවරණ ක්‍රමය නිසා එක්තරා ප්‍රමාණයකට අඩුවී තිබුණද, පක්ෂ අභ්‍යන්තර හා ග්‍රාමීය මට්ටමේ දේශපාලන ව්‍යූහයන් තුළ තදින් මැතිවරණ උණුසුම තිබිණි. මෙවර මැතිවරණය තීරණාත්මක ලෙස කොන් හතරක සටනක් බවට පත්ව තිබේ. එහිදී එක්සත් ජාතික පක්ෂ විසින් තම ශක්තිමත් පදනම තුළ රාජ්‍යයේ වාසියද අත්පත් කරගනිමින් මැතිවරණ සටන තනියම මෙහෙයවයි. එක්සත් ජාතික පක්ෂය සතුව ඇති ප්‍රබල මැතිවරණ යාන්ත්‍රණය, පක්ෂ ව්‍යුහය මේ වන විට සක්‍රීය වී ඇති අතර මැතිවරණ යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සපයමින් තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ අතරින් ඕනෑම අමාරු අවස්ථාවක සියලුම ජාතීන්ගේ විශ්වාසය දිනාගත් හා එම සියලුම ජාතීන් හා ජනවර්ග නියෝජනය කරන පක්ෂය ලෙස පැවැතියේ එක්සත් ජාතික පක්ෂයයි.
මෙම මැතිවරණයේදී ඉන්දියානු ද්‍රවිඩ සම්භවයක් සහිත සියලුම දේශපාලන නායකයන්ගේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති අතර, මුස්ලිම් පක්ෂ සියල්ලේම හා එම නායකයන්ගේ සහයෝගයද එක්සත් ජාතික පෙරමුණට ලැබී තිබේ. මෙම තත්ත්වය මත විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය හා සුළු ජන කොටස් තරග කරනු ලබන සියලු දිස්ත්‍රික්ක ජය ගැනීමේ හැකියාව ඇත්තේ එක්සත් ජාතික පෙරමුණටය.
මේ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කය, මහනුවර දිස්ත්‍රික්කය, බදුල්ල දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය හා අම්පාර යන දිස්ත්‍රික්ක ඉතාම පහසුවෙන් එක්සත් ජාතික පක්ෂය ජයගනු ඇත. එසේම මෙම ද්‍රවිඩ, මුස්ලිම් හා කතෝලික ජනතාවගේ සහයෝගය නිසා පහත සඳහන් දිස්ත්‍රික්කවල අවසාන ප්‍රතිඵලයටද, එම ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීම නිසාවෙන් එක්සත් ජාතික පක්ෂයට විශාල වාසියක් ලැබීමට නියමිතය. එම දිස්ත්‍රික්ක නම් ගම්පහ දිස්ත්‍රික්කය, කොළඹ දිස්ත්‍රික්කය හා අනුරාධපුර දිස්ත්‍රික්කය වේ.
මෙහිදී කුරුණෑගල දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම ඉතාම තියුණු තරගයක් ලබාදිය හැකි දිස්ත්‍රික්කයක් ලෙස දැක්විය හැකිය. විශාල ජනතාවකගෙන් යුතු එම දිස්ත්‍රික්කයේ සියයට අනූවකට වඩා වාසය කරන්නේ සිංහල බෞද්ධ ජනතාවය. මෙම දිස්ත්‍රික්කය තුළ මේ මොහොතේදීත් ශ්‍රී ලංකා ෙපාදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සමග එක්සත් ජාතික පක්ෂය කරට කර තරගයක් දෙමින් තිබේ. එම තරගයෙන් බොහෝ විට එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කළ හැකි අතර, ඒ සඳහා එම දිස්ත්‍රික්කය නියෝජනය කරන එම ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයාගේ ක්‍රියාකාරීත්වය තදින් බලපානු ඇත. ඔහු විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා එයට අනුබද්ධ විශේෂ අනෙකුත් ආයතනවලත් විශාල ප්‍රමාණයකට එම දිස්ත්‍රික්කය අතරින් තෝරාගත් රැකියා අවස්ථා ලබාදී තිබේ. එසේම එම දිස්ත්‍රික්කයේ පාසල් සංවර්ධනයට විශාල මුදලක් ආයෝජනය කර ඇත. එමෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින්ද රුපියල් බිලියන ගණනක මුදලක් කුරුණෑගල සංවර්ධනයට වියදම් කොට තිබේ.
ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීමට ඉඩකඩ ඇත්තේ දෙමළ ජාතික සන්ධානයටය. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම දිස්ත්‍රික්කවල හෝ ආයතනවලට තම ලැයිස්තු ඉදිරිපත් කර තිබුණද, දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරනු ඇතැයි අපට අනුමාන කළ හැකිය. මුස්ලිම් කොංග්‍රසය බොහෝ විට සන්ධානගත වීමට ඉඩ ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමගය.
මෙම මැතිවරණයේදී සැබැවින්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැතහොත් ජනතා විමුක්ති පෙරමුණට ජයග්‍රහණය කිරීමට ඉඩක් ඇත්තේ ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල හා කළුතර දිස්ත්‍රික්කය. මන්ද පොළොන්නරුව, කෑගල්ල, අනුරාධපුරය, පුත්තලම දිස්ත්‍රික්ක පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ හෝ ඉතා අඩු ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත් වූ දිස්ත්රික්කයන්ය. එම දිස්ත්‍රික්කවල 2015 මහ මැතිවරණයෙන් පසු විශාල වශයෙන් යළිත් යටිතල පහසුකම් සංවර්ධනයට පත්වූ, මැති ඇමතිවරුන් මුදල් ආයෝජනය කර ඇති අතර රැකියා ලබාදීම වැනි කාරණාවලදී ඉතා හොඳ සාර්ථකත්වයක් පෙන්වා තිබේ. යම් ප්‍රමාණයකට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ උකටලී බවක් හෝ ඡන්ද පොළට නොයෑම පිළිබඳ විරෝධයක් තිබුණද, මෙම දිස්ත්‍රික්කවල අවසාන වශයෙන් යූ.ඇන්.පී.කාරයන් ඡන්ද පොළට යනු ඇත. මන්ද අවාසි සහගත අවස්ථාවලදී මෙම දිස්ත්‍රික්කවල එක්සත් ජාතික පක්ෂයේ ජනතාව ඡන්දය උනන්දුවෙන් ප්‍රකාශ කර තිබේ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම දිස්ත්‍රික්කවලදී එක්සත් ජාතික පක්ෂ අභිභවා යෑමට තරම්, එක්සත් ජාතික පක්ෂ පරාජය කිරීමට තරම් විශේෂ ආශ්චර්යයක් පෙන්වා නැත.
මේ සියලු කාරණා ගත් විට සැබැවින්ම මෙම පළාත් පාලන මැතිවරණයේ තරගයක් ඇති දිස්ත්‍රික්ක වන්නේ මා පෙරත් ප්‍රකාශ කළ පරිදි ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල හා කළුතර දිස්ත්‍රික්කය. මෙයිනුත් කළුතර දිස්ත්‍රික්කය විශේෂයෙන්ම අජිත් පී. පෙරේරා වැනි නායකයන් යටතේ මනා ලෙස සංවිධානය වී ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්තරා ප්‍රමාණයකට ශක්තිමත්ව තිබේ. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල නායකයෙකු වන වෙල්ගම මේ මොහොතේදී බදුල්ල දිස්ත්‍රික්කයට නායකත්වය දීමට ගොස් ඇති තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂ විරෝධී ඡන්ද හරි මැදින් තුනට බෙදෙන තත්ත්වයක් තිබේ. මේ අනුව කළුතර දිස්ත්‍රික්කයද යූ.ඇන්.පී.ය ජයග්‍රහණය කරනු ඇතැයි මාගේ නිගමනයයි.
එසේ නම් අවසාන වශයෙන් කිව යුත්තේ වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලකගේ නායකත්වයෙන් යුත්, මුස්ලිම් ඡන්ද පදනම සහිත සාම්ප්‍රදායික එ.ජා.ප. බලකොටුවක් වන ගාල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම එම නායකයන්ගේ අරමුණය. මාතර දිස්ත්‍රික්කයේද එසේමය. මාතර දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායික ඡන්ද ඡන්ද පොළට ගෙන යෑමට අමතරව එම දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන ඇමතිවරුන් දෙදෙනෙකු වන සාගල රත්නායක හා මංගල සමරවීරගේ ක්‍රියාකාරීත්වය මත එම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය තීරණය වේ. එසේම මන්ත්‍රීවරයෙකු වන බුද්ධික පතිරණගේ ක්රියාකාරීත්වයද එම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණයට බලපායි.
කෙසේ නමුදු මාතර දිස්ත්‍රික්කයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයත් එක්සත් ජාතික පක්ෂයේ දක්ෂ කණ්ඩායමක් නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්ක දෙකකි. අනෙක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉතාම වාසි සහගත දිස්ත්‍රික්කය වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. එය මහින්ද රාජපක්ෂවරුන්ගේ බළකොටුව වන අතර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළ යුතු වේ. එය ඔහුගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වේ. එබැවින් හෙතෙම සිය උපරිම ශක්තිය, බලය හා හැකියාවන් එම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට යොදවනු ඇත. එයට මුහුණදීමට මේ මොහොතේ දුර්වල රාජපක්ෂවරුන්ට හැකියාවක් තිබේ දැයි සැක සහිතය.
එහෙයින් මෙවර රාජපක්ෂවරුන්ට හෝ ශ්‍රී.ල.නි.පයට දිනාගත හැකි එකම දිස්ත්‍රික්කය මොනරාගල පමණි.