"දිනක් මහා නාගරාජයෙක් තාපසයෙකු හමුවන්නට ගියේය. තාපසතුමනි මට භාවනා කරන්න ඕන. මම කාටවත් හිංසාවක් කරන්නේ නෑ" යැයි නාගයා පැවසීය. තාපසතුමාත් ඊට අනුමැතිය දුන්නේය. ටික කලකින් නාගයා ආපසු තාපසතුමා හමුවට පැමිණියේය. "මොකෝ මේ පැත්තේ" තාපසතුමා නාගයාගෙන් විමසීය. "තාපසතුමනි මට හරිම කරදරයි. මම දැන් දෂ්ට කරන්නෙ නැති නිසා කැලේට දර හොයාගෙන එන ගෑනු මාව දර මිටි බඳින්න අරගන්නවා. මොකක්ද මම කරන්නේ" නාගයා තාපසයාට කීවේය. දෂ්ට කරන්න එපා තමුන් නයෙක් බව පෙන්නන්න ඉඳහිට පිඹලා පෙනේ පුප්පන්න" යන්න තාපසයාගේ පිළිතුර විය.
උතුරු පළාත් සභාවේ අධ්‍යාපන ඇමති කන්දයයියා සර්වේස්වරන් පසුගියදා අමුතුම ප්‍රකාශයක් කළේය. ඒ ත්‍රස්තවාදී නායක ප්රභාකරන් නමැති ත්රස්තවාදීයා මියගිය දිනයේදී උතුරේ පාසල්වල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙසයි. මීට කලින්ද කන්දයියා සර්වේස්වරන් වව්නියාවේ පාසලක උත්සවයකට සහභාගි වී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළේය.
සුළු ජාතීන්ට සිංහලයන් හා සම අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කළේ ඉංග්‍රිසි ජාතිකයන්ය. ඔවුන් සිංහලයා පාලනය කිරීම සඳහා මෙසේ සුළු ජාතීන්ට වරප්‍රසාද ලබා දුන්නේය. ඕනෑම රටක තීන්දු තීරණ ගන්නේ රටේ ජීවත්වන මුල් ජාතියයි. මුල් ජාතිය අමතක කර ගන්නා තීන්දු තීරණවලින් ඇතිවන්නේ විකෘතියකි. මේ ඉංග්‍රීසි ජාතින් ඇතිකළ විකෘතිය අද පිළිකාවක් මෙන් වර්ධනය වී තිබේ. සම අයිතිවාසිකම් පුරුද්දකට ගියේ මේ ආකාරයටමය.
1956 බණ්ඩාරනායකගේ මැතිවරණයේ ප්‍රධාන තේමාව බවට පත්වන්නේ ආගම සහ ජාතියයි. මෙයින් බණ්ඩාරනායක මැතිවරණය ජයගත්තේ එක්සත් ජාතික පක්ෂය පරාජය කරමිනි."සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍ය භාෂාව වන්නේය" යනුවෙන් ප්‍රකාශ කරන රාජ්‍ය භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ 1956 ජුනි 05 වැනිදාය. මෙයට විරෝධය පළකිරීමට එවකට ෆේඩරල් පක්ෂයේ නායක චෙල්වනායගම් සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. මෙම දෙමළ සත්යග්රහ ව්‍යාපාරය දෙමළ ජනතාව තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටි ප්‍රථම අවස්ථාවය. 1957 පෙබරවාරි 04 ෆෙඩරල් පක්ෂය විරෝධතා ව්‍යාපාරයක් දියත් කළේය. ඒ වගේම උතුරු නැගෙනහිර සිංහල රාජ්‍ය භාෂා පනතට දැඩි විරෝධතා එල්ල විය. රටේ වර්ධනය වෙමින් ආ දෙමළ ආවේගයන් පාලනය කිරීමට බණ්ඩාරනායක ෆෙඩරල් නායකයන් සමග සාකච්ඡා කර අවසානයේදී දෙපාර්ශ්වය අතර ලිඛිත ගිවිසුමක් ඇති කර ගත්තේය. මෙය බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමයි. නමුත් මෙම ගිවිසුම අහෝසි කරන්නට බණ්ඩාරනායකට සිදුවිය.
1961 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි සිංහල භාෂාව රටේ පරිපාලන භාෂාව ලෙස ක්‍රියාත්මක කළේය. මෙහිදී ෆෙඩරල් පක්ෂය කළේ උතුරේ සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි. ඉන් අනතුරුව නැවතත් සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරය තවත් ඉදිරි පියවරකට ගෙනයාමට උත්සාහ කළ අතර අවසානයේදී එය අවසන් වුණේ නීතිය උල්ලංඝනය කළවුන් අත්අඩංගුවට ගැනීමෙනි.
ඒ වගේම 70 දශකයේදී දෙමළ ශිෂ්‍ය ව්‍යාපාරයන් නැගී සිටියේය. විශේෂයෙන්ම ආයුධ සන්නද්ධ අරගලයක් මගින් දෙමළ රාජ්‍යයක් දිනා ගැනීමේ අරමුණින් පෙනී සිටින සටන්කාමී තරුණ සංවිධාන ගණනාවක් උතුරේ බිහිවිය. ප්රභාකරන්, පත්මනාදන්, ඇන්ටන් බාලසිංහම්ලා බිහිවී අවසානයේදී එය ත්‍රස්තවාදී සංවිධාන ලෙස කටයුතු කරන්නට පටන් ගත්තේය.
1983 උතුරේ සේවයේ නියුතුව සිටි ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු සෙබළුන් 12ක් බිම්බෝම්බ ප්‍රහාරයකින් දෙමළ සන්නද්ධ ව්‍යාපාරවල ත්රස්තවාදීන් විසින් ඝාතනය කිරීමත් සමගම කළු ජූලිය හෙවත් ජාතිවාදී කෝලහාල ආරම්භ විය. ඉන්දියාව ලංකාවේ ප්‍රශ්නයට අත දැම්මේය. එහිදී නිල නොලත් හා නිලලත් යන දෙආකාරයටම ලංකාවේ ද්‍රවිඩ තරුණයන්ට ඉන්දියාවේ ආයුධ පුහුණුව ලබා දුන්නේය. එවකට ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්., ඊරෝස් හා එල්.ටී.ටී.ඊ.සංවිධාන ත්‍රස්ත ක්‍රියා දියත් කළහ.
අවි අතට ගත් දෙමළ සටන්කාමී කණ්ඩායම් සමග ශ්‍රී ලංකා ආණ්ඩුව මුලින්ම සාකච්ඡා මේසයක වාඩිලා ගත්තේ 1985දීය.
භූතානයේ තිම්පු නුවර පැවැත් වූ මෙම සාකච්ඡා සඳහා රජයේ පාර්ශ්වයෙන් කණ්ඩායමක් සහභාගි වූ අතර, එම කණ්ඩායමේ නායකත්වය ගත්තේ ජේ.ආර්.ජයවර්ධනගේ බාල සොහොයුරු එච්.ඩබ්ලිව්.ජයවර්ධනය. දෙමළ සටන්කාමී කණ්ඩායම් වෙනුවෙන් එල්.ටී.ටී.ඊ, ටී.යූ.එල්.එෆ්, ටෙලෝ, ඊරෝස්, ඊ.පී.ආර්.එල්.එෆ් හා ප්ලොට් යන කණ්ඩායම්වල නියෝජිතයෝ ඇතුළත් වූහ. දෙමළ නියෝජිතයෝ මෙහිදී විසඳුමක් සඳහා අනිවාර්ය කරුණු 04ක් ඉදිරිපත් කළහ. ඒවා නම් "ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනම ජාතියක් ලෙස පිළිගත යුතුය", "දෙමළ නිජබිම් සංකල්පය හා ඊට ඇති භෞමික අඛණ්ඩතාවය පිළිගත යුතුය", "දෙමළ ජාතියේ ස්වයං තීරණ අයිතිය පිළිගත යුතුය", "ශ්‍රී ලංකාව සිය රට ලෙස පිළිගන්නා සියලු දෙමළ ජනතාවට පුරවැසි අයිතිවාසිකම් ඇති බවට පිළිගත යුතුය" යන කරුණු හතරයි. මුල් කරුණු 03 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිසාත්, හතරවැනි කරුණ එහි සිටින අයට අදාළ නොවන නිසාත් ඒවා පිළිගත නොහැකි බව එච්.ඩබ්ලිව් ජයවර්ධන ප්‍රකාශ කිරීමත් සමගම සාකච්ඡා බිඳ වැටුණි.
අවස්ථා ගණනාවකදී මෙම ප්රශ්නය ගොඩින් බේරා ගැනීමට උත්සාහ කළද ත්රස්තවාදීන් විසින් අනවශ්‍ය බලපෑම් කිරීමට යෑමෙන් හා ප්‍රචණ්ඩකාරී වන්නට යෑමෙන් සිදුවූයේ යුද්ධයකින් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමටය.
"ත්‍රස්තවාදය මැඩ පැවැත්විය යුත්තේ ත්‍රස්තවාදයෙනි." අප ජාතිකත්වය හා ජාතිවාදය පටලවා ගෙන ඇත. ජාතිකත්වය සැමටම උරුම වේ. උදා - ශ්‍රී ලාංකික ජාතිය, ඇමෙරිකානු ජාතිය, රුසියානු ජාතිය. ඒ රට ගැන ආඩම්බරයක් හැඟීමක් ඇතිවිය යුතුය. අප මේ රටේ ජීවත් වෙනවා නම් ඒ රටේ පුරවැසියන් ලෙස බහුතර කැමැත්තට ඉඩදී ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ යුතුය. ඉතිහාසයේ ජාතිවාදය කොහේවත් තිබුණේ නැත. දුටුගැමුණුද එලාර මිය ගිය පසු ඔහුට රාජ්‍ය ගෞරව ලබාදුන්නේය. පරාක්‍රමබාහුගේ සෙනවියා දෙමළ සෙනෙවියකි. හැබැයි ජාතිවාදය ආරම්භ කළේ ඉංග්‍රිසීන් පමණට වඩා අයිතිවාසිකම් දෙන්නට යෑමෙනි.
කැනඩාවේ, රුසියාවේ, චීනයේ සෙල්ලං දාගෙන ආ සුළු ජාතීන්ට එරට නායකයෝ පැවසුවේ අපේ රටේ විදියට ඉන්න බැරි නම් යන ලෙසය. දැන් යුද්ධය හමාරය. ඔය කියන තරම් ජාතිවාදියෝද නැත. නමුත් ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව යන සර්වේස්වරන්ලා මෙන්ම ප්රජාතන්ත්රවාදී ප්රවාහයේ සිටින දෙමළ දේශපාලඥයන්ට පසුගියදා අපි කියන විදියට කරපන් යැයි කියූ ශිෂ්‍ය සංවිධානවලට නම් නිසි පාඩම් ඉගැන්විය යුතුය. ඒ කියන්නේ දෂ්ට කරන්නට බැරිනම් පෙනේවත් පිප්පිය යුතුය.
හැමෝම තමන්ගේ ප්‍රමාණය දැනගෙන කටයුතු කිරීමෙන් ආයෙමත් යුද්ධයකට යන්නේ නැත. ජාතිකත්වයට තැනදී ජාතිවාදය පිටු දැකීමට අප සැවොම වග බලාගත යුතුය.
නිපුන් ඒකනායක