අවුරුදු 15 මාස 10ක දැරියක් ඇයගේ පියාගේ සහෝදරයා විසින් අතවරයට ලක්කිරීමක් සම්බන්ධයෙන් මහනුවර පොලිස් ස්ථානය කළ විමර්ශනයකට අදාළව අවුරුදු 25ක් වන බහිරවකන්ද ප්ර දේශයේ විහාරස්ථානයක හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 20 දා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් කාන්තාවක්ද එදිනම බහිරවකන්ද ප්ර දේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය අවුරුදු 29ක කාන්තාවකි.
සකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර හිමිනම රිමාන්ඩ් භාරයට පත්කර ඇති අතර සැකකාරිය මුදල් ඇප දෙකක් මත මුදාහැර ඇත.