අවුරුදු 14ක් වන දැරියකට බරපතල ලිංගික අතවරයක් කළ අවුරුදු 21ක් වන මවුලවිවරයෙක් අත්අඩංගුවට ගත් බව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එරගම පොලිස්
වසමේදී අවුරුචු 21ක් වූ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 09 දා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු ප්‍ර දේශයෙන් පළාගොස් සිට 05/20 දා නිතිඥවරයෙක් මාර්ගයෙන් අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් විමෙන් අනතුරුව ඔහුද ලබන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහුද අවුරුදු 21 ක් වන එරගම පදිංචි මවුලවිවරයෙකි.