ලංකාවේ එක්තරා ජනමාධ්‍ය ආයතනයක් පුන පුනා ප්‍රකාශ කරන්නේ, ඔවුන් ජනතාවට පාර කියන බවයි. එම මාධ්‍ය ආයතනයේ හිමිකරු ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකි. ගොඩනැගිලි ක්ෂේත්රයට අතිශය වැදගත් භාණ්ඩ නිෂ්පාදනයේ යෙදෙමින් ව්‍යාපාරවල යෙදුණු ඔහු මාධ්‍ය ව්‍යාපාරට පැමිණෙනුයේ මියගිය දක්ෂ ගුවන් විදුලි ශිල්පියෙකුගේ රසවත් ඇසුර නිසාවෙනි. මුදල් උපයමින්, කොළඹ ඉහළ පන්තිය ඇසුරු කරමින් කිසිවෙකුගේත් අවධානයට ලක් නොවූ චින්තනමය දිළින්දෙකු වූ මොහුට ඇති තරම් අතිරික්ත මුදල් තිබිණි. මෙලෝ රහක් නැති ඔහුගේ ජීවිතය රසවත්, බලවත් හැම කෙනාගේම අවධානයට ලක්වන ජීවිතයක් බවට පත්වූයේ ඔහුගේ අතිරික්ත ධනය මාධ්‍ය ව්‍යාපාරයට යොදවා ගොඩනැගූ මෙම මාධ්‍ය ආයතනය නිසාවෙනි. ඒ සඳහා පුරෝගාමී වූයේ කීර්තිමත් හා රසවත් මිනිසෙකි.
මෙම මාධ්‍ය ආයතනයේ සේවය කරන්නන් සියලු දෙනාටම පාහේ ඇත්තේ එක සමාන සුදුසුකම්ය. මෙහි විධිමත් අධ්‍යාපනයක් ලබා ඉහළ හෝ අදාළ තනතුරුවල කටයුතු කරන කිසිවෙකුත් නැති තරම්ය. මෙම ආයතනයේ ඉහළම තනතුරේ සිට පහළම තනතුර වන සනීපාරක්ෂක කම්කරු තනතුර දක්වා සියලු දෙනාටම ඇත්තේ එක සමාන අධ්‍යාපන සුදුසුකම්ය. ඔවුන් අතර වෙනසක් ඇත්නම් ඒ ඔවුන්ගේ තනතුරු නාමය, මාධ්‍ය ආයතනයක සේවය කිරීම නිසා එකිනෙකා තනි තනිව හදාගත් සිවිල් බලය හා අඟපසග පමණි. එය සියල්ලට අදාළය. මේ ආයතනයේ ඉහළට ආ සියල්ලෝම උසස් පෙළ සමත්තු වෙති. එබැවින් එම ආයතනයේ සනීපාරක්ෂක කම්කරුවෝද උසස් පෙළ සමතුන් විය යුතුය. මන්ද උසස් පෙළ සමත් වීම තවදුරටත් ලංකාවේ මැජික් එකක් නොවේ. නමුත් මෙම ආයතනයේ මෙම සුදුසුකම් රහිත නූගත් ඊනියා මාධ්‍යවේදීන් ප්රවෘත්ති විකාශයන් තුළත්, දේශපාලන වැඩසටහන් තුළත් හැසිරෙනුයේ ලෝකයේ පිළිගත් මාධ්‍ය සදාචාර, ආචාර ධර්ම තුට්ටුවකට මායිම් නොකරමිනි. මේ සඳහා හොඳම උදාහරණය වන්නේ රාජගිරිය ගුවන් පාලම සම්බන්ධයෙන් ඔවුන් හැසිරුණු ආකාරයයි. අද එම පාලම නිසා රථවාහන තදබදය 70 කටත් වඩා අඩු වී තිබේ. නමුත් ගුවන් පාලම විවෘත කළ කාලයේ විවිධ දේ පෙන්වමින් .ඉංජිනේරුවන්ගේ මතයට අභියෝග කරමින් මොකද්දෝ අණ්ඩර දෙමළයක් දෙසා බෑවේය. අද එය සම්පූර්ණයෙන්ම කෙබරයක් බවට පත් වී තිබේ. ඒ පිළිබඳ අද ඔවුන්ට වගේ වගක් හෝ ලැජ්ජාවක් නොමැත.
මාධ්‍ය ආයතනයකට ලබාදෙන ඉඩකඩ හා සංඛ්‍යාත රජයක් විසින් නියාමනය කරනුයේ එමගින් විශාල සමාජ හානියක් සිදු කිරීමට මාධ්‍ය ආයතනවලට ඉඩ තිබූ නිසාවෙනි. නමුත් මෙම සමාගමේ හිමිකරු දුර්වල, ගැඹුරක්, දිගක්, පළලක් නැති මිනිසුන් යොදාගනිමින් තමන්ගේ ජීවිතයේ ෆැන්ටසි ඉටු කරගැනීමට උත්සහ කරයි.
එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ආයතනයේ සේවය කරන සියල්ලෝම පාහේ මෙම සමාගමේ හිමිකරුගේ සිහිනවල ගොදුරක් බවට පත් වෙති. සාමාන්‍යයෙන් කොළඹ සමාජයේ ප්‍රසිද්ධ කතාවක් වන්නේ %මෙම ව්‍යාපාරිකයාට අතට අත දුන්නොත් අත නැවත ගෙන ඇඟිලි දහයම අතේ තිබේදැයි ගැන බැලිය යුතු^ බවයි. ඔහු එතරම්ම මිනිසෙක් වේ.
මෙම ආයතනයේ සේවයට පැමිණෙන කවරෙකු හෝ පළමු මාස හතර ගත කළහොත් ඔහු දිගු කාලයක් එම ආයතනයේ සේවය කරන බවට කතාවක් පවතී. මන්ද මෙම පළමු මාස හතර තුළ ආත්ම ගරුත්වයක් ඇති, පෞරුෂයක් ඇති ඕනෑම කෙනෙකු මෙම ආයතනය අත්හැර යන බැවිනි.
මෙම ආයතනයේ හිමිකරුට සෑම වෙලාවේම එකතුවන දෙන ඇරියස් තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග ඇති අර්බුදය මේ සඳහා ඇති හොඳම උදාහරණයයි. එක්සත් ජාතික පක්ෂය වැඩකටයුතු කළ යුත්තේ තමන්ගේ සිතැඟි අනුව බවට සිතන තරමට මෙම ව්‍යාපාරිකයා ලොකු වී තිබේ. එසේ වුවද ඡන්දයක් පැමිණි විට පක්ෂයේ සාමාජිකයන් රුපියල් විස්ස විස්ස එකතු කොට සාදාගන්නා ලද මුළු අරමුදලම එම සමාගම දැන්වීම් ලෙස ඉල්ලා සිටියි. එසේ නොදෙන විට ඔවුහු රනිල් වික්‍රමසිංහට ප්‍රහාර එල්ල කරති.
2001 - 2004 ආණ්ඩුවේදී මේ පුද්ගලයා ආරක්ෂක, මුදල් හා විදේශ ඇමතිකම් තමන් යෝජනා කරන අයට ලබාදිය යුතු බව එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට දැනුම් දුන්නේය. එය ප්‍රතික්ෂේප කළ විට එදා සිට අද දක්වා අඛණ්ඩ වෛරයක් රනිල් වික්‍රමසිංහ කෙරෙහි මෙම ව්‍යාපාරිකයාට තිබේ. ඒ මත පදනම්ව එක්සත් ජාතික පක්ෂයේ දැන්වීම් ඉල්ලීමේ සිට නායකයා වෙනස් කිරීම දක්වා වූ සියලුම කටයුතුවලට ඔවුන්ගේ මාධ්‍ය ආයතන තුළින් බලපෑම් කරමින් මෙම සමාගම මැදිහත් වේ. දශක එකහමාරක් තිස්සේ ඔවුන් කෙතරම් උත්සාහ කළද රනිල් වික්රමසිංහටවත්, එක්සත් ජාතික පක්ෂයටවත් ඔවුන්ට කළ හැකි කිසිවක් නොවීය.
රටේ කටයුතුවලදී රටේ සියලුම සංවර්ධන ව්‍යාපෘතිවල ටෙන්ඩර්, කොන්ත්‍රාත්, කොමිස් මුදල් හා ඒකාධිකාරය තිබිය යුත්තේ තම සමාගම සතුව යැයි මෙම මොවුන් කල්පනා කරයි.
ඇතැම් විට කප්පම් ගැනීමට මෙන් මාධ්‍ය හසුරුවන මෙම ව්‍යාපාරික සමාගම ජනාධිපති ලේකම් කාර්යාලයේ, ජනාධිපති මාධ්‍ය අංශය හා කාර්යාලයේ බොහෝ තනතුරු පුරවා ඇත්තේ මෙම සමාගමේ සේවය කළ හෝ සේවය කරමින් සිටින අයගෙනි. මෙම මාධ්‍ය ආයතනයේ එම බලය හා හැඩය උපයෝගී කරගනිමින් ලංකාවේ බොහෝ ආයතනවලට කතා කරමින් ජනාධිපතිතුමන්ගේද නම ගාවා වෙළෙඳ දැන්වීම් ලබාගනී. මේ ලියුම්කරුට (මට) මෙම සමාගමෙන් එක් දිනක් දුරකථන ඇමතුමක් පැමිණි අතර, එම දුරකථන ඇමතුමේ වැඩි ප්‍රමාණයක් තිබුණේ, 'ජනාධිපතිතුමා කීවා', 'ජනාධිපතිතුමාට අදාළව', 'ජනාධිපතිතුමා වෙනුවෙන්' යන යෙදුම්ය. මා අවසානයේ ඔවුන්ගෙන් ඇසුවේ මේ ඇමතුම ඔබේ කොම්පැනියෙන්ද, නැතිනම් ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද කියාය. එම ඇමතුම මගින් ඔවුහු එතරම් දුරට ජනාධිපතිතුමා විකුණා දැමූහ.
යහපාලන රජයට චෝදනා එල්ල වන තවත් ප්‍රධාන ගනුදෙනුවක් වන්නේ රජයේ ගුවන්විදුලි හා රූපවාහිනී සංඛ්‍යාත මගඩියයි. එහි වටිනාකම කෝටි 3000ක් පමණ යැයි රජය තක්සේරු කර තිබේ. මෙම සංඛ්‍යාත මගඩිය සඳහා ජනාධිපතිවරයාගේ නමද ඈඳී ඇති බව මා පුවත්පත් ගණනාවක දැක්කෙමි.
මෙවැනිම ඒකාධිකාරයක් පවත්වාගෙන යන අනෙකුත් ක්ෂේත්රය වන්නේ ලංකාවේ අලි ගම්වැදීමට එරෙහිව කරන කාර්යයකි. අලින්ට හරස් වීම මෙම සමාගමේ ඒකාධිකාරයක් බවට ඔවුන් පත් කරගෙන තිබේ.
අවසාන වශයෙන් කිව යුත්තේ මෙම සමාගම කල්පනා කරනුයේ, එහි හිමිකරුට මේ රටේ සියලුම බලයන් කේන්ද්‍රගත කළ යතු බවයි. එය රටේ ස්වාධිපත්‍යයට, ප්රජාතන්ත්රවාදයට, මාධ්‍ය නිදහසට දැඩි හානියකි. නමුත් ඔහු තේරුම් නොගන්නා දෙය නම්, ඕනෑම මිනිසෙක් මේ සියල්ල හැරදමා මියයන බවයි. මොවුන්ගෙන් ආණ්ඩුව බේරාගැනීම ජනාධිපතිතුමන්ගේ වගකීමකි. එසේම මොවුන් විසින් ජනාධිපතිතුමාගේත්, ආණ්ඩුවේත් සහයෝගයට විශාල හානියක් හිතාමතාම කුමන්ත්රණකාරී ලෙසින් සිදුකරයි. එය ජනාධිපතිවරයාට මාරාන්තිකය.