ආණ්ඩුව නිල වශයෙන් නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායමත්ය. එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන නොනිල පක්ෂ දෙක වන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයයි. මේ පාර්ශ්ව හතරේම මේ වනවිට විවිධ ගැටලු පැන නැගී ඇත. ඒ අනුව එම ගැටලු විසඳාගන්නා තෙක් ඔවුහු එකමුතුව නීති විරෝධී අයුරින් මැතිවරණ කළ දමමින් සිටිති.
මහින්ද රාජපක්ෂ රජය යටතේ ප්රජාතන්ත්රවාදයනැතැයි කියූ ජනතා විමුක්ති පෙරමුණ දැන් ප්රජාතන්ත්රවාදය හැකිළීම සඳහා සිය ඡන්ද භාවිත කරමින් සිටියි. පැවැති මහින්ද රජජපක්ෂ ආණ්ඩුව නම් නිසි කලට මැතිවරණ පැවැත්වීමට කටයුතු කළ අතර, වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නමට පමණක් යහපාලන ආණ්ඩුව කුමක් කීවද, මහින්ද රාජපක්ෂ මහතා තවත් වසර දෙකක් ඉතිරිව තිබියදී මැතිවරණයකට ගියේ ප්රජාතන්ත්රවාදී ලෙස තමන් පිළිබඳ ජනතාවට ඇති විශ්වාසය සම්බන්ධයෙන් තහවුරුවක් ලබාගැනීම වෙනුවෙනි.
ගතවූ වසර දෙකක කාලය පිළිබඳ ඔබ අවධානය යොමු කරන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ සෑම අවස්ථාවකදීම ආණ්ඩුවට අණපනත් සම්මත කරගැනීමට සිය දායක්තවය ලබාදීමට කටයුතු කළේය. සිදු වූවා යැයි චෝදනා නගන යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පවැත්වීමට අවසරය දීම, පළාත් පාලන හා පළාත් සභා ඡන්ද කල් දැමීමට අවසරය දීම ඇතුළු නොයෙකුත් අහිතකර පනත්වලට ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට සහාය දුන්නේය.
මෙවැනිම තත්ත්වයක් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සම්බන්ධයෙන්ද ඉදිරියේදී පැන නැගී ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී රටට අහිතකර කරුණු තිබුණද, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඡන්දය ලබාගනිමින් එය සම්මත කරගැනීමට කටයුතු කරනු ඇත. අනෙක් අතින් එම පක්ෂ දෙකේ සහාය ලබාගැනීමට නම් ආණ්ඩුවට අනිවාර්යයෙන්ම ෆෙඩරල් ව්‍යවස්ථාවක් වෙත යොමුවීමට සිදු වනු ඇත.
යම් පනතක් සම්මත කර ගැනීමට ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නම් ඒ සඳහා ආණ්ඩුවට සහාය දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානයයි. පළාත් සභා ඡන්ද විමසීමට අදාළ පනත සම්මත කර ගැනීමට ආණ්ඩුවට තුනෙන් දෙකක ඡන්දයක් අවශ්‍යව තිබියදී ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය පනතට පක්ෂව ඡන්ද භාවිත කළේය.යම් හෙයකින් ඔවුන් මෙම පනතට විරෝධය දැක්වූවානම් පළාත් පාලන ඡන්ද විමසීමේ පනත තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීමට අවස්ථාවක් රජයට නොලැබේ. අනෙක් අතින් මෙහිදී පාර්ලිමේන්තුව පැය දෙක හමාරක පමණ කාලයක් දිගු කළ අතර, එය යහපාලනයදැයි ප්‍රශ්න කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.
එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කොටසත්, ජනතා විමුක්ති පෙරමුණත්, ද්‍රවිඩ ජාතික සන්ධානයත් මේ වනවිට පක්ෂ වශයෙන් ගත් කල අභ්‍යන්තරික ලෙස ගැටලු රාශියකට මුහුණදී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ බිම් මට්ටම අනුර කුමාර සහෝදරයාට විරෝධය දක්වන්නේ ඔහු එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කරන හෙයිනි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට විරුද්ධ පසුගිය ජනාධිපතිවරණ සමයේදී එම ජනතාව වෙනුවෙන් දුන් පොරොන්දු ඉටු කිරීමට ඔහු අපොහොසත් වී ඇති හෙයිනි.
මහින්ද රාජපක්ෂ සමයේදී මෙන්ම මේ වනවිටත් උතුරේ සංවර්ධනයක් සිදු නොවීම දමිළ ජනතාව ද්‍රවිඩ සන්ධානයෙන් ඉවත්වීමට හේතුවක් වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස බලය තහවුරු කරගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ වනවිට සටනක නිරත වෙමින් සිටියි.ඒ හේතුවෙන් පක්ෂය අර්බුද රැසකට මුහුණදී ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ පක්ෂයෙන් ඉවත් වෙමින් සිටිති. එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්සත් ජාතික පාක්ෂිකයන් නොමැත.
මේ වනවිට මේ පක්ෂ හතරම බෝඩ් ලෑලි සඳහා පමණක් සීමා වූ, නමට පමණක් නායකයන් සිටින පක්ෂ බවට පත්ව ඇත. අප නිකමට මේ දිනවල දේශපාලන වේදිකාව පිළිබඳ අවධානය යොමුකළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන ඇමති ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයාට බනියි. එක්සත් ජාතික පක්ෂයේ ඇමති එම පක්ෂයේ මන්ත්‍රීට බනියි. එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන්ටත් බනිති.
මේ සියල්ලන්ගේම පොදු කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට බනිමින් තම නොහැකියාව වසාගැනීමට කටයුතු කිරීමයි. විවිධ පාර්ශ්වයන්ට චෝදනා කරමින් සිටින ආණ්ඩුවට කොහොමත් ජනතාව වෙනුවෙන් හෝ ආර්ථිකය වෙනුවෙන් කටයුතු කිරීමට වේලාවක් නැත.
පසුගිය දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා පරිශ්‍රයේ පැවැති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගියෙමි. සුපුරුදු පරිදි මම සෑම වර්ෂයකදීම මෙන් එම ප්‍රදර්ශනය නැරඹීමටත්, අවශ්‍ය පොත්පත් මිලදී ගැනීමටත් කටයුතු කරමි. කෙසේ වෙතත් මම පොත් ප්‍රදර්ශනයට ගොස් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචිත ‘ජනාධිපති තාත්තා’ ග්‍රන්ථය මිලදී ගැනීමට කටයුතු කිරීම පිළිබඳ බොහෝ දෙනෙකු විවේචන ඉදිරිපත් කර තිබිණි.
මම එය මිලදී ගත්තේ පොත්වලට ඇති ආසාව නිසාත් තවත් පොතක් ලෙස කියවා යම්කිසි දැනුමක් ලබාගැනීමේත් අපේක්ෂාවෙනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මම නීතිවිභාගයට මුහුණදුන්නේ වායු සමනය කළ කාමරයක සිට බවයි. මට ඇත්තේ ව්‍යාජ උපාධියක් බව පැවසූ ඔහු මගේ සහෝදරයන්ගේ අධ්‍යාපනය පිළිබඳ පවා මඩ ගැසීය.
ජනාධිපති තාත්තා ග්‍රන්ථය රචනා කළේ වෙනත් අයෙකු බවත්, ඔහුට මුදල් නොගෙවූ බවටත් මේ වනවිට කතාවක් පැවතියද, එම ග්‍රන්ථය කියවීම සඳහා එය බාධාවක් නොවන අතරම, එය මට කිසිසේත් අදාළද නොවේ.
ලබන සතියේදී යළිත් හමුවෙමු!
ඔබට සුබ අනාගතයක්!