බැලු බැලු අත පෝලිම්ය. වික්ෂිතව බලන අතර තෙල් නැති වී ඇති බැව වැටහුණේ පෝළිම්වල මිනිසුන් බණින බැණුම් ඇසීමෙනි.
පෙට්ර‘ල් නැත. ඉන් දුක්විඳින්නේ මිනිසුන්ය. පෙට්‍රල් නැති වුණේ මන්දැයි ඛනිජ තෙල් අමාත්‍යාංශ‘යෙන් විමසුවෙමි. &Torm Astrld කියලා පෙට්ර‘ල් නැවක් තෙල් බාලයි කියලා හරවලා යැව්වා* ඒ ඛනිජ තෙල් අමාත්‍යාංශයෙන් ලැබුණු උත්තරයයි.
නැවක් පරක්කු වූ පළියට මෙසේ තෙල් අර්බුදයක් ඇතිවිය හැකිද? අප ඉදිරියේ ඇති ගැටලුව මෙයයි.
සාමාන්‍ය‘යෙන් එක් නැවක් නොපැමිණි පමණින් රටක තෙල් අර්බුදයක් හට ගැනීම අතිශය විහිළුවකට කාරණයකි. මෙයින් පෙනී යන්නේ අප රටේ ප්‍රතිපත්ති සැලසුම් හා කළමනාකරණයෙහි ඇති ඛේදනීය තත්ත්වයයි. එමෙන්ම දේශපාලඥයන්ගේ එනම් ප්‍රතිපත්ති සකස් කරන්නන්ගේ, නීති සම්පාදකයන්ගේ ඇති පැහැදිලි දුර්වලතාවයි.
ඛනිජ තෙල් අමාත්‍යවරයා මාධ්‍ය ඉදිරියට පැමිණ තත්ත්වය පැහැදිලි කිරීමට උත්සාහ කරනු ඊයේ දක්නට ලැබිණි. ඔහු පැවසුවේ IOC (ඉන්දියන් ඔයිල් සමාගම) විසින් ගෙනා ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් නැවක් හරවා යැවූ අතර, එම නැව ආපසු නොගොස් ත්‍රිකුණාමලයේ නැංගුරම් ලා ඇති බවයි. තවද එම තෙල් මිලදී ගන්නා ලෙසට ඔහුට දැඩි බලපෑම් එල්ල වන බවයි.
තවද බාලතෙල් පෙට්‍රල් වෙනුවට ප්‍රමිතියෙන් යුතු පෙට්‍රල් ලබාදීමට කටයුතු කළ යුතු බවත්, ඉන්දියන් ඔයිල් සමාගම එම ප්‍රමිතියෙන් යුතු තෙල් නැවත ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
IOC එකට මෙපමණ ශක්තියක් ලැබුණේ කෙලෙසද. 1961 අංක 28 දරන පාර්ලිමේන්තු පනතින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හා ටී.බී. ඉලංගරත්න මහතාගේ මූලිකත්වයෙන් ලංකා ඛනිජ තෙල් සංස්තාව පිහිටු වූ අතර, එතැන් සිට 2003 වර්ෂය දක්වා මෙරට ජනතාවගේ ඉන්ධන අවශ්‍යතාවය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සපුරන ලදී.
2003 දී එවකට පැවති IOC සමාගම (ඉන්දියන් ඔයිල් සමාගම) මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරයට රැගෙන එයි. IOC සමාගම ලංකාවේ තෙල් අවශ්යතාෙවන් 20෴ක් හසුරුවන අතර, ඛනිජතෙල් නීතිගත සංස්ථාව 80෴කින් වෙළෙඳ පොළ හසුරුවන බව අර්ජුන රණතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
හැබැයි 20%ක් තියාගෙන ඉන්දියන් ඔයිල් සමාගම දාන සෙල්ලම් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වලින්ම දැකගත හැක. මේ වගේ සමාගම්වලට සෙල්ලම් දාන්න පුළුවන් වන්නේ අපේ රටේ තිබෙන දුර්වල කළමනාකාරීත්වය හා අනාගත දැක්මක් නැති නිසාය.
සුද්දා රටින් යන විට අපිට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි තෑගි කර ගියේය. සුද්දා ගියපසු හදපු රේල් පාරවල් අඟලකින්වත් දික් කරගැනීමට බැරිවූ ආණ්ඩු මේවාගෙන් කිසිදු ප්‍ර‘යෝජනයක් ගත්තේ නැත.
සුද්දා දීලා ගියපු තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න සූදානමක් ඇත. මෙම තෙල් ටැංකි නැවත ඉන්දියාවට ලබාදුනහොත් තිබෙනවාටත් වඩා බරපතළ තත්ත්වයකට මුහුණදීමට අපට සිදුවනු ඇත.
ඛනිජ තෙල් වෘත්තීය සමිති සියල්ලන්ම පවසන්නේ මෙම තෙල් ටැංකි නඩත්තු කොට පවත්වාගෙන යෑමට හැකි බවයි. ආණ්ඩුව කළ යුත්තේද මෙයයි. මෙම තෙල් ටැංකි නැවත භාවිතයට ගෙන සංරක්ෂිත තොග (Buffer Stock) පවත්වාගෙන යාම සිදුකළ හැක. වෙනත් රටවල ඉන්ධන පමණක් නොව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා සංරක්ෂිත තොග ලෙස රැස්කර තබා ගනියි.
මෙලෙස ඉන්ධන එක්රැස් කර තබා නොගැනීම නිසා සිදුවූ මේ අකරතැබ්බයන් දේශපාලඥයන් තම නැණ පමණින් නොව හොඳින් වටහාගෙන ඉදිරියට මුහුණ දීමට කටයුතු කළ යුතුය.
ත්‍රිකුණාමලයේ තිබෙන ඉතිරි ටැංකි 85 ප්‍ර‘යෝජනයට ගැනීම ඉතා වැදගත්ය. තවද තවත් පිරිපහදුවක් (refinary) ඉදිකිරීමද ඉතා කාලෝචිතය. බිලියන 02කින් පිරිපහදුවක් සඳහා ආයෝජනය කළේ නම් අවුරුදු 06කින් එම මුදල පියවා ගැනීමට පුළුවන.
සපුගස්කන්ද තෙල් ටැංකි හා පිරිපහදුවට L.T.T.E ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව එවකට බලශක්ති අමාත්‍ය අනුරුද්ධ රත්වත්ත මහතා විසින් මුතුරාජවෙල ටැංකි ඉදිකරන ලදී. L.T.T.E ප්‍රහාරය නොවන්නට එයද ඉදිනොවන්නට ඉඩ තිබිණි.
පෙට්‍රල් හිඟය නිසා හොඳට ගියේය. හදිසි ඩීසල් හිඟයක් ඇතිවූයේ නම් අබ සරණය. මන්දයත් එවිට ජනතා ප්‍රවාහන සේවාවන් බිඳ වැටේ. විදුලිය නිපදවනු ලබන්නේ වැඩිපුර දැන් ඩීසල්වලිනි. මහ ලොකුවට බලශක්තිය ගැන කතා කරන අප සිටින තත්ත්වය කුමක්දැයි දැන් ඔබට වැටහෙනු ඇත.
ආණ්ඩුව මූලිකව කළ යුත්තේ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ඒවා ආරක්ෂා කර ගැනීමට හා ජනතාව අපහසුතාව කට ලක් නොවන පරිදි අත්‍යවශ්‍ය සේවාවන් ලබාදීමට ධරණීය ලෙස දායක වීමයි.
යහපාලන ආණ්ඩුව පත්වී දැන් අවුරුදු 02කි. මිනිසුන්ට දැනෙන වැඩක් ලෙස අවංකවම සිදුවුයේ තෙල් හා ගෑස් මිල අඩු වීමත්, ඖෂධ 48ක මිල අඩු කිරීමත්ම පමණි. හොරු අල්ලනවා කියමින් දැනටමත් අවුරුදු 02ක් ඉක්ම ගොසිණි. ජනතාවට මෙය අසා එපා වී ඇත.
දැන් ආණ්ඩුව වැඩ පෙන්විය යුත්තේ වැඩ කරලා මිස බොරු ෂෝ පෙන්වා නොවේය. විශේෂයෙන්ම කළ යුත්තේ ජීවන වියදම අඩු කිරීම සහ දිනෙන් දින මතුවන තෙල් අර්බුදයට විසඳුම් සෙවීමයි.
සිරිසේන ජනාධිපතිවරයාටත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාටත් රටට වැඩක් කරන්නට ඕනෑ බව ඔවුන්ගේ කතාවලින් පෙනේ. මාධ්‍යට කතා දමා වැඩක් නැත. කතා පැත්තකින් තියා වැඩ පෙන්වන්නට කාලය පැමිණ ඇත.
මුලින්ම සුද්දා දීලා ගිය තෙල් ටැංකි ටික නැවත ලබාගෙන ආරක්ෂිත තොග පවත්වාගෙන යාම කළ යුතුය. තවද පිරිපහදුවක අවශ්‍යතාවක් ඇතිව තිබේ.
මීට අවුරුදු 10කට පෙර ශ්‍රී ලංකාවේ පෙට්‍රල් පරිභෝජනය දිනකට 1000mt විය. දැන් එය 3000mt දක්වා වැඩි වී ඇත. මේ පෙට්‍රල් පමණකි. එබැවින් නව පිරිපහදුවක අවශ්‍යතාව පැහැදිලිව පෙනේ. මහා ලොකුවට බලශක්තිය ගැන කතා කළත් අඩුම ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යෑමට නොහැකි නම් එය හාස්‍යයට කරුණකි. %ඛනිජ තෙල් නීතිගත සංස්ථාව^ ආණ්ඩුව විසින් නෛත්රිකව ජනතාවට ඉන්ධන සැපයීමට බැඳී සිටියි.
ඉන්දියන් ඔයිල් සමාගම කරන්නේ ව්‍යාපාරයක් පමණි. බලශක්තිය යනු රට තුළ ඇති ආණ්ඩුවේ වගකීමකි. එබැවින් කළයුත්තේ අපේ රටේ සම්පත් නිසි පරිදි කළමනාකරණය කිරීමත්, රටේ සංරක්ෂිත තොග පවත්වාගෙන යාමත් බලශක්ති හා එහි ප්‍රභවයන් වෙනුවෙන් නිසි කළමණාකරණ ප්‍රතිශක්ති රාමුවක් සකස් කොට ක්‍රියාත්මක කිරීමත්ය.