ටිබෙටය යනු ලක්ෂ තුනකට ආසන්න ජනතාවක් වාසය කරන වර්ග කිලෝමීටර දොළොස් ලක්ෂයක පමණ භූමි ප්රදේශයකි. ටිබේටය තවමත් තාක්ෂණික දියුණුවක් ලැබූ ප්‍රදේශයක් වශයෙන් හඳුනා නොගැනේ. එහෙත්, එය ලෝකයේම ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. ඒ අන් කිසිවක් නිසා නොව මහායානික බුදුදහම හේතුවෙනි.
ටිබෙට් ජන ජීවිතය අතිවිශාල වශයෙන් ආගමික පසුබිමකින් යුක්ත වන අතර, 1950 දශකය පමණ වනතෙක් එහි පිරිමින්ගෙන් සියයට 20කට වැඩි පිරිසක් බෞද්ධ භික්ෂූන් බවට පත්ව සිටි බව ඓතිහාසික වාර්තා පෙන්වා දෙයි. ලෝකයේ වහලය %Roof of World^ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ටිබෙටය ඉතා සාමකාමී කලාපයක් වශයෙන් පෙන්වා දීමට පුළුවන.
ප්‍රමාණයෙන් මෙතරම් කුඩා, නූතන තාක්ෂණය අතින් නොදියුණු, ළඟා වීමට අපහසු මෙම භූමි ප්‍රදේශය විවිධ යුගවලදී අවධානයට පාත්‍ර වූයේ, මන්ද යන්න සොයා බැලීම ඉතා වැදගත් වේ. ඇතැම් විට එම සොයා බැලීම ලෝකය පිළිබඳ නව මානයක් හෙළි කිරීමට හේතු වන්නකි. මවිසින් ගොඩනගනු ලබන උපන්‍යාසය වන්නේ නූතන බටහිර විද්‍යාවේත්, දර්ශනයෙත් මූල් බීජය ඇත්තේ ටිබෙටයේ බවයි.
නිව්ටෝනියානු විද්‍යාවත් ඉන් පෙර පැවැති බටහිර විද්‍යාවත් ගත් විට අණුකවාදයටත් %Atomism^ පදනම්වාදයටත් %Foundationalism^ නතු වූවක් බව පෙනී යයි. පසුකාලීනව ඇල්බට් අයින්ස්ටයින් වැනි විද්‍යාඥයන් විසින් මෙම පදනම්වාදය බිඳදමමින් ලෝකයේ ස්වභාවය සම්බන්ධයෙන් නිශ්චිත අර්ථයක් ලබාදිය නොහැකි බව පෙන්වා දෙන ලදී. අයින්ස්ටයින් සිය න්‍යායන් ගොඩනැගීමට ආගමික අදහස් උදහස් බලපෑ බව ප්‍රසිද්ධියේ පිළිගෙන ඇත.
අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයත්, ඉපැරණි බෞද්ධ දාර්ශනිකයෙකු වන නාගාර්ජුනයන්ගේ සාපේක්ෂතාවාදයත් අතර ඉතා සමීප සම්බන්ධයක් පවතී. ලෝකය සම්බන්ධයෙන් ඇති පදනම්වාදී විග්‍රහය ඔවුන් දෙදෙනා අතින්ම බිඳවැටේ. අයින්ස්ටයින් 20 වැනි සියවසේ ජීවත් වූවෙකු වුවද, නාගාර්ජුනයන් අයත් වන්නේ ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසට පමණය. නාගාර්ජුනයන්ගේ ඉගැන්වීම් ටිබෙටය තුළ අතිශයින් ප්රකටව පැවැති අතර, එක්තරා යුගයකදී මෙම දර්ශනයන් බටහිර සමග සම්බන්ධ විය. ඒ ටිබෙටයට වරින්වර පැමිණි දේශාටකයන් නිසාය. මෙසේ වෙන්ව පැවැති සම්ප්‍රදායන් දෙකක් එක්කිරීම ගැන ජේසුයිට් නිකායේ පූජකවරුන් වෙත විශේෂ ස්තුතියක් පළවිය යුතුය.
ටිබෙටයේ මුලින්ම සංචාරයක නිරත වූ ජේසුයිට් නිකායික පූජකවරුන් වශයෙන් Antóniode Andrade සහ Manuel Marques පෙන්වා දීමට පුළුවන. ඒ 1624 වසරේදීය. ඊට පසු IppolitoDesideri නම් ඉතාලි ජාතික ජේසුයිට් නිකායික පූජකතුමා 1712 වසරේදී ටිබෙටයේ සංචාරය කළේය. එතුමා එහි නැවැතී සිට ටිබෙට් භාෂාව ඉගෙන ගනිමින් කිතුනු දර්ශනය ටිබෙටයේ රජුටත්, ටිබෙටයේ දර්ශනය බටහිර ලෝකයටත් ගෙන ඒමට කටයුතු කළේය. එතුමා ටිබේටයේ මුල්බැස ගෙන තිබූ ශුන්‍යතා දර්ශනය පිළිබඳ බටහිර ලෝකයට මුලින්ම හඳුන්වා දුන්නේය. ශුන්‍යතා දර්ශනයේ ඇති දාර්ශනික පසුබිම අද වන විට අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේද, පශ්චාත් නූතන දර්ශනයේද එක ලෙස දැකගැනීමට ලැබේ.
මහාචාර්ය ඇලිසන් ගෝප්නික් සිය පර්යේෂණ මගින් පෙන්වා දුන් පරිදි, බෞද්ධ දාර්ශනික හරය අයින්ස්ටයින්, ෂාක් ඩෙරීඩා වැනි දාර්ශනිකයන්ගේ පමණක් නොව ඩේවිඩ් හියුම්, මාර්ටින් හියිඩෙගර්, ආතර් ෂෝපන්හවර් ලූඩ්විග් විග්න්ස්ටයින් ආදීන් තුළද දැකගැනීමට ලැබේ. ප්‍රංශයේ බුදුදහම දැන සිටි ජේසුයිට් නිකායික පූජකවරුන්ගේ ආභාසය 1711-1776 කාලයේ ජීවත් වූ ඩේවිඩ් හියුම්ට බොහෝ සේ ලැබුණු බවද ගෝප්නික් මහාචාර්යවරිය පෙන්වා දෙයි.