හම්බන්තොට ඉදිකිරීමට යෝජිත ග්‍රීන් ෆීල්ඩ් තෙල් පිරිපහදුව සම්බන්ධව ඕමාන් තෙල් සමාගම සහ ඕමාන් ඔයිල් රිෆයිනරීස් සහ පෙට්‍රෝලියම් සමාගම සමග ඇති කරගත හැකි උපායමාර්ගික සම්බන්ධතා ක්‍රමවේද පිළිබඳ ඕමානයේදී සාකච්ඡා පවත්වා තිබේ.
අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රිෂාඩ් බදියුදීන් සහ ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල යාපා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් ඕමානයේ ඛණිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍ය ආචාර්ය මොහොමඩ් අල් රූමි, ඕමාන් තෙල් සමාගම සහ ඕමන් ඔයිල් රිෆයිනරීස් හා පෙට්‍රෝලියම් සමාගමේ නිලධාරීන් හමුවේ මෙම සාකච්ඡා පවත්වා තිබේ.
ආයෝජකයෙකු මෙන්ම, උපයා මාර්ග හවුල්කරුවෙකු ලෙස සිල්වර් පාර්ක් සමාම හා එක්ව බොරතෙල් සහ ස්වභාවික වායු සංවර්ධන සංකීර්ණයක් දක්වා මෙම පිරිපහදුව ව්‍යාප්ත කිරීම සම්බන්ධව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා පවත්වා ඇත.
ඕමාන් ඛණිජ තෙල් පිරිපහදුව සහ පෙට්‍රෝලියම් සමාගම ඕමානයේ සෝහාර් හි ඉදිකරමින් පවතින බොරතෙල් සහ ස්වභාවික වායු සංවර්ධන සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නියුතු වීමටද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අවස්ථාව ලැබී තිබේ.
මෙම අවස්ථාවේදී ඕමානයේ ඛණිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යවරයා මෙරට ඛණිජ තෙල් පිරිපහදු ව්‍යාපාරය ඇති කිරීමේ උනන්දුව නැවත අවධාරණය කළ බවත්, මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ඒකාබද්ධ කාර්ය සාධක බලකායක් පිහිටුවීමටද යෝජනා වූ බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.