යහපාලන සමයේදී ඇතැම් දේශපාලන හිතවතුන් ප්රධාන රාජ්ය බැංකුවලින් ණය ලබාගෙන සැලසුම්සහගත ලෙස ඒවා පැහැර හැර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇතැයි යහපාලන සමයේදී රාජ්ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදුකර ඇති අක්රමිකතා පිළිබඳ සොයා බැලීම සඳහා අග්රාමාත්යවරයා විසින් පත් කළ කමිටුව පවසයි.
ඇතැම් පුද්ගලයන් රජයට අයත් සියලුම බැංකුවලට ගොස් ණය අයදුම් කර ඇති අතර, ඒවා ඉතා කඩිනමින් නියමිත ක්රමවේදයෙන් තොරව අනුමත කරවාගෙන ගැනීම, නිසි පරිදි දේපොළ ඇපයට නොතබා ණය ගැනීම ආදී පැමිණිලි රැසක්ද ඒ අතර වෙයි.
මීට අමතරව රාජ්ය බැංකුවලට අයත් ඇතැම් දේපොළ අත්තනෝමතික ලෙස විකුණා දැමීම පිළිබඳ පැමිණිලිද ලැබී ඇති බව එම කමිටුව කියා සිටියි. අදාළ පැමිණිලි භාර ගැනීම සඳහා ලබා දී තිබූ කාලය තුළ අදාළ බැංකු මගින්, ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති මගින් සහ මහජනතාව විසින් පැමිණිලි 200කට අධික ප්රමාණයක් කමිටුව වෙත භාර දී තිබේ.