ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් තැන්පතු ගෙවීම් ආරම්භ කෙරෙයි
- 10 07 2018
- 16:55
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසසර් පී.එල්.සී ආයතනයේ මුළු තැන්පතු වගකීම්වලින් 10%ක් තැන්පත්කරුවන් වෙත ගෙවීම සඳහා ශ්රී ලංකා මහ බැංකුව එම ආයතනය වෙත උපදෙස් ලබාදී තිබේ.
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව මෙම උපදෙස් ලබාදී ඇත.
මෙම ගෙවීම 2018 ජූලි 10 වැනි දින (අද) ආරම්භ කෙරී ඇති බවත්, මෙම ගෙවීම් සැලැස්ම පිළිබඳ විස්තර තැන්පත්කරුවන් වෙත ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී අයාතනය විසින් ඉක්මණින් දැනුම් දෙනු ඇති බවත් ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
