කොවිඩ්-19 සමග සටන් කරන කාලයේ මතුව ඇති සීමාවන් මගහරවා ගැනීමට රක්ෂණ වාරික ගෙවීමේ විකල්ප සහ හිමිකම් ගෙවීමේ පහසුකම් හඳුන්වා දී තිබේ.
කොවිඩ්-19 වසංගත තත්ත්වය පැතිරයෑම වලක්වමින් තම, තමන්ගේ පවුලේ සාමාජිකයන් සහ ප්‍රජාව ආරක්ෂා කිරීමට නිවස්වල රැඳී සිටින සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා සමාගම විසින් බහුවිධ අන්තර්ජාල ගෙවීම් සේවා සහ සන්නිවේදන විකල්ප මෙන්ම, රක්ෂණ හිමිකම් ගෙවීම සඳහා පහසුකම් සැලසීමට කටයුතු කර තිබේ.
මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා සඳහන් කරන්නේ වර්තමාන ඇඳිරි නීති කාලසීමාව තුළ සහ ස්වයං නිරෝධායනයට ලක්වී සිටින කාල සීමාව තුළ රක්ෂණ ඔප්පුවල වාරික ගෙවීම් අතපසුවීම වැළැක්වීම සඳහා සමාගම විසින් අන්තර්ජාලය පදනම් කරගත්, ජංගම දුරකතනය පදනම් කරගත් සහ ඇප් පහසුකම් පදනම් කරගත් ගෙවීමේ විකල්ප සක්‍රීය කර තිබෙන බවයි. මීට අමතරව, ගනුදෙනුකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය සහ සමාජ මධ්‍ය පිටු මේ වනවිට සක්‍රීය කර තිබෙන බවද සමාගම සඳහන් කරයි.