කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට වසාදමා තිබෙන කාල පරිච්ඡේදයේදී පවා ගෙදරින් පිටතට නොගොස් අන්තර්ජාලය තුළින් ඉතාමත් පහසුවෙන් ජීවිත රක්ෂණ සැලසුම් සහ විශ්‍රාම සැලසුම් ලබාගැනීමේ අවස්ථාව සෙලින්කෝ ලයිෆ් සමාගම ලබාදී තිබේ.
සමාගමේ වෙබ් අඩවිය මගින් ගෙවා ඉතාමත් පහසුවෙන් මිලදීගත හැකි අන්තර්ජාල ජීවිත රක්ෂණ සහ විශ්‍රාමික සැලසුම් හඳුන්වාදී තිබෙන අතර, මෙය නම් කර තිබෙන්නේ Contactless Life Insurance නමිනි.
සෙලින්කෝ ලයිෆ් අන්තර්ජාල ජීවිත රක්ෂණ සැලසුමට හදිසි අනතුරු මරණ ප්රතිලාභ සහ දරුණු රෝගාබාධ 36ක් සඳහා ආවරණයක් ඇතුළත් කර තිබෙන අතර, මෙය සමාගම විසින් ලබාදෙන සාමාන්‍ය හදිසි රෝගාබාධ ආවරණයටම සමාන බව කියයි. www.ceylincolife.com පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.