ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට, මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63ක භූමිභාගයක ඉදිවන ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගම් කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු 2021 ජූනි මාසයේදී ආරම්භ වීමට නියමිත බව පවසයි.
මෙහි මුල් අදියරේ ආයෝජනය ඇ.ඩො.මිලියන 70ක් වන අතර, එහි නිෂ්පාදන ධාරිතාව වසරකට මෙ.ටො.මිලියන 2.4ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. දෙවැනි අදියරේදී තවත් ඇ.ඩො.මිලියන 10ක ආයෝජනයක් සමග නිෂ්පාදන ධාරිතාව තවත් මෙ.ටො.මිලියන 1.2කින් ඉහළ නැංවෙනු ඇත. අතිනවීන යුරෝපීය තාක්ෂය භාවිත වන මෙහි සියලුම මිශ්‍ර කිරීමේ කටයුතු Gebr Pfeiffer යන්ත්‍ර භාවිතයෙන්ද, නිෂ්පාදන ක්‍රියාවලියේ සෙසු බොහෝ යන්ත්‍රෝපකරණ ලෝ ප්‍රකට Siemens සමාගම මගින් විශේෂයෙන් සැලසුම් කර ඇත. ඇසුරුම්කරණය කාර්යක්ෂම කිරීමටත්, අපතේයාම් අවම කිරීමටත් අතිනවීන FLSmidth තාක්ෂණය භාවිත වේ.
වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන මහත්වරුන් පසුගිය සතියේ එම කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර, නව කර්මාන්තශාලාව පිළිබඳ අදහස් දැක්වූ ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා, "මේ කර්මාන්තශාලාව මගින් උසස්ම තත්ත්වයේ නිෂ්පාදන ලබාගත හැකිවීම ඉදිකිරීම් කර්මාන්තයට බෙහෙවින් වාසිදායක වේවි. මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළ උපරිම නිෂ්පාදන හැකියාවක් සඳහා නවීනතම යුරෝපීය තාක්ෂණය භාවිත කරන අතරම, පරිසර හිතකාමීත්වය වෙනුවෙන් අඛණ්ඩ නිරීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කෙරෙන එකම කර්මාන්තශාලාව බවටත් මෙය පත්වේවි" යැයි පවසා සිටියේය.
භාණ්ඩ ප්‍රවාහන නෞකා 3 කට සමාන ගබඩා පහසුකම් මෙම කර්මාන්තශාලාව සතු අතර, වරායේ සිට කර්මාන්තශාලාව දක්වා අමුද්‍රව්‍ය ප්‍රවාහනයට කි.මී.2.4ක දිගින් යුතු 'කන්වේයර් බෙල්ට්' එකක්ද යොදා ඇත. නිෂ්පාදන කටයුතු ආරම්භ වූ පසු, කොළඹ වරාය නගරය සහ අධිවේගී මාර්ග ඇතුළුව සියලුම ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය සිමෙන්ති සැපයීමට ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව අපේක්ෂා කරයි. සාමාන්‍ය පෝර්ට්ලන්ඩ් සිමෙන්ති,පෝර්ට්ලන්ඩ් ස්ලැග් සිමෙන්ති සහ පෝර්ට්ලන්ඩ් හුණුගල් සිමෙන්ති ඇතුළුව 'බ්ලෙන්ඩඩ් සිමෙන්ති' නිෂ්පාදන සියල්ලම පාහේ මෙහි නිෂ්පාදනය වනු ඇත.
ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගම යනු සිලෝන් ස්ටීල් කෝපරේෂන් සමාගමේ සහෝදර සමාගමකි. ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි ප්රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු වන ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Onyx Group, ඩුබායි හි Marriot Al Jadaf හෝටලය, Marangoni Industrial Tyres Lanka (පුද්.) සමාගම යන සමාගම්වල මෙන්ම, 2021 ජනවාරි මාසයේදී ඉදිකිරීම් අවසන් වීමට නියමිත හොරණ Rigid Tyre Corporation (පුද්.) සමාගමේද ප්රධානියාය.