දැනට ක්‍රියාත්මකව පවතින සිනමාශාලා නවීන තාක්ෂණයෙන් සමන්විත කිරීම හා උසස් සිනමා කර්මාන්තයක් ඇති කිරීම සඳහා අවශ්‍යකරණ යටිතල පහසුකම්වලින් වැඩිදියුණු කිරීම සඳහා එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා සහන ණය ලබාදීමට යෝජනා වී තිබේ.
මේ වනවිට යම් පසුබෑමකට ලක්ව සිටින සිනමා කර්මාන්තය උසස් රසවින්දනයකින් යුතුව, නැවත නඟාසිටුවීම සඳහා රජයේ මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බව හඳුනා ගනිමින් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඒ අනුව, වැසී ගිය සිනමාශාලා නූතන සිනමා කර්මාන්තයට සරිලන ගුණත්වයෙන් යුතුව යළි ස්ථාපිත කිරීම සහ නව සිනමාහල් ආරම්භ කිරීම සඳහා සිනමාහල් හිමියන් අභිප්‍රේරණය කිරීමට මෙමගින් බලාපොරොත්තු වෙයි.