ලෝක වෙළෙඳ පොළෙහි පවත්නා අධික සැපයුම හේතුවෙන් මෙරටට සීනි ආයනය කිරීමේදී එහි පිරිවැය මේ වනවිට කිලෝ ග්‍රෑමයකට රු.52 දක්වා අඩුවී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාව, තායිලන්තය හා බ්‍රසීලය වැනි රටවල අධික අස්වැන්න හේතුවෙන් සීනි සැපයුම මේ වනවිට වැඩිවී ඇති බවත්, 2018 සැප්තැම්බර් දක්වා මෙරටට ආනයනය කළ සීනි කිලෝ ග්‍රෑමයක මිල වූයේ රු.63ක් පමණක් බවත් අමාත්‍යාංශය පවසයි.
එහෙත්, එය ක්‍රමයෙන් අඩුවී අද වනවිට සීනි කිලෝ ග්‍රෑමයක ආනයනික පිරිවැය රු.52ක් දක්වා පහළ ගොස් ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි පරිභෝජනය මෙට්‍රික්ටොන් ලක්ෂ 6ක් පමණ වන අතර, ඉන් මෙට්‍රික්ටොන් 50,000ක් පමණ දේශීය වෙළෙඳ පොළෙන් සපයා ගනී.