සංචරණ සීමා සමග මෙරට පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් අද (07දා) සිට සතියක කාලයක් පුරාවට සාමාන්‍ය බැංකු සේවා සඳහා තම සියලුම ශාඛා වසා තබන බව දැනුම් දී තිබේ.
ඔවුන් නිකුත් කර ඇති නිවේදනයන්හි දැක්වෙන්නේ රටේ පවතින සංචරණ සීමාවන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. එසේම පාරිභෝගික බැංකු සේවා සඳහා සිය ඩිජිටල් ප්රවේශයන් වෙත පිවිසෙන ලෙසද එම බැංකු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.
කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, යූනියන් බැංකුව සහ අමානා බැංකුව මෙලෙස සතිය පුරාවටම සිය ශාඛා ජාලය වසා තබන බට දැනුම් දී ඇති අතර, හැටන් නැෂනල් බැංකුව හෙට සහ අනිද්දා දිනයන් හි සිය ශාඛා වසා තබන බව දැනුම් දී තිබේ.