පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමග බිඳ වැටුණු මෙරට සංචාරක ව්‍යාපාරය, හෝටල් ක්ෂේත්රය ඇතුළු අනෙකුත් ව්‍යාපාර අංශ යළි නඟා සිටුවමින්, යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය පුළුල් වගකීමකින් කටයුතු කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ අනුව, සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා ගතයුතු ඉදිරි පියවර සොයාබැලීමට කැබිනට් අනු කමිටුවක්ද අද (30දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී පත් කරන බව ජනාධිපතිවරයා කියයි.
එමෙන්ම, සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා සහනදායී ක්‍රම යටතේ මූල්‍ය පහසුකම් ලබාදීම ඇතුළු සහන සැලසීම පිළිබඳවද අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන බව ජනපතිවරයා සඳහන් කරයි.
හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (29දා) සංචාරක ව්‍යාපාරයට, හෝටල් සහ අනෙකුත් ව්‍යාපාරික ක්ෂේත්රයන්ට අයත් ව්‍යාපාරිකයන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකදීය.