2019 පෙබරවාරි මාසයේදී ඉතිහාසයේ මාසිකව වාර්තා වූ දෙවැනි ඉහළම සංචාරක පැමිණීම වාර්තා කරමින් 252,033ක් පැමිණ තිබේ.
එය පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව 7.0%ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, කැනඩාව යන රටවලින් පැමිණි සංචාරකයන් මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
එමෙන්ම, වසරේ මුල් මාස දෙක තුළ සංචාරක පැමිණීම් ප්‍රමාණය 496,272ක් වී ඇති අතර, එය 2018 අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂව 4.6%ක වර්ධනයකි.