සංචාරක ක්ෂේත්රයට සහන සැලසීම පිළිබඳ වූ යෝජනා කිහිපයක් අද (7දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ත්‍රස්ත ප්‍රහාරයත් සමග පසුබෑමට ලක්වූ මෙරට සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවීමට අදාළ සහන පිළිබඳ යෝජනා කිහිපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පිරිදි ඉදිරිපත් කරන බවද ඔවුන් කියයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වාණිජ මණ්ඩල සාමාජිකයන් අතර හමුවක් ඊයේ (6දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී මුදල් අමාත්‍යාංශ නියෝජිතයෝ මේ බව පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා, උප සභාපති විෂ් ගෝවින්දසාම්, අධ්යක්ෂ ජනරාල් ධාරා විජේතිලක යන මහත්ම මහත්මින් ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සහ සංචාරක ක්ෂේත්රයේ ව්‍යාපාරික ප්‍රජාව මීට එක්ව සිටියහ.